මහින්ද මුහුණ දෙන අභියෝග

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මහින්ද මුහුණ දෙන අභියෝග






    මහින්ද මුහුණ දෙන අභියෝග පහක්

    Source
    එයට හේතුව මෙරට දේශපාලන කරළියේ විවාද සම්පන්න චරිතයක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නැවත දේශපාලන ආගමනයයි.

    විජයදාස රාජපක්ෂ හිටපු අධිකරණ අමාත්‍යවරයා ඉකුත්දා මාධ්‍ය හමුවකදී සඳහන් කලේ, හිටපු ජනාධිපතිවරයෙකු යලිත් පාර්ලිමේන්තු මැතිවරණයක අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙතැයි 1978 ව්‍යවස්ථාව නිර්මාණය කල නීති විශාරදයින් පවා විශ්වාස නොකල බවයි.

    ඔහුගේ විග්‍රහයට අනුව වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ කිසියම් විකෘති සහගත තත්වයකි.

    දැන් හිටපු ජනාධිපතිවරයා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා අත්සන් කොට මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වී ඇත.

    1. කකුල් කැඩී ගිය අශ්වයෙකු ලෙස :

     ‍ජනවාරි 08 වෙනිදා ජනාධිපතිවරණයෙන් පැහැදිලි පරාජයක් හිමි කර ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලේසියෙන් පරාජය බාර නොගන්නා පුද්ගලයෙකු බවට සනාථ කර ඇත.

    දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමකට ඔහුට කිසිදු ආකාරයකට උනන්දුවක් නොමැති බව ඉකුත් ජනවාරි 08 වෙනිදා පටන් ඔහු කටයුතු කළ ආකාරයෙන් පෙනී යයි.

    දශකයක පමණ රාජ්‍ය පාලනයක් මෙරට දියත් කල මහින්ද රාජපක්ෂ මෙවර මැතිවරණයකට ඉදිරිපත් වන්නේ කකුල් කැඩී ගිය අශ්වයෙකු ලෙස යැයි කෙනෙකුට උපකල්පනය කල හැක.

    එයට හේතුව ඔහු ඉකුත් මැතිවරණ සියල්ලටම ඉදිරිපත් වූයේ විධායක බලතල ඇතිවයි.

    මෙවර මැතිවරණය ඔහු එම බලතල නොමැතිව දීර්ඝ කාලයකට පසුව ඉදිරිපත් වන පළමු මැතිවරණයයි. මෙවර ඔහු මුහුණ දෙන අභියෝග රැසකි.

    2. හොරු කණ්ඩායමක් සමග :

    ඔහු ඉකුත් ජනාධිපතිවරණ සමයේ මුහුණ දුන් අභියෝග සහ මෙවර මැතිවරණයේ අභියෝග අතර ඒ හැටි වෙනසක් නොමැති බව බැලූ බැල්මට කිව හැකිය.

    ඔහු වටා සිටින පිරිස ඉකුත් ජනාධිපතිවරණ සමයේ සිටි පිරිසමය.

    ඔවුන් සම්බන්ධයෙන් සමාජයේ බරපතළ විවේචනයක් හා පිළිකුලක් තිබෙන බව සඳහන් කල හැකිය.

    දූෂණ , වංචා, අල්ලස් , හොරමැරකම් සම්බන්ධයෙන් එල්ලවූ විවේචන වලින් මහින්ද පාර්ශවය නිදොස් කොට නිදහස්ව නොමැති අලුයට ගිණි මෙන් ඒවා සම්බන්ධ විවේචන ලාංකීය සමාජය තුල දෝංකාර දෙමින් තිබේ.

     නාම යෝජනා දීමේදී දූෂණ චෝදනා වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වෙන හිටපු මන්ත්‍රීවරුන් 4 දෙනකුට නාම යෝජනා ලබා නොදීම වාසිදායක කරුණක් වුවත් එය සමස්තයක් ලෙස මෙම චෝදනාවලින් ගැලවීමට ඉඩ ප්‍රස්ථාවක් ලබා දෙයිද යන්න සැක සහිතයි.

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඔහුගේ බිරිඳට මෙන්ම දරුවන්ට සහෝදරයින් වන හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂට මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන අයට දූෂණ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා නව මුහුණුවරකින් මෙවර මැතිවරණ සමයේ ඉදිරිපත් වීමට ඇති ඉඩකඩ වැඩිය.

    පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී ඌව පළාත් සභා මහ ඇමති හරීන් ප්‍රනාන්දු සඳහන් කලේ වීඩියෝ සාක්ෂි සහිතව රාජපක්ෂ පවුලට එරෙහිව දූෂණ චෝදනා ඉදිරියේදී ජනතාව හමුවට රැගෙන යන බවයි.

    3. සුළු ජාතීන්ගේ සහය ?

    ජාතිවාදය අවුස්සා දේශපාලන වශයෙන් එහි වාසිය දඩමීමා කර ගනිමින් පාලනය තවදුරටත් දීර්ඝ කර ගැනීමට රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා උත්සාහ කල බවටද ප්‍රබල විවේචනයක් පවතී.

    ඒ හේතුව නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දුරස්ථව ලාංකීය බහුතර දමිළ සහ මුස්ලිම් ජනයාගේ සහ මධ්‍යස්ථ සිංහල ජනයාගේ සහාය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිලට ලබාගැනීම අසීරු වනු ඇත.

    හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා ලබා නොදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුල් අවස්තාවේදී විරෝධය දක්වුයෙත් මෙම සුළු ජාතික හා මධ්‍යස්ත සිංහල ජනයාගේ සහය ඔහු තරග කළහොත් සන්ධානයට අහිමිවන බව පවසමින්.

    4. යුද ජයග්‍රහණය නැවත ?

    මීට අමතරව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ට යුද ජයග්‍රහණය නැවත මැතිවරණයට තේමාවක් කර ගැනීම මෙවර මහා මැතිවරණයේදී පහසු කටයුත්තක් නොවනු ඇත.

    එක්සත් ජාතික පක්ෂ රජය යටතේ සෛවරීභාවය අනතුරට ලක්වන බවට මැතිවරණ සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය ගෙන යන සාම්ප්‍රදායික මතය දුර්මතයක් වීමට මෙවර ඇති ඉඩකඩ වැඩිය.

    ඊට හේතුව විධායක බලතල දරමින් රටේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය දරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වීමය.

    වත්මන් රජය යටතේ උතුරු සහ නැඟෙනහිර ප්‍රදේශ වල කිසිදු හමුදා කඳවුරක් ඉවත් නොකල බවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කල රුවන් විජයවර්ධන අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ නිකුත් කල අතර, ඒ ඉකුත් සමයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බෝධි පූජා උපයෝගී කරගනිමින් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සඳහන් කල කරුණු වලට ප්‍රතිචාර වශයෙනි.

    2009 වසරේ සිට 2014 වසර දක්වා කඳවුරු 59 ක් ඉවත් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ පාලන යුගයේ බව ඔහු පෙන්වා දී තිබේ. මේ නිසා ජාතික ආරක්ෂාව අනතුරේ යන්න සඳහන් කිරීම ද මහින්ද රාජපක්ෂට දුෂ්කර වනු ඇත.

    5. රාජ්‍ය මාධ්‍ය හා රාජ්‍ය දේපළ

    පසුගිය මැතිවරණ වල හිටපු ජනාධිපතිවරයා පැය 24 පුරා සහය දුන් රාජ්‍ය මාධ්‍ය කිසිවක සහයත් ඔහුට මෙවර නොමැතිවීම මෙවර මැතිවරණයේ තම පණිවිඩය ඉදිරියට ගෙන යාමට හිටපු ජනාධිපතිවරයා මුහුණ දෙන තවත් අභියෝගයකි.

    රාජ්‍ය නාළිකාවල මෙන්ම පුද්ගලික නාලිකාවල යම් ඉඩකඩක් හිමිවුවත් එය ජනාධිපතිවරයාව කටයුතු කළ කාලයේ ලැබුණු ආවරණයට වඩා විශාල වශයෙන් අඩුවනු ඇත.

    පසුගිය ජනාධිපතිවරනයේදී එක්සත් ජනතා නිදහස සන්ධානයට මැතිවරණ නිරීක්ෂකයන්ගෙන් එල්ල වූ ප්‍රධානතම චෝදනාව වන්නේ රාජ්‍ය දේපළ භාවිතයයි.

    මෙවර එම චෝදන්වට වලංගුතාවක් නැති වන්නේ දැන් ඔවුන් සිටින්නේ විපක්ෂයේ නිසායි.

