මහින්ද රාජපක්ෂ සහ තොරතුරු තාක්ෂණය

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
මහින්ද රාජපක්ෂ සහ තොරතුරු තාක්ෂණය

අර්ථ දැක්වීම


ඇමරිකානු තොරතුරු තාක්ෂණ ආයතනයේ (ITAA) අර්ථ දැක්වීමට අනුව තොරතුරු තාක්ෂණය (17) යනු “පරිගණක මත පදනම් වූ තොරතුරු පද්ධති, විශේෂයෙන්, මෘදුකාංග හා පරිගණක දෘඩාංග පිළිබද අධ්‍යයනය, සැලසුම් කිරීම, දියුණු කිරීම , ගොඩ නැංවීමට , උදව් කිරීම හා කළමනාකරණයයි. තොරතුරු තාක්ෂණය තොරතුරු පරිවර්තනය කරන , ගබඩා කරන , ආරක්ෂා කරන , සකසන , සම්ප්‍රේෂණය කරන සහ ‍තොරතුරු ආරක්ෂිතව නැවත ලබා දෙන විද්‍යුත් පරිගණක හා පරිගණක මෘදුකාංග සමග සම්බන්ධ වේ.
වර්තමානයේ දී තොරතුරු තාක්ෂණය යන වදන පරිගණක විද්‍යාවේ හා තාක්ෂණ‍යේ අංශ බොහොමයක් අයත් වන පරිදි ප්‍රසාරණය වී ඇත. තවද අන් කවර කලකටත් වඩා ප්‍රචලිත තත්වයට පත්ව ඇත. තොරතුරු තාක්ෂණය යන්න ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරයි. තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් මෘදුකාංග ස්ථාපනය කිරීමේ සිට සංකීර්ණ පරිගණක ජාල හා තොරතුරු දත්ත සමුදායන් සැලසුම් කිරීම දක්වා වූ විශාල කාර්ය පරාසයක් ආවරණය කරයි. තොරතුරු තාක්ෂණය වෘත්තිකයන් ඉටු කරන කාර්යයන් අතරට දත්ත කළමනාකරණය , ජාලකරණය , ඉංජිනේරුමය පරිගණක දෘඩාංග, දත්ත සමූදායන් හා මෘදුකාංග නිර්මාණය කිරීම මෙන්ම සම්පූර්ණ පද්ධති කළමනාකරණය හා පරිපාලනය ඇතුළත් වේ. පරිගණක හා සන්නිවේදන තාක්ෂණය එකට එකතු වූ විට නිර්මාණය වන්නේ තොරතුරු තාක්ෂණය නැත්නම් “ඉන්ෆොටෙක්”ය. තොරතුරු තාක්ෂණය (IT), තොරතුරු නිෂ්පාදනයට , ක්‍රියාවෙහි යෙදවීමට, ගබඩා කිරීමට , සන්නිවේදනය කිරීමට හෝ ව්‍යාප්ත කිරීමට රුකුල් දෙන ඕනෑම තාක්ෂණයක් හැදින්වීමට යෙදෙන සමාන්‍ය වදනකි. තොරතුරු තාක්ෂණය ගැන කතා කිරීමේ දී සිතෙන්නේ එය පරිගණක හා තොරතුරුවල භාවිතය සමග බැඳී තිබෙන බවයි.

 
  • Like
Reactions: Chathurangaabey

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
තොරතුරු තාක්ෂණය යුද ජයග්‍රහණය සඳහා ඉවහල්වුනා - ආරක්ෂක ලේකම්

20100105_01.jpg
“පසුගිය වසර 30 කාලය තුල රටේ ආර්ථික දියුණුවට ත්‍රස්තවාදය නිසා බාධා ඇතිවුනා. දිනපතාම ජනතාවට මෙයින් අසහනයට පත්වුනා. දිනපතාම අනාරක්ෂිත බව දැනුනා. නිදහස් මනසින් තම කාර්යයන් කිරීමට මිනිසුන්ට ‍ෙනාහැකි වුනා. සමාජ සාරධර්ම රීතීන් වෙනස්වී පාතාලය හා අපරාධ වැඩිවුනා”. “මයික්‍රොසොෆ්ට්” ආයතනය මඟින් පවත්වන ලද තොරතුරු තාක්ෂණ තරුණ වෘත්තිකයන් 400ක් සඳහා ඊයේ (ජනවාරි 04) සවස සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවති සම්මන්ත්‍රණය අමතමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.
