මහින්ද~මුස්ලිම්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද~මුස්ලිම්

    බෞද්ධ අපට වගේම මුස්ලිම් බැතිමතුන්ටත් අයිති වන්නේ මේ මාතෘ භූමිය පමණයි

    ගුරුතලාව මුස්ලිම් විදුහලේ මහින්දෝදය විද්‍යාගාරය සිසු අයිතියට පවරමින් ජනපති කියයි

    බුදුන් වහන්සේ ඉපදුණේ ඉන්දියාවේ වුවත් බෞද්ධ මම ඉන්දියානුවෙක් වෙන්නේ ‍නෑ.

    ඉස්ලාම් ආගම බිහිවුණේ සවුදි අරාබියේ. ඒනිසා ශ්‍රී ලංකා මුස්ලිම් ජාතිකයෝ අරාබියානුවන් වන්නේ නෑ

    අපි මවුබිමට ආදරය කරනවා වගේම ආගමික සිද්ධස්ථානවලටද ගරු බුහුමන් කළ යුතුයි

    මහින්ද අලුත්ගෙදර වැලිමඩ සිට ...

    බෞද්ධ ආගම අදහන තමාට මෙන්ම ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජාතිකයන්ට ද අයිති වන්නේ ලෝකයේ වෙනත් කිසිඳු රටක් නොව මේ මාතෘභූමිය පමණක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    බෞද්ධ ආගමේ නායක බුදු රජාණන් වහන්සේගේ උපත ඉන්දියාවේ හා ඉස්ලාම් ආගමේ නායක නබි නායක තුමාගේ උපත සෞදි අරාබියාවේ මැකා නගරයේ සිදුව තිබෙන බව සිහිපත් කරන ජනාධිපතිවරයා බෞද්ධ ආගමිකයකු වන තමා ඉන්දියානුවකු නොවන බවද ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජාතිකයන් සෞදි අරාබියානුවන් නොවන බවද ප්‍රකාශ කරයි.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ වැලිමඩ, ගුරුතලාව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. ශ්‍රී ලාංකේය අධ්‍යාපන ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කරමින් නිපුණතාවෙන් සපිරි දරු පරපුරක් නිර්මාණය කිරීම උදෙසා ක්‍රියාත්මක මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර වැඩසටහන යටතේ මෙය ඉදිකර තිබෙන අතර ජනප්‍රිය පාසල් කිහිපයකට පමණක් සීමාවී තිබූ විශේෂිත අධ්‍යාපන පහසුකම් රටේ සියලු දරුවන් වෙත ලබාදීමේ අරමුණින් එය ක්‍රියාත්මක වෙයි.

    සමරු ඵලකය නිරාවරණය කරමින් විද්‍යාගාර සිසු අයිතියට පවරා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒවායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලුවේය. විදුහල්පතිවරයා මෙන්ම ආචාර්ය මණ්ඩලය සමඟ ද සුහද කථා බහක නිරත වූ ජනාධිපතිවරයා රැස්ව සිටි මවුපියන් හා ප්‍රදේශවාසින් සමඟ ද කථා බහක නිරත විය.

    මෙහිදී වැඩිදුරටත් අඳහස් පළකළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මේ දරුවන් අවංකව ඉගෙනීම් කටයුතුවල නිරත වියයුතු බවත් මේ දරුවන්ට පාසල තුළදී ඉතිහාසය, සංස්කෘතිය ආදිය ඉගැන්විය යුතු බවත්ය. අපි අපේ මවුබිමට ආදරය කළයුතු බව පෙන්වාදුන් ඒ මහතා ආගමික ස්ථානවලට ද යායුතු බවත් මේ දරුවන් ද මැකා නගරයට එක් අවස්ථාවක් හෝ යායුතු බවත් කීවේය. දැන් අවස්ථා කිහිපයක දී මක්කම වන්දනා කිරීම සඳහා යාමට උත්සාහ කරන බව නේවාදුන් ජනාධිපතිවරයා ඒ අවස්ථාව තවත් මුස්ලිම් ජාතිකයෙකුට දෙන්නේ නම් ඉතා වැදගත් බවද ඉදිරියේ දී මක්කම යාම සඳහා අවස්ථාව ලබාදීම වෙනුවෙන් ආගමික කටයුතු අමාත්‍යාංශය වෙත වගකීම බාරදෙන බවද කීවේය. ඒ වෙනුවෙන් වැඩපිළිවෙල සකස් කරගෙන යන බවද එවිට සියලු දෙනාටම අවස්ථාව ලබාගැනීමට හැකිවන බවද ඒ මහතා පැවසීය.

