මහින්ද_කූජිතයි

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔය දඟලන්නෙ නම් බං ආයුශ කෙටි කරගෙන බල්ලෙක් වගේ මැරිලා යන්න. :rofl::rofl:

    අපේ මෝඩ හැත්තම තමයි ඉතින් මූව form කරන්නෙ..?
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    එහෙම උනානන් මම තමා හෑමදාම, සක්කිලි ගතිය....Shame on you
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අපේ මෝඩ හැත්තම තමයි ඉතින් මූව form කරන්නෙ..?

    ඔව් බං බෙන්තර ගඟ පැන්න ගමන් ඉන්නෙ හරක් කියලා මම තේරුම් ගත්තා ඊයේ. අර බළල් පැටියෙක් වත් ගේන්න එපා කියන කතාව ඇත්ත බං. දැන් මැද මුලනට වෙලා ජාතිවාදය අවුස්සන්න හදනවා. ලොල්.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    10933876_10152551693466960_8035805781450162276_n.jpg
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔව් බං බෙන්තර ගඟ පැන්න ගමන් ඉන්නෙ හරක් කියලා මම තේරුම් ගත්තා ඊයේ. අර බළල් පැටියෙක් වත් ගේන්න එපා කියන කතාව ඇත්ත බං. දැන් මැද මුලනට වෙලා ජාතිවාදය අවුස්සන්න හදනවා. ලොල්.

    ඔවා හරියන වැඩ නෙමෙයි බන්, ඕකා කුජීත වෙලා යනවා ලඟදිම.. බලපන්කො එකෙනුත් SLFP කැපිලා යනවා.. චන්ද්‍රිකා ගෙමක් ගහනවා..
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    ඔවා හරියන වැඩ නෙමෙයි බන්, ඕකා කුජීත වෙලා යනවා ලඟදිම.. බලපන්කො එකෙනුත් SLFP කැපිලා යනවා.. චන්ද්‍රිකා ගෙමක් ගහනවා..

    අනිවා ඒක තමයි කරන්න ඕනේ. කැරලි ගහන් ආවොත් මැදමුලනේ ගොං ජනතාව එන උන්ට ඔලුවටම දෙන්න තියෙන්නෙ. මෛත්‍රී කර කරා කැරලි නවත්තන්න බැහැ බං. :angry::angry:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,147
    24,758
    113
    tracing Geo-location.. ... ...
    දන්නේ නැති නිසයි අහන්නේ.. මහින්ද කොටි පරද්දුව නම් මේ my3 ට චන්දෙ දාල තියෙන්නේ කව්ද? සංවේදී නායකයා යුතුකම ඉටු කරලා නැද්ද? :baffled::baffled:

    මහින්ද මාම ඇයි my3 ට චන්ද දෙන්න කොටි ඉතිරි කලේ? :rofl::rofl:
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ කාලකන්නිය අපහු 88 වගේ කාලයක් හදන්න යන්නේ.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දන්නේ නැති නිසයි අහන්නේ.. මහින්ද කොටි පරද්දුව නම් මේ my3 ට චන්දෙ දාල තියෙන්නේ කව්ද? සංවේදී නායකයා යුතුකම ඉටු කරලා නැද්ද? :baffled::baffled:

    මහින්ද මාම ඇයි my3 ට චන්ද දෙන්න කොටි ඉතිරි කලේ? :rofl::rofl:


    Read this and share
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    ඔවා හරියන වැඩ නෙමෙයි බන්, ඕකා කුජීත වෙලා යනවා ලඟදිම.. බලපන්කො එකෙනුත් SLFP කැපිලා යනවා.. චන්ද්‍රිකා ගෙමක් ගහනවා..

    :yes::yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    මහින්ද රාජපක්ෂ චිට් එකෙන් පාර්ලිමේන්තුවට පැමිණ දින 100 වැඩ සටහන බකල් කිරීමේ සැලසුමක්: ශ්‍රීලනිපය මෛත්‍රී සිය නායකයා කර ගැනීමට යයි (අභ්‍යන්තර තත්ත්ව වාර්තා අංක 3)

    (ලංකා ඊ නිව්ස් -2015.ජන.10, ප.ව.11.55) ජනතාව විසින් කුජීත ලෙස පරාජයට පත් කර මැදමූලනට එළවා දැමූ මහින්ද රාජපක්ෂ විලි ලැජ්ජාවක් නොමැතිව හොර පාරෙන් යලි පාර්ලිමේන්තුවට පැමිණ ලක්ෂ 62 ක් ජනතාව අනුමත කළ දින 100 ජනතා වැඩ සටහන පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට යන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