‍මෙම වැඩසටහන සංවිධානය කිරීම ගැන මයිකොසොෆ්ට් ආයතනයට ස්තූති වන්ත වන බව පැවසූ ආරක්ෂක ලේකම් වරයා, යුද ජයග්‍රහණයේ සැබෑ තත්වය භුක්තිවිදීමට නම් ජාතිය ගොඩනැඟීමේ වැඩපිළිවෙල වේගවත් කලයුතු බවත්, මේ සඳහා තොරතුරු තාක්ෂණය උපයෝගී කරගත යුතු බවත්, මෙම කාර්යයේ නියැලී සිටින පිරිස් වලට මේ සඳහා දැවැන්ත වගකීමක් පැවරී ඇති බවත් පැවසීය.
පෙර පැවති හැඳුනුම්පත් වල දුර්වලතාවයන් තිබූ බවත්, මෑතක කල නිකුත් කිරීම් ඉතා සරල තත්වයකට පත්කිරීමට හැකිවූ බවත්, ඉදිරියේදී අනෙක් රටවලට අනුකූලව එය තවත් දියුණුවිය යුතු බවත් පැවසීය. හැඳුනුම්පත් සමඟ රියදුරු බලපත්‍රය, ශාරීරික යෝග්‍යතා තත්වයන් හා නීතිමය වාර්තා ඇතුලත් සරල හැඳුනුම්පතක් නිකුත් කිරීමට පවා අද හැකියාව ඇති බවත් සිහිපත් කළේය. මෙමඟින් කාර්යයන් පහසුවනවා පමණක් නොව අපගේ ආරක්ෂක තත්වයන්ද දියුණු තත්වයකට පත්කල හැකිබවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේය.
අද අපගේ පාරවල් යුද හමුදා, පොලිස් භට පිරිස් වලින් පිරී ඇති බවත්, මෙම තත්වය සංචාරක ව්‍යාපාරයට අහිතකර බවත්, වෙනත් රටවල මෙන් එක් තැනක සිට නිරීක්ෂණය කල හැකි දියුණු කැමරා සවිකරන ලද ආරක්ෂිත ක්‍රමෝපායන් තුලින් එක් තැනක සිදුවන සියුම් සිදුවීමක් පවා නිවැරදිව හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය භට පිරිස් මෙහෙයවීමේ හැකියාව ඇති බවත් පැවසීය.
තොරතුරු තාක්ෂණය අධ්‍යාපනය තුලට තවදුරටත් ගෙන ඒමෙන් හා විශ්ව විද්‍යාලය අධ්‍යාපනය පුළුල් කිරීමෙන්, සිසුන් තාක්ෂණය තුලට තවදුරටත් ගමන් කිරීමෙන් ආර්ථික දියුණුවට එම තාක්ෂණය යොදාගත හැකි බවද ප්‍රකාශකර සිටින ලදි.
සෞඛ්‍ය සේවය තුලට තාක්ෂණය තවදුරටත් ගෙන ඒමෙන් රෝගියෙකුගේ තොරතුරු වෛද්‍යවරයෙක් ලඟ ගබඩා කොට තබාගනිමින් රටේ කොතැනක සිට හෝ එමගින් ඔවුන්ට ප්‍රතිකාර කිරීමට හැකි බවත්, ආරක්ෂක ලේකම්වරයා මෙහිදී පැවසීය.
සංචාරක ව්‍යාපාරය දියුණුව සඳහා ලංකාවේ සුන්දර ස්ථාන පිළිබඳ නිවැරදි ආකර්ශනීය විස්තර අන්තර්ජාලය තුලින් ඉදිරිපත් කිරීමෙන් විශාල සංචාරක ආකර්ශනයක් ලබාගත හැකි බවද පැවසීය.