    අධ්‍යාපනය ලබාගැනීම සෑම මුස්ලිම් ජාතිකයෙකුගේම වගකීමක් බවට නබි නායකතුමා සඳහන්කර ඇතැයි සිහිපත් කළ මහින්ද රාජපක්ෂ මහතා දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබාදීම දෙමාපියන්ගේ වගකීම බවද මේ විද්‍යාලය කොළඹ රාජකීය හෝ විශාඛා විද්‍යාලයට නොමැති අයුරින් සුපිරි පාසලක් බවට පත්ව තිබෙන බවද පෙන්වා දුන්නේය. එහි ප්‍රයෝජන ගනිමින් රටට පමණක් නොව ලොව දිනන මට්ටමට පැමිණිය යුතු බවද ප්‍රකාශ කළේය. මේ විද්‍යාලයේ ඉදිකළ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයට සමඟාමීව වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය, කැප්පෙටිපොල මහා විද්‍යාලය, ඌව පරණගම මහා විද්‍යාලය, අලගොල්ල දෙමල මහා විද්‍යාලය, අඹගස්දෝව ජනාධිපති මහා විද්‍යාලය යන විද්‍යාලයන්හි ඉදිකළ මහින්දෝදය විද්‍යාගාර ද සිසු අයිතියට පත් කෙරිණි. ශ්‍රී ලාංකේය අධ්‍යාපනයේ දැවැන්ත හැරවුම, මහින්දෝදය පාසල් දහස යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ නිර්මාණය කළ අංග සම්පූර්ණ ගණිතාගාරයකින්, පරිගණක 25 කින් සමන්විත භාෂාගාරයකින්, පරිගණක 40 කින් සමන්විත පරිගණකාගාරයකින් සහ නැණස දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයකින් ඒ සියල්ල සමන්විත වෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ පාසල් සිසුන්ට මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර පහසුකම පිරිනමන අතර එම එක් තාක්ෂණ විද්‍යාගාරයක් වෙනුවෙන් රජය වැයකරන මුදල රුපියල් ලක්ෂ 180කි.

    තොරතුරු තාක්ෂණ දැනුම ලබාදීම තුළින් නව ලොව ජයගත හැකි දරු පරපුරක් බිහි කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අරමුණ වී තිබෙන අතර එම දැනුම ග්‍රාමීය මට්ටමට ගෙන යාමට මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර ඉමහත් පිටිවහලක් වෙයි.

    ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ.එච්.එම් ෆවුසි, ඇමැතිවරුන් වන නවීන් දිසානායක, කුමාර වෙල්ගම, නියෝජ්‍ය ඇමැතිවරුන් වන ලසන්ත අලගියවන්න, අබ්දුල් කාදර්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


    http://www.dinamina.lk/2014/09/15/_art.asp?fn=n1409151

    හරිනේ. මම කිව්වේ මහින්ද චන්දෙට මුස්ලිම් වෙලා. මුස්ලිම් චන්දත් හිඟනවා. බලු කුක්කෝ ටිකට හම්බානක රිදෙයි.:rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් මොඩ කතාවක්,තව උස්සහ කරපන් මඩ ගහන්ඩ :P:P
    =
    -
    -

    fn8fwk.jpg


    කවුද මුස්ලිම් :confused::confused::confused:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං අනුර කුමාරගේ කතාවක් තියනවා මන් දැක්ක. එක සෙට් උනේ නැහැ හෙවුවට.
    පොර මුස්ලිම් පැත්තේ මිටින් එකක කියනවා.