    මේ අනුව එජනිස ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් වන ජනක ප්‍රියන්ත බණ්ඩාර හෝ එල්ලාවල මේධානන්ද මන්ත්‍රී හිමි ධූරයෙන් ඉල්ලා අස්වී ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පත් කර ඔහුට අගමැති ධූරය ලබා ගැනීමට සැලසුම් කර තිබේ. මේ වන විට රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිවුරුම් දුන්නද මෛත්‍රීට සහාය දැක්වීමට ආ ආණ්ඩුවේ මන්ත්‍රීන් ගණන සමග වුව ඇත්තේ මන්ත්‍රීන් 86 ක් පමණි. පාර්ලිමේන්තුවේ වැඩි කැමැත්ත දිනා ගැනීමට නම් මන්ත්‍රීන් 113 කගේ කැමැත්ත අවශ්‍යය. එනම් තව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් 27 කගේ කැමැත්ත අත්‍යාවශ්‍ය වේ.

    මෙය ලබා නොදීම මහින්ද රාජපක්ෂගේ සැලසුම වී ඇති අතර ඒ සඳහා ප්‍රථමයෙන් කර ඇත්තේ නිමල් සිරිපාල සභානායක වරයා අගමැති කිරීමට අද දහවල් අත්සන් එකතු කිරීමයි. නමුත් නිමල් සිරිපාල ඊට අකමැති වී ඇති අතර ඔහු අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්ද කීවේ රනිල් අගමැති කිරීමේ තාක්ෂනික ප්‍රශ්නයක් ඇතත් දින 100 වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට සහාය දෙන බවයි.

    මේ අතර ඩලස් සහ වීරවංශ දෙදෙනා මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කර ඔහුව අගමැති ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැලසුම් කර තිබේ. අගමැති ලෙස නොහැකි නම් විපක්ෂ නායකයා ලෙස හෝ මහින්ද රාජපක්ෂ යලි පාර්ලිමේන්තුවට ගෙන ඒම ඩලස් වීරවංශ කණ්ඩායමේ සැලසුම වී ඇත.

    මෙම ක්‍රියාමාර්ගයට නිමල් සිරිපාල ද සිල්වාගේ දැඩි විරෝධය පළවී ඇති අතර ඔහු අද රනිල් වික්‍රමසිංහ මහතා වෙත දන්වා ඇත්තේ තමන් විපක්ෂ නායක ලෙස පත් කරන්නේ නම් දින 100 වැඩ පිලිිවෙලට සහාය දැක්වීමට සූදානම් බවයි.

    මේ අතර හෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා ඇති අතර මහින්ද යලි පාර්ලිමේන්තුවට ගෙන ඒමට මහින්දවාදී කණ්ඩායම සූදානම් වන නමුත් ජනක බණ්ඩාර තෙන්නකෝන් පක්ෂයේ උප සභාපති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නායකයා මෛත්‍රීපාල සිරිසේන බවට යෝජනාවක් සම්මත කර ගැනීමට යයි. ඒ අනුව හෙට මෛත්‍රී ශ්‍රීලනිප නායකයා ලෙස පත් කර ගතහොත් මහින්ද රාජපක්ෂගේ ජනතා කැමැත්තට පයින් ගසන සැලසුම් සියල්ල නන්නත්තාර වී යනු ඇත.

    මෛත්‍රී ජනාධිපති වීමෙන් පසු ජාතිය ඇමතීම හෙට මහනුවරදී සිදුකිරීමට නියමිතය.

    කෙසේ වෙතත් මේ වන විට මෛත්‍රීපාල සිරිසේන හමුවන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් රැසක් මෛත්‍රීට සහාය පළ කර ඇති අතර සහාය නොදක්වන මෛත්‍රීවරුන්ට අනතුරු අඟවා ඇත්තේ තමන් තවමත් නිල වශයෙන් ශ්‍රීලනිපයේ ලේකම්වරයා බවත් දින 100 වැඩ සටහනට සහාය නොදෙන්නේ නම් ඔවුන්ට ඊලඟ මැතිවරණයකදී නාම යෝජනා ලබා ගැනීමට යලි තමන් ලඟට පැමිණීමට සිදුවන බවයි.

    දින 100 වැඩ සටහනට පවතින පාර්ලිමේන්තුවේ සහායක් නොලැබුන හොත් පාර්ලිමේන්තුව විසිරුවා යලි මැතිවරණයක් පැවැත්වීමට සිදුවන නමුත් එම මැතිවරණය පැවැත්වීමට සිදුවන්නේ පැරණි ඡන්ද ක්‍රමයට මිස යෝජිත නව ඡන්ද ක්‍රමය අනුව නොවේ. එවැන්නක් සිදුවුවහොත් එය ලක්ෂ 62 ක ජනතා කැමැත්තට රාජපක්ෂවාදීන් කරන ලද බරපතල අගෞරවයක් වනවා ඇත.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    මහින්ද මුන ගැසීමට මොහාන් යයි!

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුනගැසීම සඳහා දැනට නීත්‍යානුකූල නොවන ආකාරයට අගවිනිසුරු ධූරය හොබවන මොහාන් පීරිස් අද (10) මැද මුලනට ගොස් ඇතැයි වාර්තා වේ. මොහාන් පීරිස්ව මැදමුලනට කැඳවාගෙන ඇත්තේ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස විසිනි.

    අපගේ වාර්තා සඳහන් කරන ආකාරයට මෙම හමුවේදී සාකච්ඡා වී ඇත්තේ හිටපු ජනාධිපතිවරයා නැවතත් විපක්ෂ නායකවරයා ලෙස හෝ පාර්ලිමේන්තුවට පැමිණීමේ වැදගත්කම ගැනය. ඒ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී කෙනෙකු අස්වී එම පුරප්පාඩුව හරහා මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණීමට අපේක්ෂා කරගෙන සිටී. බොහෝ විට මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා මන්ත්‍රී ධූරය කැප කිරීමට සූදානම් වන්නේ මාලනී ෆොන්සේකා මහත්මියයි.

    දැනට අගවිනිසුරු ධූරය වංචනික ආකාරයට හොබවන මොහාන් පීරිස් කොතරම් පක්ෂග්‍රාහී ලෙස කටයුතු කර ඇත්තේ ද යන්න රනිල් වික්‍රමසිංහ මහතා අද සිය හිතවතුන් ඉදිරියේ විස්තර කර දී ඇත. ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් 09 වනදා අලුයම රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයට ගිය අවස්ථාවේදී ඔහුට මොහාන් පීරිස් මුනගැසී ඇත. එම අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා විමසා ඇත්තේ ‘ආ... අගවිනිසුරුතුමා. තමුන්නාන්සෙ මොනවද මෙහෙ කරන්නෙ?'යනුවෙන් ඇසූ ප්‍රශ්නයට ලැජ්ජාවට පත්වී ඇති මොහාන් පීරිස් ‘නෑ මං මේ ලීගල් ඔපීනියන් එකක් දෙන්න ආවා' කියමින් වහාම අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගොස් ඇත.

    තත්වය කෙසේ වුවද හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ මේ වන විට රාජපක්ෂ රෙජීමයේ මැති ඇමතිවරු 40 ක් පමන නව ජනාධිපතිවරයාට සහයෝගය දීම සඳහා පුල පුලා බලාසිටින බවයි. ඔවුන්ගේ සහයෝගය ඇතිව පාර්ලිමේන්තුවේ බහුතරය වන මන්ත්‍රීවරුන් 113 ක් මේ වන විට නව රජයට සහයෝගය දීමට සැදී පැහැදී සිටී.


    -lankanewsweb
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    විමල්ට එරෙහිව ස්ත්‍රී දූෂන චෝදනාවක්!

    ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ස්ත්‍රී දූෂන චෝදනාවක් පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙස නව රජය විසින් පොලිස්පතිවරයාට නියෝග කොට ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව තොරතුරු රාශියක් ලැබී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පුද්ගලිකවය. ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කොට ඇත.



    ඊට අමතරව රාජපක්ෂ රෙජීමයේ අන්ත දූෂිතයන් වන සජින් වාස් ගුණවර්ධන, හඩ්සන් සමරසිංහ, ප්‍රසන්න වික්‍රමසූරිය, ප්‍රියාත් වික්‍රමබදුගේ, මහින්දානන්ද අලුත්ගමගේ, නිශාන්ත රණතුංග, ගාමිණී සෙනරත්, ජාලිය වික්‍රමසූරිය, අජිත් නිවාඩ් කබ්රාල්, පී.බී. ජයසුන්දර, ධම්මික පෙරේරා, නිමල් පෙරේරා, දිලිත් ජයවීර, නාලක ගොඩහේවා, රාජිත් ප්‍රේමසිරි, දිල්ෂාන් වික්‍රමසිංහ, විලී ගමගේ යන රාජපක්ෂ රෙජීමයේ හිටපු නිලධාරීන් පිළිබඳව වහාම පරීක්ෂණ ඇරඹීමට මේ වන විට දිවයිනේ ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ඇතිව සැලසුම් කරමින් සිටී.

    මොවුන් විසින් පසුගිය දස වසර තුල සිදුකරන ලද මහාපරිමාණ දූෂණ වංචා හා කොමිස් මගඩි පියවරෙන් පියවර හෙලිදරව් කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.