පෞද්ගලික ව්‍යාපාර තුලටද තොරතුරු තාක්ෂණය රැගෙන යාමෙන් විශාල ප්‍රතිලාභ ලබාගත හැකි බවත්, බෝම්බ නිශ්ක්‍රීය කිරීමේ උපකරණවල පවා තාක්ෂණය භාවිතා කිරීමෙන් පුද්ගල හානි අවම වූ බවත් මෙහිදී ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙන ලදි.
මෑතකදී අවසන් වූ මානුෂික මෙහෙයුම් වලදී පවා තාක්ෂණය භාවිතා කරමින් ගුවන් ඡායාරූප ගෙන එම නිවැරදි දත්ත මත යුද ජයග්‍රහණය අත්පත් කරගත් බවද මෙහිදී සිහිපත් කළේය.
තවදුරටත් තරුණ පිරිස් තොරතුරු තාක්ෂණය දියුණු අවස්ථා කරා යොමු කල යුතු බවද අවධාරණය කළේය.
ආර්ථික දියුණුව සඳහා රජය කටයුතු කරන බවත්, ශ්‍රීලංකාව වේගයෙන් දියුණුවෙමින් පවතින බවත්, ඉදිරියේදී ඔබගේ දියුණුව ප්‍රාර්ථනා කරන බවත් එතුමා අවසන් වශයෙන් ප්‍රකාශ කරන ලදි.

නීතිපති මොහාන් පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ, මෙජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම අවස්ථාව සඳහා පැමිණි ආරාධිතයන් අතර විය. මෙහිදී ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, ශවේන්ද්‍ර සිල්වා මහතා, මයික්‍රොසොෆ්ට් ආයතනයේ ‍දේශිය කළමණාකරු ශිරාන්ද සිල්වා විජේරත්න යන මහත්වරු සභාව අමතන ලදි.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
තොරතුරු තාක්ෂණය ගමට ගෙන ගිය රාජ්‍ය නායකය&#3535

තොරතුරු තාක්ෂණය ගමට ගෙන ගිය රාජ්‍ය නායකයා

මෑතකදී විපක්ෂ සන්ධානයේ මන්ත්‍රීන් පිරිසක් පිරිවරාගත් විරුද්ධ පක්ෂ නායකතුමා ප්‍රකාශ කරන්නට යෙදුණා තමන් බලයට පත්වුණු දවසක ජනතාවට, ජංගම දුරකථනවල ‘රිගින් ටෝන්’ වෙනුවට ඒවායින් ‘එස්. එම්. එස්.’ යවන්න පහසුම් ලබාදෙන බවට.
රටක් කියන්නේ සමාගමක් නොවන නිසා දුරකථන සමාගමක කාර්ය ඉටු කරන්න තමන් බලයට පත් කරන්න ජනතාවගෙන් ඉල්ලා සිටීම තරමක් හාස්‍ය ජනක සිද්ධියක් ලෙස මහජනයාට පෙනීයාම පුදුමයක් නොවෙයි.
ජනතාව රජයකින් බලාපොරොත්තු වන්නේ, සමාජ සුරක්ෂිතතාවය ඇති කරන ගමන් ම ආර්ථික හා සමාජ සංවර්ධනයක් ඇති කිරීමයි. දශක තුනක් තිස්සේ පැවැති යුද්ධය නිමා කිරීම මඟින් ඉහළ සුරක්ෂිතතාවයක් මිනිස් ජීවිතවලට ලබාදීමට රජය සමත් වී තිබෙනවා.
යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මඟින් ආර්ථික සංවර්ධනයට මඟපෑදීමක් ඒ සඳහා ශකිත්මත් රාජ්‍ය හා පෞද්ගලික අංශයක් ඇති කිරීම රජයේ අනෙක් අරමුණයි.