    ශ්‍රී ලංගමයට පසුගිය ජනාධිපතිවරණයට ගෙවිය යුතු රුපියල් මිලියන 140 ක් හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ කණ්ඩායම ගෙවා නොමැති නිසා මෙවර එම සේවාවන් මුදලට පවා ඔවුනට ලැබෙනු සැක සහිතයි.

    රාජ්‍ය මාධ්‍යවලටද එලෙස විශාල මුදලක් ගෙවීමට ඇති නිසා ඔවුන්ද මුදල් ලබා ගෙන වුවද දැන්වීම් පල කිරීමට සුදානම් නොවනු ඇත.

    තම පක්ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිවරණ සමයේ ක්‍රියා කරන ආකාරය ගැනද පැහැදිලි නොවීම ඔහු මුහුණ දෙන තවත් බරපතළ අභියෝගයකි.

    මේ සියල්ල කළමනාකරණය කර ගැනීමට ඔහු සහ ඔහුගේ කණ්ඩායම යොදන උපයාන් අනුව මෙවර මැතිවරණයේ ප්‍රතිපල තීරණය වනු ඇත.

     

    (අසාම් අමීන් බීබීසී, කොළඹ)
    Posted on July 14, 2015Author
    Powered by Mogo Solutions (Pvt) Ltd






     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    රාජ්‍ය මාධ්‍යවලටද එලෙස විශාල මුදලක් ගෙවීමට ඇති නිසා ඔවුන්ද මුදල් ලබා ගෙන වුවද දැන්වීම් පල කිරීමට සුදානම් නොවනු ඇත.

    :lol::lol::lol::lol::lol:වරෙටම ඉවරයි මේ පාර මරා...

     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Asam amein :baffled: sinhala un godak dan harila inne muslim un banina nisamai MR ta :baffled:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,479
    113
    janadipathi waranedi hansayata apu chanda a widihatama me para unp ekata awath upfa dinanawa.mokada unp ekata sellam karanna venneth me para uthura atha arala. upfa ekata pahasu jayak thiyenawa..anika dina 100 kiyanne unp eke malagama vennath puluwan . mokada ranilta ravi neechama vela giyane dina 100 n
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    mahinda-rajapaksa-manifesto-2015.jpg
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    රාජ්‍ය මාධ්‍යවලටද එලෙස විශාල මුදලක් ගෙවීමට ඇති නිසා ඔවුන්ද මුදල් ලබා ගෙන වුවද දැන්වීම් පල කිරීමට සුදානම් නොවනු ඇත.

    :lol::lol::lol::lol::lol:වරෙටම ඉවරයි මේ පාර මරා...


    කුජීත වෙලා යයිද? මොනව වුනත් අපරාදෙ..:sorry:
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මේ එන්න කලින් ඉල්ලන ඒවා...

    එක්සත් ජනතා නිදහස් සන්ධනයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූන්ට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා ලබා දෙන ලෙස සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කමි‍ටුව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
    එමෙන්ම පාක්ෂිකයන් ප්‍රවාහනය සඳහා ලංගම බස් රථ ලබා දීමට කටයුතු කරන ලෙසද ඉල්ලා ඇත. හිටපු ජනාධිපතිවරයාට ලබා දී තිබෙන 250 කට ආසන්න ආරක්ෂකයන් හා කාර්ය මණ්ඩලය තව දුරටත් පුළුල් කරන ලෙස:eek::eek: එම ඉල්ලීම් අතර වෙයි. එසේම රාජපක්ෂ මහතාට මැතිවරණ කටයුතු සංවිධානය කිරීම සඳහා කොළඹින් හා කුරුණැගලින් විශේෂ නිවාස දෙකක් හා අනෙකුත් පළාත්වල ඇති ජනාධිපති මන්දිර වල නවාතැන් ගැනීමේ පහසුකම්ද අවශ්‍ය බවද ජනාධිපතිවරයාට දන්වා තිබේ.
    වත්මන් ආණ්ඩුවේ බලය එජාපය සතුව පවතින නිසා මෙම පහසුකම් ලබා ගැනීමේ අපහසුවක් ඇති බැවින් ජනාධිපතිවරයාට මේ සඳහා මැදිහත් වීමට සිදුවන බවද ඔවුන් අවධාරණය කර ඇත.

    http://www.infosrilankanews.com/2015/07/upfa_12.html