එපමණෙක් නොව මේ මහා මහින්ද රජතුමා යටතේ රජ කෙනෙක් ද ඇමති කම් කල බව මහා කෙප්ප වංශ ටීකාවෙහි සදහන් යැ. හේ නමින් දෙවැනි දුට්ඨගාමණී මැරවින් නමි. දෙවැනි දුට්ඨගාමණි මැරවින් ඇමැත්තා ගේ බලපරාක්රමය ද රජිදා ගේ බලපරාක්රමය තරම් මැ වූ බැව් සදහනි. උහු දුටු මානවකයෝ කඹ වලින් ගස් ගල් වල බැදෙති. උහු ගේ ප්රෙද්ශන්තරව අප්රසිද්ධියේ විනා ප්රසිද්ධියේ සුරාව නොවිකිනෙයි. එපමණක් නොව මේ ඇමති රජා රජවාසල පමණක් නොව මුළු රටෙහි මැ කවටයා වූ බව ද පෙනේ. ජනතාව වරින් වර ප්රීති ප්රෙමා්දයට පත් කිරීමෙන් මෙතෙම මහා අහ්ලාදයක් ලද බව කියැවෙයි. මොහු දෙවැනි වන්නේ කළ කට පෙර මේ මහින්ද රජතුමා අතින් නටව ගිය පිරපාහරන් නම් තරස්ත නායකයා ගේ ගෝලයෙකු වන බාබු නම් අය අතින් පරලෝකප්රාප්ත වූ පෙම්දස් රණසිහ රජු ගේ සුවච කීකරු ඇල්සේසන් වරියට අයත් බල්ලා වන ඒ.ජේ.රණසිහ නම් ඇමැත්තාට පමණක් බව අතීත කතාවල එයි..............





