මහින්ද රාජපක්ෂ ඉතිහාස ගත වෙයි.

Sunimal.

Banned
Nov 5, 2011
56
10
0
මහින්ද රාජපක්ෂ ඉතිහාස ගත වෙයි.

mosque.jpg

මුස්ලිම් දේවස්ථානයක් විවෘත කළ ජනපති ලෝක ඉතිහාසයට

MR04112012M_1.jpg

ජයසිරි මුණසිංහ සහ ධනුෂ්ක ගොඩකුඹුර නුවරඑළිය සිට මුස්ලිම් නොවන රාජ්‍ය නායකයකු මුස්ලිම් දේවස්ථානක් විවෘත කරන්නට පැමිණි ප්‍රථම අවස්ථාව ශ්‍රී ලාංකේය පමණක් නොව ලෝක ඉතිහාසයේත් රන් අකුරින් සටහන් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නුවරඑළිය අල් කබීර් ජුම්මා ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයේ නව ගොඩනැඟිල්ල ඊයේ (11) ජනතා අයිතියට පවරා දුන්නේය.

සුන්දර නුවරඑළියේ වසන්ත සමය වඩාත් වර්ණවත් කරමින් වසර 110 ක අභිමානවත් ඉතිහාසයක් සමරන මේ දේවස්ථානය වෙත සපැමිණි ජනාධිපතිතුමා ඉස්ලාම් ආගමික නායකයෝ සහ බැතිමත්හු මහත් ආදරයෙන් හා හරසරින් පිළිගත්හ. හාවාඑළිය අරාබි විද්‍යාලයේ ඉම්රාන් ෆලීල් සිසුවා ජනාධිපතිතුමා වෙත බුලත් හුරුලු පිළිගැන් වූවේය. දේවස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම සනිටුහන් කරමින් ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කළේය. බේරුවල හිටපු නගරාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක දිවංගත එම්. එස්. එම්. ෆලීල් මහතාගේ ධන පරිත්‍යාගයෙන් මේ නව ගොඩනැගිල්ල විවෘත කර ඇත.
අනතුරුව දේවස්ථාන පරිශ්‍රයට ඇතුළු වූ ජනාධිපතිතුමා ඉස්ලාම් සම්ප්‍රදායානුකූලව අනෙකුත් මැතිඇමැතිවරුන් සමඟ බිම හිඳගෙන ගෞරවණීය උත්සව සභාවට එක්විය.
ඉස්ලාම් ආගමානුකූලව ක්‍රාත් ආගමික චාරිත්‍රය ඉටු කරන ලද්දේ හාවාඑළිය අරාබි විද්‍යාලයේ මොහොමඩ් උසාමා සිසුවා විසිනි. දේවස්ථානයේ දායක සභාවේ සභාපති, නාගරික මන්ත්‍රී අල්හාජ් ෆලීල් මහතා පිළිගැනීමේ කතාව පැවැත්වීය.
නිදහස් පලස්තීන රාජ්‍යයක් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සමුළුවේදී හඬ නැගූ එකම රාජ්‍ය නායකයා මෙන්ම ලොව සෑම මුස්ලිම් රටක් සමඟම සුහදව කටයුතු කරන නායකයකු වශයෙන් ද මුස්ලිම් ජනතාවගේ ගෞරවාදරයට පාත්‍රව සිටින ජනාධිපතිතුමාගේ අතින් මේ ගොඩනැගිල්ල විවෘත කරන්නට ලැබීම මහත් ආඩම්බරයට කරුණක් බව හෙතෙම පැවසීය.
යුද්ධය තුරන් කර රටට සාමය ගෙනවිත් සෑම ජන කොටසකටම සාමදානයෙන් ජීවත් වීමට ඉඩ සලසා දුන් ජනාධිපතිතුමා වෙත අල්ලා දෙවිඳුන්ගේ පිහිට පතමින් ආරාබි භාෂාවෙන් පිළිගැනීමේ ගීතය ගායනා කරන ලද්දේ හාවාඑළිය අරාබි විද්‍යාලයේ සිසුන් විසිනි. සමස්ත ලංකා ජම්අතුල් උලමා සංගමයේ සභාපති අස්ශේක් රිස්වි මුෆ්ති පූජකතුමන් සිය දේශනාවේදී සඳහන් කළේ සියලු ජාතීන් එක්ව කටයුතු කරමින් රට ගොඩනගන්නට ගන්නා උත්සාහයට ලෝකයේ සහයෝගය පළ විය යුතු බවයි.
සිංහල මෙන්ම ද්‍රවිඩ භාෂාවෙන් ද සිය අදහස් ඉදිරිපත් කළ ජනාධිපතිතුමාට ඉස්ලාම් බැතුමතුන්ගේ ප්‍රසාදය පළ කෙරිණ. ජනාධිපතිතුමා වෙත සමරු ඵලකයක් ද පිරිනැමුණු අතර දේවස්ථාන භූමියේ පැළයක් රෝපණය කරන්නටත් ජනාධිපතිතුමා එක්විය. දේවස්ථාන ගොඩනැගිල්ල විවෘත කරන්ට පෙරාතුරව ජනාධිපතිතුමා නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.
විහාරස්ථානය වෙත පැමිණ සිටි සැදැහැවතුන් සමඟ සුහද කතා බහක නියැළුණු ජනාධිපතිතුමා ඔවුන්ට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කළේය. ඇමැතිවරුන් වන සී. බී. රත්නායක, නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ. එච්. එම් අස්වර්, ජේ. ශ්‍රී රංගා, අල් කබීර් දේවස්ථානයේ දායක සභාවේ සභාපති, නාගරික මන්ත්‍රී අල්හාජ් ෆලීල් මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ
 
Last edited:

Sunimal.

Banned
Nov 5, 2011
56
10
0
මුස්ලිම් පල්ලියක් විවෘත කරන ලද ලෝකයේ එකම අන්‍යාගමික රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්ෂ ලෝක ඉතිහාසයට එක්වී ඇත. මෙය කිසිම රජ්‍ය නායකයෙක් විසින් නොකරන ලද විශිෂ්ඨ ක්‍රියාවකි.(ඔයාලගෙන් රෙප් බලාපොරොත්තු වෙනවා හොඳේ):)
 
  • Like
Reactions: mdrc111

Sunimal.

Banned
Nov 5, 2011
56
10
0
Mahinda Rajapaksa Janadipathi thumata Jaya Wewa :yes::yes::yes::yes:
ඔව් එතුමට මුස්ලිම් පල්ලියක් විවෘත කරන්න අවස්තාවක් දීම ගෙන අපි ලංකාවේ මුස්ලිම් ජනතාවට ස්තූති වන්ත වෙනවා. සිංහලයෙකුට මුස්ලිම් පල්ලියක් විවෘත කරන්න දුන්න එකෙන් පේනවා, ලංකාවේ මුස්ලිම් අය අන්තවාදි නෙවෙයි. ඒ අය සමගි සහ මිත්‍ර මුස්ලිම් ජනතාවක් කියලා.
:love::love::baffled:
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ඔව් එතුමට මුස්ලිම් පල්ලියක් විවෘත කරන්න අවස්තාවක් දීම ගෙන අපි ලංකාවේ මුස්ලිම් ජනතාවට ස්තූති වන්ත වෙනවා. සිංහලයෙකුට මුස්ලිම් පල්ලියක් විවෘත කරන්න දුන්න එකෙන් පේනවා, ලංකාවේ මුස්ලිම් අය අන්තවාදි නෙවෙයි. ඒ අය සමගි සහ මිත්‍ර මුස්ලිම් ජනතාවක් කියලා.
:love::love::baffled:

Sri%20Lanka%20Flag%20-%20Independence.jpg

JAYA SRI
11.gif
 
Sunimal.

Banned
Nov 5, 2011
56
10
0
මේ රට හම්බයන්ට විකුනපිය.. :growl::growl:
නිකන් ජාති බේද ඇති කරන්න එපා.මුස්ලිම් ජනතාව සිංහල අපිත් එක්ක සමගියෙන් වසර සිය ගානක් ජීවත් වුනා.ඒ අය අපිට හිතවත් මිත්‍ර ජන කොටසක්.
 
  • Like
Reactions: kpgunathilaka

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් එතුමට මුස්ලිම් පල්ලියක් විවෘත කරන්න අවස්තාවක් දීම ගෙන අපි ලංකාවේ මුස්ලිම් ජනතාවට ස්තූති වන්ත වෙනවා. සිංහලයෙකුට මුස්ලිම් පල්ලියක් විවෘත කරන්න දුන්න එකෙන් පේනවා, ලංකාවේ මුස්ලිම් අය අන්තවාදි නෙවෙයි. ඒ අය සමගි සහ මිත්‍ර මුස්ලිම් ජනතාවක් කියලා.
    :love::love::baffled:
    Paka Thamai Sunimal Paka Thamai

    ඔබටත් ඔබගේ පවුලේ අයටත් සාමය සතුට සෞභාග්‍යය පිරි සිතුම් පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වෙවා
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    ඔව් එතුමට මුස්ලිම් පල්ලියක් විවෘත කරන්න අවස්තාවක් දීම ගෙන අපි ලංකාවේ මුස්ලිම් ජනතාවට ස්තූති වන්ත වෙනවා. සිංහලයෙකුට මුස්ලිම් පල්ලියක් විවෘත කරන්න දුන්න එකෙන් පේනවා, ලංකාවේ මුස්ලිම් අය අන්තවාදි නෙවෙයි. ඒ අය සමගි සහ මිත්‍ර මුස්ලිම් ජනතාවක් කියලා.
    :love::love::baffled:

    මුස්ලිම් පල්ලියක් විවෘත කරන්න දුන්නෙ අන්තවාදි නැති හින්දද?එහෙනම් මුස්ලිම් කෙල්ලොත් සිංහල අයට බදින්න ඉඩ දෙන්න කියන්නකො.
     
    • Like
    Reactions: gkcnalaka

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    නිකන් ජාති බේද ඇති කරන්න එපා.මුස්ලිම් ජනතාව සිංහල අපිත් එක්ක සමගියෙන් වසර සිය ගානක් ජීවත් වුනා.ඒ අය අපිට හිතවත් මිත්‍ර ජන කොටසක්.
    :baffled::baffled:
    උඹ කියනකම් තමයි මමත් හිටියේ.
     
    Sunimal.

    Banned
    Nov 5, 2011
    56
    10
    0
    MR04112012M_1.jpg

    MR04112012M_2.jpg

    MR04112012M_3.jpg

    ඉතිහාස ගත වුන මුස්ලිම් පල්ලිය විවෘත කරන චායාරූප