චන්දේ දීමයි දේශපාලකයන්ගේ පැවැත්මයි දෙකක් බන්. චන්දෙන්නේ මහින්දත් ගෙදර ගියේ. ඒ කියන්නේ මම අර කියපු කාරනාව. හරි හො වැරදි මිනිස්සු ඒ වෙලාවට ගන්න තීරන මත රටේ පැවැත්ම තීරනය වෙනවා. 2015 මිනිස්සු ගත්ත තීරනය මහින්දට අවසියි සිරිසේනට වාසියි. නමුත් ඊට කලින් චන්දේ දුන්නෙත් ඒ ජනතාවමයි මහින්දව ඔනා කියලා. ඒක තමා ක්‍රමේ. නැතුව තියන තියන චන්දෙත් එක මිනිහෙක්ගේ පැවැත්ම තීරනය කරන එක නෙමෙයි චන්දෙ කියන්නේ. දේශපාලකයගේ පැවැත්ම ඔයා කියන ආකාරයට අපි චන්දේ දෙන නිසා ආනිවාර්යෙන් උන්ට ලැබෙනවා කියන අර්තය එක්ක ගන්න එපා. එකෙකුට ලැබෙනකොට තව එකෙකුට ඒ පැවැත්ම අහිමි කරනවා. රනිල්-මහින්ද ඉල්ලද්දි මිනිස්සු රනිල්ව ගෙදර යැව්වා. ෆොන්සේකා-මහින්ද ඉල්ලද්දි ෆොන්සේකා ගෙදර යැව්වා. ඒ කියන්නේ දේශපාලකයගේ පැවැත්ම තීරනය කරන්නේ කවුද? රටේ ජනතාව නේද? එහෙනම් කොහොමද උන් අපේ පැවැත්ම තීරනය කරනවා කියන්නේ.