මහින්ද, මෛත්‍රී සහ මැන්ඩෙලා !!! (බන්දුල ජයසේන

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මහින්ද, මෛත්‍රී සහ මැන්ඩෙලා !!! (බන්දුල ජයසේන

    මහින්ද, මෛත්‍රී සහ මැන්ඩෙලා !!! (බන්දුල ජයසේන විසිනි)

    යම් කිසිවෙකුට තමා වෙනස් නොවී සමාජය කෙරෙහි බලපෑමක් ඇති කළ නොහැකි බව නෙල්සන් මැන්ඩෙලා වරක් ප්‍රකාශ කළේ, ලොව සාමය උදාකරලීම කෙරෙහි කැපවී ක්‍රියා කරන සියල්ලන් අවංක, සත්‍යගරුක මෙන්ම නිහතමානී අය බවද වැඩි දුරටත් සඳහන් කරමිනි.

    මේ සියවසේ සංකේතීය චරිතයක් විසින් දුන් ඉහත පණිවුඩ දෙක අතරින්, පළමුවැන්න - මා සිතන අයුරින්- සමාජයීය බලපෑම පිළිබඳ ගැඹුරු දාර්ශනික තර්කයක් සපයයි. යමෙක් සමාජය වෙනස් කිරීමට උත්සාහ කිරීමට පෙර ඔහු හෝ ඇය තමා වෙනස් වී සිටිය යුතු ය. මෛත්‍රී සති කිහිපයකට පෙර හරියටම සිදු කළේ එයයි. ඔහු වෙනස් වූයේ ය - දශක හතරක් තිස්සේ තමා අයත්ව සිටි කඳවුරෙන් පිටතට අඩිය තැබීමට සහ මුළුමණින් ම ප්‍රජාතන්ත්‍රවාදී වූ ක්‍රමවේදයන් ඔස්සේ, පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ අභියෝගය ජය ගැනීමට විපක්ෂ සමග අත්වැල් බැඳ ගැනීමට තීරණය කළේ ය.
    මෛත්‍රී බොහෝ අවස්ථාවල මැන්ඩෙලා සහ ගාන්ධි වැනි ශ්‍රේෂ්ඨ නායකයන් උපුටා දක්වමින් කථා කරනු අපි අසා ඇත්තෙමු. ඉන් අපට පසක් වන්නේ, එවැනි අද්විතීය චරිතයන් පිළිබඳ ඔහුගේ පෘථුල දැනුම, ඔහුගේ තරඟකරුවන්ගෙන් කැපී පෙනෙන ලෙස වෙනස්වන බවයි. පුරවැසියන් ලෙස අපි, දේශපාලන වේදිකාව මත එවන් වූ ගැඹුරු සාරගර්භ ප්‍රකාශ -විශේෂයෙන්ම, තියුණු තරඟකාරී පරිසරයක - අසන්නට ලැබීම ගැන සතුටු වන්නෙමු.

