සති දෙකෙන් ස්මාට් ටොයියෙක් වන ආකාරය සරළව
1. සිහි තබා ගත යුතු මූලිකම කරුණ ඔබ *ස්මාට්* ටොයියෙක් බවයි. ඔබ යූඑන්පී කාරයෙක් නොවේ. ඔබ ඡන් දය දෙන්නේ යූඑන්පී එකට බව සැබෑය. නමුත්, පිටතට පෙන්විය යුත්තේ ඔබ ස්වාධීන, අදීන, උගත්, බුද්ධිමත් පුරවැසියෙක් බවයි. මේ ඔබේ පළමු සහ වැදගත්ම නීතියයි. මෙය ලොකුවට ලියා ඔබේ කොම්පියුටරය ඉදිරියේ බිත්තියේ අලවා ගත්තාත් කම් නැත.