මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වගේ කොන්දක්

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වගේ කොන්දක්

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වගේ කොන්දක් තිබෙන නායකයෙක් රටට අවශ්‍යයි
    - මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමි
    DSC_0350-495x328.jpg

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වගේ කොන්දක් ඇති අභීත නායකයෙක් මේ රටට අවශ්‍යයි. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය තව තවත් ශක්තිමත් කළ යුතුයි. වසර කීපයක් මේ විධායක ජනාධිපති ධුරය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේ රට ආසියාවේ ආශ්චර්ය කරන්න පුළුවන්' යැයි ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සන්ධානයේ සභාපති මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමියෝ කීහ.

    කඹුරුගමුවේ වජිරහිමියන් මේ අදහස් පළ කළේ ඊයේ (20) පෙරවරුවේදී කොළඹ මහජන පුස්තකාලයේ ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ. තහනම හදිසියේ ඉවත් කළේ මොකද කියල අපිට මහත් ගැටලුවක් තිබෙනවා. මේ තහනම ඉවත් කිරීම ශ්‍රී ලංකාවට පමණක් නොවේ මුළු ලෝකයටම තර්ජනයක්. ලෝකයේ බලවතුන් ත්‍රස්තවාදය ඉවත් කිරීමට නොයෙකුත් ක්‍රියාමාර්ග ගන්නා අතරේම සමහර රටවල ත්‍රස්තවාදී සංවිධානවල් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා සමහර රටවල ත්‍රස්තවාදී සංවිධාන වල තහනම ඉව්ත කරන්නේ ඇයිද කියලා අද ගැටලුවක් තිබෙනවා.

    රට විනාශ කරමින් ජීවිත දහස් ගණනක් විනාශ කරලා රට දෙකඩ කරන්න ගත්තු ක්‍රියාමාර්ගය අපි හෙළා දකිනවා. උතුරේ දකුණේ වගේම රට පුරාමත් මේ භීෂණය ඇති කරපු හැටි අමතක කරන්න බැහැ. ජනාධිපතිතුමාගේ අභීත නායකත්වය ත්‍රස්තවාදය මුළුමනින්ම ඉවත් කරපු නිසා අද රටින් බැහැරව ඩයස්පෝරාව නමින් සංවිධානය වෙමින් සිටින බව අමතක කරන්න නරකයි. විදේශ රටවල ජායා ආණ්ඩු පිහිටුවාගෙන තවදුරටත් තර්ජනය එල්ල කරමින් මේ රටේ ත්‍රස්තවාදය වර්ධනය කරන්න මේ අය කටයුතු කරමින් සිටිනවා.

    අද ජිනිවා මානව හිමිකම් කොමිසම ඉදිරියට ගිහිල්ලා මේ රට විනාශ කරන්නට විවිධ කුමන්ත්‍රණ සංවිධානය කරමින් සිටනිවා. රටක් වශයෙන් සලකා බලද්දී මේ අන්දමින් තීරණයක් ගැනීම මැතිවරණයට විශාල බලපෑමක් එල්ල වෙනවා.

    අපි මේ රටට ආදරය කරන ඒ වෙනුවෙන් කතා කරන අයයි. කාටත් බියෙන් සැකයෙන් තොරව ජීවත්වීමට හැකි වාතාවරණයක් තියෙද්දී මේවගේ දැඩි තීරණයක් ගැනීම විශාල හානියක් කියලා පෙන්වා දිය යුතුයි. අද දෙමළ ඩයස්පෝරාව සාකච්ඡා කරන්න මුදල් එකතු කරන්න මුදල් බෙදාහරින්න කටයුතු කිරීමෙන් නැවතත් ත්‍රස්තවාදයට මේ රට බිළිදීමට යුරෝපා සංගමය කටයුතු කර තිබෙනවා.

    උතුරේදී අදත් ක්‍රියාත්මක වන්නේ එල්.ටී.ටී.ඊ. මතවාදයයි. ඒ ප්‍රදේශවල සංවර්ධන වැඩ අත්හිටුවන්න ඔවුන් කටයුතු කරමින් ඉන්නවා. ඒ ප්‍රදේශවල ජනතාව දුකට පත් කිරීම තමයි උතුරේ පළාත් සභාව අද කරන්නේ. ඒක දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවයක් බව පෙන්වා දිය යුතුයි. යාල්දේවී උතුරට ගිය අවස්ථාවේ මේ එල්.ටී.ටී.ඊ. අනුගාමිකයන් සහභාගී වුණේ නැහැ. පළාත් සභාවේ මහ ඇමැති රජයට අද දොස් කියනවා.

    මේ රට සංවර්ධනයක් වුණා නම් වුණේ විධායක ජනාධිපති ක්‍රමය නිසයි. මොන තරම් අවලාද කිව්වත් වාහනයක් ගෙයක් දුරකථනයක් ගන්න ජනතාවට අද පුළුවන් වෙලා තිබෙන්නේ සංවර්ධනය නිසයි. තව වසර කීපයක් මේ විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේ රට ආසියාවේ ආශ්චර්ය කරන්න පුළුවන්. අපේ රටට ආලෝකයක් අවශ්‍ය නම් බියෙන් සැකයෙන් තොරව ජීවත් වෙන්න ඕනෑ නම් මේ විධායක ජනාධිපති ක්‍රමය තහවුරු කළ යුතුයි.