    මැන්ඩෙලා ඔහුගේ අනුගාමිකයන්ට ඉගැන්වූ බොහෝ දේශපාලන පාඩම් අතර වූ එක් සුවිශේෂී පණිවිඩයක් ශ්‍රී ලංකා දේශපාලන සන්දර්භයට හොඳින් ගැලපෙනු ඇත. එනම්, තමන්ගේ සමාජ-දේශපාලන සන්දර්භය තුළ මොනයම්ම හෝ දේශපාලනික සංකේතයක් වී සිටියද, ඔහු හෝ ඇය තමාගේ නික්මයාමේ මොහොත - ගෞරවාන්විතව සිය නිලය අත්හැරිය යුතු මොහොත දැන සිටිය යුතුය. අපගේ බොහෝ දේශපාලඥයන් බලයට ප්‍රවිශ්ට වීමේ ක්‍රීඩාවේ නිපුණයන් වන නමුත්, ඉන් නික්මයාමේ ක්‍රමෝපාය ගැන ඔවුන්ට අදහසක් නැති වීම, එම දේශපාලනඥයන්ට පමණක් නොව පොදුවේ මුළු රටටම බලපාන ඛේදවාචකයක් බවට පත්ව තිබේ. මැන්ඩෙලා ට ඉතා පහසුවෙන් දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුර කාලය දිගු කරගැනීමේ හැකියාව තිබිණි- එසේ කළා නම් ඔහුගේ ජනප්‍රියත්වය අනුව, ඔහුට වැඩි විරෝධයක් එල්ලවීමට ඉඩකඩක් තිබුණේද නැත. එහෙත් ඔහුගේ තීරණය ඊට වෙනස් විය. ඔහු කටුක අරගලයක් ඔස්සේ බලයට ප්‍රවිශ්ට වන ආකාරය ඉතා හොඳින් දැන සිටි අතර ඊටත් වඩා හොඳින් -පූර්ණ වශයෙන් තමා යටතේ වූ- බලය අතහරින කලාව දැන සිටියේය. මේ හෙයින්, මැන්ඩෙලා ජාතික මෙන්ම ජාත්‍යන්තර වීරයකු ලෙස මිය ගියේය.
    මිය යනතුරුම, බොහෝ පහසුවෙන් තම භාර්යාවන් හා දරුවන් සමග දකුණු අප්‍රිකාවේ අයිතිකරු ලෙස වැජඹීමට මැන්ඩෙලාට හැකියාව තිබිණි. ඔහු කිසිදා දකුණු අප්‍රිකානු ගෝත්‍රික රජු ලෙස කිරුළු නොපැළැඳි අතර කවදාවත් ජාතියේ ආඩම්බරකාර තාත්තා ලෙස ජාතිය ඇමැතුයේ නැත. ඒ වෙනුවට ඔහු තමාගේ ගේ සියලු දේශන කැප කළේ, ගැටුම් නිරාකරණය හා සංහිඳියාව වෙනුවෙනුත්, ජාතියක් ලෙස එක්සත් වීමට දකුණු අප්‍රිකානු කළු හා සුදු දෙජාතියෙන්ම ඉල්ලා සිටීමටත් ය. ඔහු සිය අසල්වැසි සිම්බාබ්වේ හි පාලක මුගාබේ මෙන්, සුළු ජන කොටස්වලට පහර දීමට විවිධ ජාතිකවාදී සංකේත යටතේ තිරෙන් පිටුපස මැරයන් යෙදවූයේ නැත. ඔහු පස් අවුරුදු ධුර කාලයකින් යුත් ජනාධිපති ධුරයේ එක් වරක් පමණක් රැඳී හුන් අතර, වරක් ලේ හැලුණු දකුණු අප්‍රිකාව සඳහා ශක්තිමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියක් එම කාලයේදී ස්ථාපිත කරගත හැකි වීමෙන් පසු 1999 දී විශ්‍රාම ගියේය.

    මහින්ද රාජපක්ෂට හෝ ඔහුගේ උපදේශකයින්ට මෙවන් ශ්‍රේෂ්ඨ සංකේතීය චරිත පිළිබඳව - ඔවුන් ජයග්‍රහණ ඉදිරියේ ක්‍රියා කළ ආකාරය පිළිබඳව - අවබෝධයක් තිබුණේ නම් මැන්ඩෙලා සහ එවන් අන් අයගෙන් බොහෝ පාඩම් උගත හැකිව තිබුණි. මහින්ද ගේ කතා ලියන ලේඛකයා ලියූ, 2009 මැයි මස කොටි සංවිධානය පරාජය කිරීමෙන් පසුව ජාතිය අමතා කළ සුවිශේෂී දේශනය බොහෝ දෝෂ සහගත විය. නමුත් යුද්ධයෙන් ඉක්බිතිව සිදු කර ඇති දේ පිළිබඳව ද එම ලේඛකයාට දොස් පැවරිය හැකිද?
    මෛත්‍රී ගේ උපායමාර්ගය දෙස බලන විට අපට අඩු ගණනේ ඔහු සතුව පිට වීමේ උපාය ඇති බව ලිඛිතවම දැකිය හැකිය. ඔහු දේශපාලන වේදිකාවේ අර්ථාන්විතව කතා කරන අතර, අවම වශයෙන් ඔහුගේ කතාවල ඇතුළත් උපුටනයන් හා අන්තර්ගතය තුළින් ගැඹුරක් හා දැනුමක් පිළිබිඹු වේ. ඔහු, මැන්ඩෙලා, ගාන්ධි, මාටින් ලූතර් කිං සහ වෙනත් එවැනි ශ්‍රේෂ්ඨ නායකයන් පිළිබඳව තම කියවීම් හරහා තම දේශපාලන ජීවිතය පොහොසත් කරගෙන ඇති බව සඳහන් කරයි. ඔහුගේ හැසිරීම ඔස්සේ අපට බොහෝ විට එවැනි පොහොසත් පුද්ගලකු දකින්නට හැකිවනු ඇත.

    එහෙත් මේ මොහොතේ අවශ්‍යතාවය වනුයේ එම වචන ක්‍රියාවට නැංවීම ය. අපේ දේශපාලකයන්ගේ ප්‍රමිතීන් සහ කටයුතු පිළිබඳ ප්‍රමාණවත් අත්දැකීම් අප විසින් ලබා ඇති බැවින්, අප ඔහු මුළුමණින් විශ්වාස නොකරන බව සැබෑ නමුත් හේතු දෙකක් නිසා ඔහු විශ්වාස කිරීමට අපට බල කෙරී ඇත. ඉන් එකක් නම් වත්මන් පාලන තන්ත්‍රයේ ඉවසුම් නොදෙන දුෂිත අවපාලන ප්‍රමිතීන් වන අතර දෙවැන්න වන්නේ අර්ථාන්විත වෙනසක් සඳහා සියලු පක්ෂ සමග එක්වීමට ඇති ඔහුගේ කැපවීම ය
    .


    විචාරයට ලක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයයි... කරුණාකර මඩ වලින් තොරව අදහස් දක්වන්න... :yes:

    ස්තුතිය එළ කොල්ලන්ට.... :)
     
    • Like
    Reactions: Sri_Sampath

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    තමන්ගේ සමාජ-දේශපාලන සන්දර්භය තුළ මොනයම්ම හෝ දේශපාලනික සංකේතයක් වී සිටියද, ඔහු හෝ ඇය තමාගේ නික්මයාමේ මොහොත - ගෞරවාන්විතව සිය නිලය අත්හැරිය යුතු මොහොත දැන සිටිය යුතුය.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඔහු කටුක අරගලයක් ඔස්සේ බලයට ප්‍රවිශ්ට වන ආකාරය ඉතා හොඳින් දැන සිටි අතර ඊටත් වඩා හොඳින් -පූර්ණ වශයෙන් තමා යටතේ වූ- බලය අතහරින කලාව දැන සිටියේය. මේ හෙයින්, මැන්ඩෙලා ජාතික මෙන්ම ජාත්‍යන්තර වීරයකු ලෙස මිය ගියේය.
    මිය යනතුරුම, බොහෝ පහසුවෙන් තම භාර්යාවන් හා දරුවන් සමග දකුණු අප්‍රිකාවේ අයිතිකරු ලෙස වැජඹීමට මැන්ඩෙලාට හැකියාව තිබිණි. ඔහු කිසිදා දකුණු අප්‍රිකානු ගෝත්‍රික රජු ලෙස කිරුළු නොපැළැඳි අතර කවදාවත් ජාතියේ ආඩම්බරකාර තාත්තා ලෙස ජාතිය ඇමැතුයේ නැත.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,947
    113
    canada
    my3 = Mandela

    We have a friend here from polonnaruwa. He explained the talents of my3's brothers (about hotels and rice business )

    :lol::lol:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,692
    5,537
    113
    Govt National List MP Achala Jagoda joins common opposition to support Maithripala Sirisena