මහින්ද, ශ්‍රීලනිපයෙන් ඉවත් වී පොදුජන පෙර&#3512

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මහින්ද, ශ්‍රීලනිපයෙන් ඉවත් වී පොදුජන පෙර&#3512


    :rolleyes::rolleyes::rolleyes:


    ඒකාබද්ධ පොදුජන පෙරමුණට නායකත්වය දීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ. මහින්ද රාජපක්ෂ මහතා මේ වනතුරු ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ (පොහොට්ටුව පක්ෂයේ) කිසිදු නිල තනතුරක් ලබා නොගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුසාශකවරයෙකු වශයෙන් සිටිමින් නිල නොවන මට්ටමින් එම පෙරමුණට සහයෝගය දැක්වීය.

    ඉදිරි පලාත්පාලන මැතිවරණයට නව ජවයක් ලබා දීම සදහාත් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ (පොහොට්ටුව) පාක්ෂිකයන්ගේ සැකය දුරුකිරීමත් සඳහාත් එළබෙන 2 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මහ සමුළුවේදී මෙම ප්‍රකාශය කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමටත් නව සන්ධානයේ නායකත්වය භාර ගැනීමටත් සැලසුම් කොට ඇතැයි දැනගැනීමට ඇත.

    ඒ අනුව මේ වනවිටත් පොදුජන එක්සත් පෙරමුණේ දැනට සිටින සියලු ලොකු කුඩා පක්‍ෂ සහ කොටස්ද සහභාගී කර ගනිමින් වඩාත් පුළුල් ජනතාවාදී දේශපාලන පෙරමුණක් ලෙස මෙම පෙරමුණ දියත් කිරීමට දැනටමත් අවශ්‍ය කටයුතු සකස් කර අවසන් බව පොදුජන එක්සත් පෙරමුණේ ඉහළ පෙලේ ආරංචිමාර්ග සදහන් කරයි.

    මෙයට සමගාමීව රටපුරා ඉදිරි පලාත්පාලන මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන රැස්වීම් මාලාවක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටද සැලසුම් කර ඇතැයි දැනගැනීමට ඇත.

    දැනට රජයේ මැති ඇමති තනතුරු දරන කිහිප දෙනෙක් ඉදිරියේදී තමන් සමග එක්වීමට කැමැත්ත පළකර ඇතැයිද මෙම නව පෙරමුණේ බර කරට ගෙන සිටින ප්‍රධානියකු පැවසීය.

    මහින්ද තහනම කඩයි

    පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කණ්ඩායමක් පත් කර ඇත.

    වෙන වෙනම කණ්ඩායම් දෙකක් ලෙස දිස්ත්‍රීක් මට්ටමින් මෙම කණ්ඩායම් පත් කර ඇති බව නිදහස් පක්ෂයේ ප්‍රධානියෙක් පැවසීය.

    ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 54 දෙනාගෙන් 45 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වන අතර මේ සියලූම මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පසුගිය මහ මැතිවරණයට තරග කර ජය ලැබූ අය වෙති.

    ඒ අනුව වෙනත් පක්ෂයකට උදව් කිරීම හා ආධාර අනුබල දීම පක්ෂ ව්‍යාවස්ථාවට අනුව විනය කඩ කිරීමක් වේ.

    නාමයෝජනා දෙන අවස්ථාවට නැහැ :

    මෙම තත්ත්වය දන්නා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් නාමයෝජනා බාර දෙන අවස්ථාවට සහභාගී නොවීමට වගා බලා ගෙන තිබිණි.

    කෙසේ වෙතත් මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වලට එම මන්ත්‍රීවරුන් සහභාගී වුවහොත් ඔවුන් සිදු කරන කතා වීඩියෝ ගත කර සාක්ෂි සහිතව විනය කමිටුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

    දැනට විසුරුවා හැර නොමැති පළාත් සභාවල සිටින නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන් කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කර ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මහින්ද තහනමට පයින් ගසයි :

    මෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආධාර අනුබලදෙන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගැන ශ්‍රීලනිප බුද්ධි අංශ සෝදිසියෙන් සිටියදී, හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව කොච්චිකඩේ රැනෝවෙල් හෝටලයේදී රැස්වීමක් පැවැත්විණ.


    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළකිරීම සඳහා පැවති එම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ට අමතරව ඒකාබද්ද විපක්‍ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියහ.

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හිටං ආප්ප කාලා අනිත් පැත්තට පැන්න වගේ මහින්ද හෙමින් සැරේ අනිත් පැත්තට පනින්න යන සීන් එකක් නේද :baffled::baffled:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    හිටං ආප්ප කාලා අනිත් පැත්තට පැන්න වගේ මහින්ද හෙමින් සැරේ අනිත් පැත්තට පනින්න යන සීන් එකක් නේද :baffled::baffled:

    පනින්න දෙයක් තියෙනවද බන් ඔකේ පැල් බදගේනනේ හිටියේ
    මිනිහා පොහොට්ටුවට ආවයි කිව්වම මාර ජයවක් එයි
    අම්මෝ කික් එක
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    හිටං ආප්ප කාලා අනිත් පැත්තට පැන්න වගේ මහින්ද හෙමින් සැරේ අනිත් පැත්තට පනින්න යන සීන් එකක් නේද :baffled::baffled:

    :eek::eek: