මහින්ද_ලබා_නොදෙන_යහපාලනය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද_ලබා_නොදෙන_යහපාලනය

    යහපාලනය ගැන අදහසක්


    යහ පාලනය යනු මහපාරේ රණ්ඩු නොවීම හා සොරකම් නොකිරීම වැනි දෑ පමණකැයි සිතා දෙපැත්ත සංසන්දනය කරන මහත්ම මහත්මීන් වෙත ය.
    අපේ ඉතිහාසය කියවද්දී යහපාලනයට අදාල මුල්ම අදහස් දැක්වීම කෙරෙන්නේ මිහිඳු රහතන්වහන්සේ අතිනි. උන් වහන්සේ විසින් දේවානම් පියතිස්ස රජුට වදාරන ' මහරජ ඔබ මේ රටේ හිමිකරුවා නොව භාරකරුවා වන්නේ ය' යන්නෙන් යහපාලනයේ මූලික අවශ්‍යතාවය වන හිමිකරුවා හා පාලකයා යන කොටස් දෙක පිලිබඳව නාමකරණය කියවිය හැක.
    ' ඔබට භාරදී ඇත්තේ වෙනකකුගේ වස්තුවකි. එය රැක බලා ගැනීමත්, එයට හානි නොකිරීමත්, එය වැඩි දියුණු කිරීමත් ඔබෙන් බලාපොරොත්තු වන්නේය.' මේ මිහිඳු හිමියන්ගේ ප්‍රකාශය තුලින් මා යහපාලනය යන්න අර්ථ දක්වා ගන්නා ආකාරය යි.
    යහපාලනය යන සිංහල වචනයට ආසන්නම ඉංග්‍රීසි යෙදුම වන්නේ Good Governance යන්නයි. 2000 දශකයේ අග භාගයේ සිදුවුන මූල්‍ය අර්බුදය හරහා අන් කවරදාට ත් වඩා මේ පිලිබඳව කථා කිරීමට යෙදුණි.
    එතැනදී ත් ආයතනයක නියම හිමිකරුවන් වන එහි කොටස් හිමිකරුවන් වෙනුවෙන් ආයතනය කලමණාකරනය කිරීම කලමණාකරන මණ්ඩලයකට පිරිනමනු ලැබෙයි. එතැනදීත් සිදුවන්නේ, වෙන අයෙකුගේ වස්තුවක් / හිමිකමක් රැක බලා ගනිමින් වැඩි දියුණු කිරීම තවත් අයෙකුට පැවරීමයි.
    පෙර අපර දෙදිග අර්ථ දැක්වීම් අනුව ගත්විට යමෙකුගේ හිමිකමක් වෙන අයෙක් අතින් පාලනය වද්දී ඒ පාලනය කරන්නා සතුව බලය එක්වන අතර ඒ බලය නිසි ලෙස යොදා ගැනීම යහපාලනය තුලින් බලා පොරරොත්තු වන්නේය.
    ඇමරිකානු මූල්‍ය අර්බුද අවස්ථාවේ දී ආයතනයන්හි හිමිකරුවන් වන කොටස් හිමියන් පාඩු ලබද්දී එහි කලමණාකරුවන් විසින් ලබාගත් අධික ආදායම් ( ආයතනික ගෙවීම් / වේතන ලෙස) ඉතා දැඩි ලෙස විවේචනය කෙරුණි. උදාහරණයක් ලෙස ගතහොත් ආයතනය බංකොලොත් විම වැලැක්වීම සඳහා වූ සාකච්ඡාවන් සඳහා ෆෝඩ් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරියා පැමිණෙන්නේ ඔහුගේම පුද්ගලික ජෙට් යානයකිනි. බංකොලොත් වූ එන්රොන් මූල්‍ය සමාගමෙහි කළමනාකාරීන් විසින් ආයතනයේ මුදල් වියදම් කරමින් ගොස් තිබූ විනෝද සවාරි සිය ගණනක් විය.
    මෙවන් තත්වයක් යටතේ සැබෑ හිමිකරුවන් වෙනුවෙන් පාලනය භාරගන්නා කළමනාකරුවන්ගේ මෙම වගකීම් විරහිත අන්තනෝමතික ක්‍රියාවන්හි සදාචාරය ප්‍රශ්න කිරීම ඇරඹුන අතර එහ ප්‍රතිපලයක් ලෙස යහපාලනයේ අවශ්‍යතාවය මතුව ආවේය.
    ලංකාව ද දැන් පවතින්නේ එදා ඇමරිකානු මූල්‍ය අර්බුද අවස්ථාෙව් මෙනි. නමුත් මුදල්මය අරුතින් පමණක් නොවේ.
    මෙරට හිමිකරුවන්ගේ ආදායම ඉතා පහල අඩියක තියෙද්දි භාරකරුවන් ලක්ෂ එක හමාරේ පාවහන් පලඳිති. ලැම්බෝගිනි රේස් යති. ග්‍රීසියේ නැති නම් ඩුබායි හි පාටි දමති. රටේ හිමිකරුවෝ කොටහළු මඟලටත් කණකර උගස් කරති.
    මෙරට හිමිකරුවන් දිවා රෑ නොබලා වෙහෙසී විශ්ව විද්‍යාලයකට සුදුසුකම් ලබද්දී, භාරකරුවන්ගේ නිර්දේශ මත වෙනත් අය ඔහුගේ / ඇයගේ තැනට ඇතුල් වෙති.
    එහෙයින් දැන් අප යහපාලනයට යා යුතුය. අන්තනෝමතික බලය මුදා හැරීමක් වෙනුවට ජනතාව හා පාලකයන් අතර සංවාදයකට ඉඩ තිබිය යුතුය.
    ඇමරිකානු මූල්‍ය අර්බුද අවසානයේ සෑම විශේෂඥ උපදෙසකින්ම පාහේ කියවුණේ එකම දෙයකි.
    01. කෑදර නොවන්න.
    02. යලි මූලධර්ම වෙත යන්න
    මෙ දෙක නම් මේ ඉන්න ජනාධිපතියාගෙන් මේ කපේට ලැබෙන්නේ නැත.


    අනිල් හේරත් මහතාගේ ලිපියකි
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    10171068_10152920031154030_8506483835316490050_n.jpg
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    බිම් මට්ටමේ පුරවැසියන්ගේ සැබෑ පැතුම මෙයයි.ඒකීය රටක් නිදහස් දේශයක්.සුබ අනාගතයක්.රටට ජය....
    :lol::lol::lol: