මහින්ද-මෛත‍්‍රී එක් වෙන්නනම් තීරණාත්මක අ
මහින්ද-මෛත‍්‍රී එක් වෙන්නනම් තීරණාත්මක අවසන් කොන්දේසි 07ක්.. ඒකාබද්දයේ සියළු අත්සනින් යැවූ ලිපිය මෙන්න..
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරිමට නම් වහා ගත යුතු ක‍්‍රියාමාර්ග ගැන දන්වමින් ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් සියළු දෙනාගේ අත්සනින් යුතුව ලිපියක් යොමු කර ඇත.
වහාම එක්සත් ජාතික පක්‍ෂය සමග ගෙනයන හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීම, නව ව්‍යවස්ථා සම්බාන ක‍්‍රියාවලියෙන් ඉවත්වීම, බැදුම්කර හොරුන්ට දඩුවම් දී ඇතුළු තීරණාත්මත කොන්දේසි 07 ක් ඇතුලත් ලිපිය මෙහි දැක්වෙයි.
2017 නොවැම්බර් 02
ගරු දුමින්ද දිසානායක පා.ම
මහලේකම්,
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය,
අංක 301, ටී.බී.ජයා මාවත,
කොළඹ 10.
2017 ඔක්තෝබර් 19 දිනැති ලිපිය සම්බන්ධවයි
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් එළබෙන පළාත් පාලන ඡන්දයේදී අපගේ සහයෝගය පතමින් ඔබ අප වෙත 2017 ඔක්තෝබර් 19 වෙනිදා එවු ලිපිය සම්බන්ධවයි. එසේ එම ඡන්දය ජයග්‍රහණය කිරීම අපගේද අභිලාශය වේ. එසේ කිරීමට නම් අපි අපේ බිම් මට්ටමින් පාක්‍ෂිකයන්ගේ මෙන්ම මහජනතාවගේද විශ්වාසය දිනාගත යුතු වේ. අපගේ පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය සමඟ සන්ධාන ගතවී, එජාපයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජනතාවට ඒත්තුගන්වන තුරු එවැනි විශ්වාසයක් අපට රට තුළ ඇති කිරීමට නොහැක.
අප එළඹෙන පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට නම් එජාපය සමඟ මේ ඇතිකරගෙන තිබෙන සන්ධානයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිපත්ති හා සාරධර්මයන් වෙත නැවත යෑම අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ගයක් ලෙස අපි දකිමු. ඒ සඳහා පහත දැක්වෙන ක්‍රියාමර්ග ක්‍ෂණිකව ගත යුතු බව අප සියළු දෙනාගේම දැඩි විශ්වාසයයි. එක්සත් ජාතික පක්‍ෂය සමඟ කරන මේ හවුල් ආණ්ඩුවෙන් ශ්‍රිලනිපය වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඉවත්විය යුතුය. දැනට කිසිදු පාලනයකින් තොරව දිගින් දිගටම ඉහළ යන ජීවන වියදම පහත හෙළීමට පියවර ගත යුතුය.
ජාතික සම්පත් අන්සතු කිරීමේ නැතිනම් විදේශීයකරණය කිරීමේ ක්‍රියාවලියෙන් ශ්‍රීලනිපය මන්ත්‍රීවරු ඉවත් වී එයට එරෙහි විය යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාරධර්මවලට අනුකූලව අති පූජනීය සංඝරත්නයේ මතයට අපි ගරු කළ යුතුය. රට ෆෙඩරල් කරණයට හා අවසානයේදී බෙදී වෙන්වීමකට වුවද තුඩු දිය හැකි ආකාරයට රාජ්‍යයක් ව්‍යුහගත වෙනස් කරන ව්‍යවස්ථාව සම්පාදන ක්‍රියාවලියන් ශ්‍රිලනිපය වහාම ඉවත්විය යුතුය. දැනට ඉදිරිපත් වී ඇති සාක්‍ෂි මත බැඳුම්කර මඟඩිය තුළින් මහබැංකුව කොල්ල කෑ අයට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය ක්‍රියාමාර්ග වහාම ආරම්භ කළ යුතුය.
නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කර දිනපතාම පාහේ අද පුදුම ලෙස ශක්තිමත්ව සිටින පාතාල කල්ලි අතින් සිදුවන මනුෂ්‍ය ඝාතන රැල්ල නැවැත්වීමට වහාම පියවර ගත යුතුය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජය ගැනීමට නම් මේ පියවර සියල්ල වහාම ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස අපි සියලුදෙනා දකිමු. මේ කාරණා සමඟ ඔබ එකඟ වෙනු ඇතැයි අපි දැඩිලෙස විශ්වාස කරමු. එසේ නොවන්නේ නම් ඉදිරියේදී කුමන ක්‍රියාමාර්ගයක් ගත යුතු දැයි අපට අපේ පාක්‍ෂිකයන්ගෙන් හා ඡන්ද දායකයන්ගෙන් විමසා බැලීමට සිදුවනු ඇත.
ඔබ එවූ ලිපිය ලැබූ මන්ත්‍රීවරුන්ගෙන් කිහිප දෙනෙකු මේ අවස්ථාවේදී විදේශගත වී ඇති බැවින් ඔවුන් මෙම ලිපියට අත්සන් කර නැති වුවත් මේ ලිපියේ අන්තර්ගතයට ඔවුන්ගේ සම්පූර්ණ එකඟතාවය තිබෙන බව ඔවුන් අපට දන්වා ඇති බව මෙයින් දැනුම් දීමට කැමැත්තෙමු. මෙම ලිපියට අත්සන් තබා ඇති මන්ත්‍රීවරුන්ගේ නම් හා අත්සන් මෙම ලිපිය සමඟ අමුණා ඇත.