    ඔබලා මුස්ලිම් කියල කිසිම ප්‍රශ්නයක් නැහැ.
    ඔබලා ඔබලගේ වැඩ කරන යන්න. හැබැයි ඔබලා ලංකාවේ මුස්ලිම් ජනතාව. ලංකාවෙන් හුස්ම ගන්නේ.
    ලංකවේ දේවල් පරිබෝජනය කරන මුස්ලිම් ජනතාව.
    ඒ නිසා අරාබි වත් පකිස්තන් මුස්ලිම් වත් වෙන්න හදන්න එපා. අරාබියට වත් පකිස්ත්නෙට වත් අවඩන්න යන්න එපා
    ලංකවේ විදියට ජිවත් වෙන්න.
    ලංකාවේ නිති ගොඩක් නැහැ හැමෝටම එක නීතියයි කියලා


    ජාතික සමගිය ගන කතා කරන ගමන් රිදෙන්න් අකියනවා වෙන රටවල් වලට කඩේ යන මුස්කිම් උන්ට
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලොල් මොඩ කතාවක්,තව උස්සහ කරපන් මඩ ගහන්ඩ :P:P
    =
    -
    -

    fn8fwk.jpg


    කවුද මුස්ලිම් :confused::confused::confused:

    රනිල් අවස්ථාවාදියෙක් තමයි
    රනික් එත් ඔහොම කියල නැහැ
    ඕක බත් බලයන්ගේ ගොතපු කතාවක්
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචං අනුර කුමාරගේ කතාවක් තියනවා මන් දැක්ක. එක සෙට් උනේ නැහැ හෙවුවට.
    පොර මුස්ලිම් පැත්තේ මිටින් එකක කියනවා.


    ඔබලා මුස්ලිම් කියල කිසිම ප්‍රශ්නයක් නැහැ.
    ඔබලා ඔබලගේ වැඩ කරන යන්න. හැබැයි ඔබලා ලංකාවේ මුස්ලිම් ජනතාව. ලංකාවෙන් හුස්ම ගන්නේ.
    ලංකවේ දේවල් පරිබෝජනය කරන මුස්ලිම් ජනතාව.
    ඒ නිසා අරාබි වත් පකිස්තන් මුස්ලිම් වත් වෙන්න හදන්න එපා. අරාබියට වත් පකිස්ත්නෙට වත් අවඩන්න යන්න එපා
    ලංකවේ විදියට ජිවත් වෙන්න.
    ලංකාවේ නිති ගොඩක් නැහැ හැමෝටම එක නීතියයි කියලා


    ජාතික සමගිය ගන කතා කරන ගමන් රිදෙන්න් අකියනවා වෙන රටවල් වලට කඩේ යන මුස්කිම් උන්ට

    ow eka thamai real leader kenekgen wenna ona :yes::yes:
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මචං අනුර කුමාරගේ කතාවක් තියනවා මන් දැක්ක. එක සෙට් උනේ නැහැ හෙවුවට.
    පොර මුස්ලිම් පැත්තේ මිටින් එකක කියනවා.


    ඔබලා මුස්ලිම් කියල කිසිම ප්‍රශ්නයක් නැහැ.
    ඔබලා ඔබලගේ වැඩ කරන යන්න. හැබැයි ඔබලා ලංකාවේ මුස්ලිම් ජනතාව. ලංකාවෙන් හුස්ම ගන්නේ.
    ලංකවේ දේවල් පරිබෝජනය කරන මුස්ලිම් ජනතාව.
    ඒ නිසා අරාබි වත් පකිස්තන් මුස්ලිම් වත් වෙන්න හදන්න එපා. අරාබියට වත් පකිස්ත්නෙට වත් අවඩන්න යන්න එපා
    ලංකවේ විදියට ජිවත් වෙන්න.
    ලංකාවේ නිති ගොඩක් නැහැ හැමෝටම එක නීතියයි කියලා


    ජාතික සමගිය ගන කතා කරන ගමන් රිදෙන්න් අකියනවා වෙන රටවල් වලට කඩේ යන මුස්කිම් උන්ට

    :yes::yes: ලෙසටම කියලා තියනවා
     

    Similar threads