මහාමාර්ග, වාරිමාර්ග, අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා දියුණු කිරීමට අමතරව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දියුණු කිරීමෙන් ජන ජීවිතය යහපත් කිරීම රජයේ තවත් අරමුණකි.
n09111926-2.jpg
තොරතුරු තාක්ෂණය නාගරිකයන් අතර ජනප්‍රිය විෂය ක්ෂේත්‍රයක් වුවත් එය පොදු ජනතාව අතරට යන්නේ මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමත් සමඟයි. තොරතුරු සන්නිවේදනයේ ප්‍රතිලාභ ග්‍රාමීය ප්‍රජාව වෙත සමීප කිරීමට දරණ උත්සාහය ප්‍රතිඵල අපට මෑත දිනකදී ප්‍රායෝගිකව ම දැක ගැනීමට අවස්ථාව ලැබුණේ ය.
නව තාක්ෂණික ක්‍රම භාවිතයෙන් බෝග වගාවෙහි යෙදීමෙන් ඉහල අස්වැන්නක් ලබා ගන්නා ගොවීන් මුණ ගැනීමේ අරමුණින් අපි මෑතකදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංචාරයක යෙදුනේය. නාරම්මලදී අපට හමු වූ ආර්. එම්. පුංචිබණ්ඩා මහතා එහි දී අපගේ මඟ පෙන්වන්නා විය.
කාර්යශූර වැඩිහිටි ගොවි මහතෙක් වූ පුංචි බණ්ඩා මහතා අතෙහි නිතරම ජංගම දුරකථනයක් තිබුණේ ය. එමඟින් ඔහු උදෑසනම කෙටි පණිවුඩයක් යවා එසැණින් පිළිතුරු ලබාගත්තේ්ය.
පසුව සොයා බැලීමේ දී පෙනී ගිය කරුණක් නම් නාරම්මල පමණක් නොව අලව්ව ප්‍රදේශයේ කිරි ගොවීන් ද දෛනික තොරතුරු ලබා ගැනීම සඳහා කෙටි පණිවුඩ භාවිතයෙන් විපුල ඵල ප්‍රයෝජන අත්කොටගෙන ඇති බවයි.
ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ධ්ඛ්ඊඒ) විසින් දඹදෙණි සමාජ සංවර්ධන පදනම හා එක්ව දේශීය කිරි ගොවියා ශක්තිමත් කිරීමේ නියමු වැඩසටහනක් ක්‍රියාවට නඟයි.
මේ යයටතේ දේශීය කිරි ගොවීන් ලියාපදිංචි කොට ඔවුන්ට සංකේත අංකයක් ලබාදී ඇත. එලෙස ම කිරි ගොවීන් සඳහා වැදගත් වන සේවා හා තොරතුරු වර්ගීකරණය කර ඒ සඳහා ද සංකේත ලබා දී ඇත. ඒවා ආශ්‍රයෙන් ඉතා පහසුවෙන් බොත්තමක් තදකර වැදගත් තොරතුරු හා සේවා රැසක් දැන ගැනීමේ අවස්ථාව හිමි වී ඇත.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
යම්කිසි කිරි ගොවියෙකුට දෛනික කිරිමිල දැන ගැනීමට අවශ්‍යය නම් තමන්ට හිමි සංකේත අංකය සහ කිරි මිල සඳහා වන සංකේත නාමය තම දුරකථනයෙන් ටයිප් කර යොමුකිරීමෙන් කෙටි පණිවුඩයක් මගින් කිරිමිල දැන ගැනීමට ගොවියන්ට අවස්ථාවක් හිමිවේ.
මේ හා සමානව ම අභිජනනය, සෞඛ්‍ය, ආහාර සැපයුම්කරුවන්, බෙහෙත් වර්ග සැපයුම්කරුවන්, උපකරණ ආදී සියලු විස්තර පරිගණක ගත කර තිබෙන අතර එම තොරතුරු ස්වයංක්‍රීයව මෙසේ කෙටි පණිවුඩ හරහා කිරි ගොවීන්ට ලබාදීම සිදුවේ.
මීට අමතරව ජීව වායු පද්ධති, බැංකුණය, ගවහල් සැදීමට තාක්ෂනික උපදෙස්, පුහුණු වැඩසටහන්, ජංගම පශු වෛද්‍ය සායන පිළිබඳ තොරතුරු කිරි ගොවීන්ට කෙටි පණිවුඩ මගින් විමසා දැනගත හැක. මෙම ව්‍යාපෘතිය දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට සන්නිවේදනය තාක්ෂණය යොදා ගැණුනු වැදගත් අවස්ථාවකි.
මෙවැනි සන්නිවේදන තාක්ෂණ භාවිතා කිරීම මගින් කිරි අස්වැන්න 40%ක ප්‍රමාණයකින් වැඩිකරගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ධ්ඛ්ඊඒ) පවත්වන ලද සමීක්ෂණයකින් තහවුරු වී තිබේ.
මෙම නියමු ව්‍යාපෘතිය ඉතා කෙටි කලෙකින් ම නැගෙනහිර ඇතුළු අනෙකුත් කිරි නිෂ්පාදනය කෙරෙන පළාත්වල ද ව්‍යාප්ත කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් ලබා දී ඇති බව තොරතුරු තාක්ෂණික නියෝජිතායතනයේ අතුල පුෂ්පකුමාර මහතා අප සම¼ඟ ප්‍රකාශ කර සිටියේ ය.
චන්ද්‍රිකා තාක්ෂණය ආධාරයෙන් මුහුදේ මත්ස්‍ය ගහණය බහුල ස්ථාන හඳුනාගෙන කෙටි පණිවුඩ මගින් ධීවරයන් වෙත තොරතුරු දැනුම් දීමේ ව්‍යාපෘතියක් ද මීට සමාන්තරව ක්‍රියාත්මක වෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත්තේ තොරතුරු තාක්ෂණයේ ප්‍රතිලාභ ග්‍රාමීය ප්‍රජාව වෙත හා පහළ කොටස් වෙත ගලායන ආකාරයට සැලසුම් සම්පාදනය කරන ලෙසටය.
එමඟින් සමාන ලෙස අවස්ථා ව්‍යාප්ත කිරීමටත් රටතුළ සමාජ හා ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමටත් අපේක්ෂා කෙරේ. එම අභිප්‍රාය මත පිහිටමින් ඉ - සමාජ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ග්‍රාමීය ජනතාවගේ ආර්ථික, සමාජමය, අධ්‍යාපනික ආදි පොදු ගැටලු හා අවශ්‍යතා සඳහා නිර්මාණය කර ඇති තොරතුරු තාක්ෂණ අන්තර්ගතයන් (ධ්ඛ්ඊ ඛ්ධදබඥදබ) හා තොරතුරු තාක්ෂණ යෙදවුම් (ධ්ඛ්ඊ ඒනනතඪජචබඪධද) ඵලදායී ලෙස ව්‍යාප්ත කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ග්‍රාමීය ප්‍රදේශවල තොරතුරු තාක්ෂණය ව්‍යාප්ත කිරීමේ අදහසින් නැණසල හා විදාතා මධ්‍යස්ථාන අරඹා ඇත. මේ වන විට දිවයින පුරා ‘නැණසල’ මධ්‍යස්ථාන 600කට අධික ප්‍රමාණයක් අරඹා ඇත.
මෙතෙක් කලක් බමුණු කුලයක් මත පැවැති තොරතුරු තාක්ෂණය ඉතිහාසයේ කවර කලෙකවත් නොවූ ලෙස ග්‍රාමීය ප්‍රජාව අතර ප්‍රචලිත වීම මහින්ද රාජපක්ෂ ජනපතිවරයා යටතේ සිදු වී ඇත.
රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන අතරම තොරතුරු තාක්ෂණය ව්‍යාප්ත කිරීමේ වගකීම ද ඍජුවම මහින්ද රාජපක්ෂ මහතා විසින් දරනු ලබයි. එමඟින් තොරතුරු තාක්ෂණ විෂයේ ඇති වැදගත්භාවය හඳුනාගත් නායකයෙක් හැටියට වැදගත් සංඥාවක් ලෝකයාට ලබා දී ඇත. තොරතුරු තාක්ෂණය විෂයේ වගකීම් දරණ ලොව එකම ජනපතිවරයා වන්නේ ද මහින්ද රාජපක්ෂ මහතා ය.
තොරතුරු තාක්ෂණය වෙනුවෙන් වසරක් ප්‍රකාශයට පත් කොට ඒ සඳහා වැඩපිළිවෙලකට මඟ පෑදූ ආසියාවේ එකම රාජ්‍යනායකයා වන්නේ ද මහින්ද රාජපක්ෂ මහතාය. ඔහුගේ පාලන කාලය තුළ දී ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දිගු පිමිවලින් ඉදිරියට යාමට සමත්වී ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක ඉ – ශ්‍රීී ලංකා’ වැඩපිළිවෙලේ අරමුණු රාජ්‍ය ආයතන කටයුතු ප්‍රතිනිර්මාණය තුළින් මෙරට පුරවැසියන්ට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා තොරතුරු තාක්ෂණය ම¼ඟින් විසඳුම් ලබාදීමයි.
මේ වන විට සියලුම පළාත් පාලන ආයතන, රජයේ දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ එකම පරිගණක ජාලයකින් සම්බන්ධ කොට තිබෙන නිසා, රාජ්‍ය ආයතන අතර කඩිනමින් තොරතුරු හුවමාරු කර ගැනීමේ හැකියාව ලැබී ඇත.
රජයේ ආයතනවෙත සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාව ඉදිරිපත් කරන තොරතුරුවල නිරවද්‍යතාවය ලිපි ම¼ඟින් තහවුරු කර ගැනීමේ සම්ප්‍රදායික ක්‍රමවේදය නිසා අනවශ්‍ය පරිදි කාලය නාස්තිවී යාම ලංකා රාජ්‍ය ජාලය (ඹ්ට්ව්) නිසා වැළකී ඇත.
දූරදර්ශී ජන නායකයෙක් තම පාලන තන්ත්‍රය මෙහෙයවන්නේ දීර්ඝ කාලීන අරමුණු හා අපේක්ෂාවන් පෙරදැරිවය. කඩිනමින් දියුණුවන ආසියාව ඉදිරියේ දී තීරණාත්මක ආර්ථික කලාපය බවට පත්වීමට නියමිතය. එම නිසා ආසියාවේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීමට අවශ්‍ය උපදෙස් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වෙත ලබා දී ඇත. ඔහුගේ අධීක්ෂණය යටතේ ඉ – ශ්‍රී ලංකා වැඩසටහන මෙහෙයවනු ලබයි.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ කලාපීය සංවර්ධනය උදෙසා දක්වන දායකත්වය අගය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ පවතින ආර්ථික හා සමාජ සංවර්ධන කොමිෂමේ භදඵජචන ආසියා පැසිපික් කලාපයේ තොරතුරු තාක්ෂණ කමිටුවේ සභාපති ධූරය ලලිත් වීරතුංග මහතාට ලබා දී ඇත. යුරෝපා හා අමෙරිකානු රටවල ආසියාවේ ව්‍යාපාරික කටයුතු කිරීමේ මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත්කිරීමට අවශ්‍ය සියලුම සුදුසුකම් සපුරාලීමට මෙරට සමත් වී ඇත. ආසියාවේ දැවැන්තම තොරතුරු තාක්ෂණ සමුළුව හා ප්‍රදර්ශනය වූ ‘ඉ – ඒෂියා 2009’ තොරතුරු තාක්ෂණ සමුළුව පැවැත්වීමේ අවස්ථාව මෙරටට හිමිවන්නේ ද එම ශක්‍යතාවය මතය.