    ධම්ම රශ්මි පදනමේ සභාපති ගලගම ධම්මරස්සී හිමි

    මේ රටේ ජීවත්වන ආගමික නායකයින් හැටියට විපක්ෂනායකයාගෙන් යුරෝපයේ එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කිරීම හෙළා දකින ලෙස ඉල්ලා සිටිනවා. එතුමාට එහෙම කරන්න බැහැ. එතුමා පෙනී සිටින්නේ එල්.ටී.ටී.ඊ. අවශ්‍යතාවය වෙනුවෙන්. ධනපති රටවල අවශ්‍යතාවය වෙනුවෙන්. අපේ රටට රෑකඩ පාලකයෙක් පත් කරන්න අද එල්.ටී.ටී.ඊ. එකට අවශ්‍යයි. ජාතිමාමක, දේශමාමක බලවේග පරාජයට පත් කරලා අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවයට සුදුසු රෑකඩයෙක් පත් කරගන්න තමයි කටයුතු කරන්නේ. අද යුරෝපය මේ රටවල් දෙකඩ කරමින් ඔවුනට අවශ්‍ය පාලකයින් පත් කරන්න හදනවා. අපේකම හඳුනන දේශීය සංස්කෘතියේ ආභාෂය ඇති නායකයයෙක් පත් කරන්න කියලා ඉල්ලීමක් ජනතාවගෙන් අපි කරනවා. ඒකට සුදුසුම නායකයා වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.

    රාජ්‍ය නොවන සංවිධාන අද ඉල්ලා සිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න කියලායි. අපිට ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ගේ බලපෑම තිබෙන තුරු විධායක ජනාධිපති ක්‍රමය අත්හරින්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.

    ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සන්ධානයේ සම සභාපති සරත් හෙට්ටිආරච්චි දේවගැතිතුමා

    අද යුරෝපා සංගමයේ රටවල ශාඛා පිහිටුවලා එල්.ටී.ටී.ඊ. එක මුදල් එකතු කරන්න පුළුවන්. ඒ හරහා මාතෘ භූමියට විෂබීජ එවලා නැවතත් ත්‍රස්තවාදය ඇති කරන්න පුළුවන්. ඒ නිසා මේ ර‍ටේ ජනතාව අවදියෙන් සිටිය යුතුයි. මේකට එරෙහිව තානාපති කාර්යාලවලට කරුණු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.

    තුන් පාර කොයි හැටි වෙතත් ඡන්දය දෙන්නේ මේ රටේ ජනතාවයි. මේ රටේ ජනතාව කැමති නම් ජනාධිපතිතුමාව අයින් කරන්න බැහැ. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයකදී ඒ තීරණය ගන්නේ ජනතාවයි.

    ජාත්‍යන්තර හින්දු සංගමයේ ලේකම් කුරුක්කල් බාබු ෂර්මා තුමා

    කොටි සංවිධානය අද පිටරට සල්ලි එකතු කරලා නැවතත් ත්‍රස්තවාදය ඇති කරන්න හදනවා. අද විග්නේෂ්වරන් බබා වගෙයි කතා කරන්නේ. ලැබුණු සාමය තවදුරටත් තහවුරු කරන්න ජනාධිපතිතුමාව ශක්තිමත් කළ යුතුයි.

    ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සන්ධානයේ සම සභාපති අල්හාජ් හසන් මවුලානා තුමා

    යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කිරීම ගැන අපගේ විරෝධය අප පළ කරනවා. ශ්‍රී ලංකාව විතරක් නොමෙයි මේ තීරණයෙන් අධිරාජ්‍යවාදීන් වෙනත් රටවල් පවා විනාශ කරන්න අද උත්සහ කරනවා. ලිබියාවේ ගඩාෆි ජනාධිපතිවරයා සිටියා නම් මේ රටට විරුද්ධ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට සීමාමායිමක් නැහැ. ඔවුන්ගෙන් ‍මුළු රටම එදා බැටකෑවා. අද යු‍රෝපා සංගමය එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කිරීම ගැන මේ රටේ සියලුම ජනතාව එකට පෙළ ගැසිය යුතුයි. විධායක ජනාධිපති ධුරය මේ රටට අවශ්‍යමයි. ඒ නිසා ජනාධිපතිතුමාට තුන්වෙනි වතාවටත් මේ රටේ ජනාධිපති ලෙස පත් කළ යුතුයි. ප්‍රභාකරන්ව නැති කලාම එල්.ටී.ටී.ඊ. එකේ සිහිනය නැති වුණේ නැහැ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    පොනිමල් වගේ ගූ කන එකෙකුත් අපිට ඕනා නැතිනම් මේ ගූ අපි කොහේ කියල දාන්නද
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mahinda hodai apith kamathi mahinda enawa nam prashne thiyenne pora ekka enne bazil, puthala3, saha kamba horu tika neh..
    mahindata terenne na porata aye balayata enna ona nam kalin kala weradi walin iwath wenna onaya kiyana eka.. ekane aula.

    hunnansela kiyawanne ithin wenama sanganayak kamak ganna wage thamah hiks..
     

    malganis

    Member
    Oct 31, 2016
    398
    45
    0
    mahinda hodai apith kamathi mahinda enawa nam prashne thiyenne pora ekka enne bazil, puthala3, saha kamba horu tika neh..
    mahindata terenne na porata aye balayata enna ona nam kalin kala weradi walin iwath wenna onaya kiyana eka.. ekane aula.

    hunnansela kiyawanne ithin wenama sanganayak kamak ganna wage thamah hiks..

    :sorry: