- තාක්ෂණයක් (Technology) කියන්නේ යම් වැඩක් පහසු කර ගැනීමට භාවිතා කරන ශිල්පීය ක්‍රම, කුසලතා, ක්‍රම සහ ක්‍රියාවලි වල එකතුවක්
- තාක්ෂණය හැම වෙලාවෙම අලුත් වෙනවා.
- Computer තාක්ෂණය කියන්නේ Computer ක්‍රියාත්මක කිරීමට සහ තොරතුරු සැකසීමට අවශ්‍ය ක්‍රමවේද සහ උපාංග නිර්මාණය කර, පවත්වාගෙන යාම ප්‍රායෝගිකව සිදු කරන ක්‍රියාවලි වල එකතුවක්.
- Artificial Intelligence (AI) තාක්ෂණය කියන්නේ ස්වාභාවික බුද්ධිය (Natural Intelligence) අනුකරණය කරන පරිගණක පද්ධති සහ Software නිර්මාණය කිරීමට භාවිතා කරන ශිල්පීය ක්‍රම, කුසලතා, ක්‍රම සහ ක්‍රියාවලි වල එකතුවක්
- AI තාක්ෂණය අවශ්‍ය වන්නේ සහ භාවිතා කරන්නේත් වැඩ පහසු කර ගැනීමට
- තාක්ෂණය අලුත් වෙනකොට පරණ තාක්ෂණයම පාවිච්චි කරන අයට අලුත් තාක්ෂණය ඉගෙන ගෙන පාව්ච්චි කරන අය එක්ක ලොකු තරඟයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට දැනට පවතින රැකියා, ව්‍යාපාර අහිමි වෙන්න පුළුවන්.
- අලුත් වෙන තාක්ෂණය එක්කම තමනුත් අලුත් වුනොත් තමන්ගේ වැඩ පහසු වෙනවා
- තාක්ෂණය අලුත් වෙන නිසා හැම වෙලාවෙම අලුත් රැකියා සහ ව්‍යාපාර නිර්මාණය වෙනව.