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව ලබාගත් මෑතකාලීන ජයග්‍රහණ කිහිපයක් ද මෙම තත්ත්වය කෙරෙහි බලපා ඇත. පරිගණක සාක්ෂරතාවය ඉන් ප්‍රමුඛවේ.
2004 වර්ෂයේ 9%ක් වූ පරිගණක සාක්ෂරතාවය 2009 වර්ෂය වන විට 25%ක් දක්වා වර්ධනය වී ඇත. නැගෙනහිර පළාතේ දත්තයන් මෙම සංඛ්‍යා ලේඛණවලට ඇතුළත්ව නොමැති නිසා සත්‍ය අගය මීට වඩා අනිවාර්යෙන් ම ඉහළ අගයක් ගනු ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම වසරකම සිය සාමාජික රටවල් අතර සිදු කරන සමීක්ෂණයක් මඟින් ජාතික තොරතුරු සුදානම් දර්ශකය සකස් කරනු ලබයි. එමඟින් රටක් කෙතරම් දුරට තොරතුරු තාක්ෂණයෙහිලා සුදානම්ව ඇත්දැයි තීරණය කෙරෙනු ලබයි. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමට පෙර ලංකාව එම දර්ශකයේ 86 වැනි ස්ථානයේ පසු වූ අතර පසුගිය සිව් වසර තුළ දී 71 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වී ඇක.
ශ්‍රී ලංකාව මෙම කෙටි කාල පරිච්ඡේදය තුළ දී ලබාගෙන ඇති ජයග්‍රාහණ පෙර නොවූ විරූ තරම් වේ. සංඛ්‍යාලේඛන මඟින් පමණක් නොව තොරතුරු තාක්ෂණය දෛනික ජීවිතයේ කටයුතු පහසුකර ඇති ආකාරය මහජනතාවට ඉතා පහසුවෙන් දැනෙන උදාහරණයකින් පැහැදිලි කළ හැක.
ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් බලපත්‍රයක් ලබා ගැනීමේ අයදුම් කටයුතු ආකාරය පිළිබඳව සාමාන්‍ය ජනතාවට අවබෝධයක් නොතිබුණු නිසා එවැනි කටයුතු වලට උපදෙස් දෙන තැරැව්කරුවන් මෙම ආයතනයන් අසල ගැවසීම සුලබ කරුණක් වී තිබුණි.
රජයේ ආයතනයන්ගෙන් කෙරෙන කටයුතු මහජනතාවට තමන්ගේ මව් භාෂාවෙන් දැනගත හැකි ආයතනයක් බිහි කිරීම මහින්ද රාජපක්ෂ මහතාගේ තවත් දූරදර්ශී ක්‍රියා මාර්ගයකි. රාජ්‍ය සේවය මහජතාවට සමීප කිරීමේ අරමුණින් අරඹා ඇති රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මගින් ඕනෑම රජයේ ආයතනයක් පිළිබඳ තොරතුරු දුරකථන ඇමතුමක් ලබා දී ම මගින් මෙරට තුළ සිටින හෝ විදේශගත ශ්‍රී ලාංකිකයෙකුට ලබාගත හැකි මෙම සේවාව යටතේ අන්තර්ජාලය හරහා හෝ ඊමේල් මගින් විමසීම් සිදු කළ හැකි වීම ද විශේෂත්වයකි. දකුණු ආසියාවේ රජයක් සතු එකම තොරතුරු මධ්‍යස්ථානය වන රාජ්‍යය තොරතුරු කේන්ද්‍රය, ලෝකයේ රාජ්‍යය අංශයෙන්ද නිර්මාණශීලි ව තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතිය ලෙස රටවල් 157 ක ව්‍යාපෘති 546ක් පරදවා මුල් ස්ථානයට පත්ව තිබේ.
‘ඉ - ශ්‍රී ලංකා’ ක්‍රියාත්විතයේ තවත් වැදගත් වැඩසටහනක් ලෙස ‘ඉ - සමාජ’ සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක ශ්‍රව්‍යය හා දෘෂ්‍යබාධා සහිත ප්‍රජාවට පරිගණක භාවිතයට ඉඩකඩ සලසන ව්‍යාපෘතිය හැදින්විය හැක. මෙම ව්‍යාපෘතියට ද මෙක්සිකෝවේ පැවැති විශ්ව සමුළු සම්මාන ප්‍රදානෝත්සවයේ දී එධපතඤ ඉභථථඪබ ඒඹචපඤ අගැයීමට ලක්විය. දෑස් නොපෙනන ප්‍රජාවට පොත්පත්, අධ්‍යාපනික ලිපි ලේඛන කියවීමට අවශ්‍ය සහාය ලබාදීමේ අරමුණින් කතන පොත් පෙළක් හඳුන්වාදී ඇත. (මේ පිළිබඳ තොරතුරු සඳහා බලන්න ඹඹඹ. ඤඪට. ධපඨ. තඬ වෙබ් අඩවිය.
ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් සඳහා වැදගත්වන සංඥා මාධ්‍ය වීඩියෝ ශබ්ද කෝෂයක් එළිදැක්වීම මෙම කාලය තුළ දී සිදුවූ තවත් වැදගත් ම සමාජ කාර්යභාරයකි. (විස්තර සඳහා බලන්න ඹඹඹ. තචදඬචඵඪඨද. තඬ වෙබ් අඩවිය.)
උපත් මරණ හා විවාහ ලියාපදිංචිය පරිගණක ගත කිරීමේ වැඩපිළිවෙලක් මේ වනවිටත් කොළඹ හා ගාල්ල දිස්ත්‍රික්කවල අරඹා ඇත. මාතෘ රෝහල් වැඩි සංඛ්‍යාවක් පිහිටා තිබීම නිසා දිවයිනේ වැඩිපුරම උපත් සිදුවන කොළඹ දිස්ත්‍රික්කයේ 1970 මෙපිට සියලුම දරු උපත් මේ වන විටත් පරිගණක ගතකොට අවසන්ව ඇති අතර දිවයිනේ අනෙකුත් පළාත්වල මෙම ක්‍රියාදාමය ක්‍රමානුකූ®ලව සිදු කරගෙන යනු ලබයි.
පරිගණක ගත කිරීම නිසා ඉතා පහසුවෙන් ඕනෑම උපතක් පිළිබඳ සෙවීම් කටයුතු සිදු කළහැක. එසේම විනාඩි 10ක් වැනි කෙටි කාලයක් තුළ දී අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපතක් ලබා ගැනිමේ අවස්ථාව ද උදාවී ඇත.
දැනටමත් පළාත් කිහිපයක ඡන්ද හිමි නාමලේඛණ පරිගණක ගත කොට ඇති අතර ඉදිරියේ දී මුළු දිවයිනෙහිම ඡන්දහිමි නාමලේඛන පරිගණක ගත කරනු ලැබේ. එමඟින් ස්ථාන කිහිපයක ලියාපදිංචි වී ඇති ඡන්ද දායකයන් වෙත්නම් ඔවුන් පහසුවෙන් හඳුනා ගැනීමට ඉඩ සැලසී ඇත.
මෙම ක්‍රියාදාමයේ අවසාන අරමුණ වන්නේ බොහෝ දෙනෙක් සිහිනෙන්වත් ලඟා නොවූ අපේක්ෂාවන් කරා ලඟාවීමය. එනම් පරිගණක ආශ්‍රයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමය. ලෝකයේ කැනඩාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල් කිහිපයක පමණක් භාවිතා කරන දියුණු තොරතුරු තාක්ෂණ ක්‍රමයකට මාරුවීම එහි ඉදිරි ඉලක්කයවේ.
මෙම අපේක්ෂාව සඳහා ලඟාවීමට සමත් වූ දිනෙක විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ද එරට ලංකාවේ තානාපති කාර්යාලයට පැමිණීමෙන් හෝ අන්තර්ජාලය හරහා හෝ තමන් කැමැති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.
ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ලබාගනිමින් සිටින වර්ධනය අනුව එම අභියෝගය එතරම් ඈත විය නොහැක.