මහීපාල හේරත්ගේ ගංජා තොගයක් අත් අඩංගුවට
ගන්ජා කීලෝ 3ක් සමග සබරගමුව පළාත් සභා මහ ඇමති මහීපාල හේරත්ගේ ආරක්ෂක රථය මීට ස්වල්ප මොහොතකට පෙර පොල්ගහවෙල සුරාබදු නිලධාරීන් විසින් පොල්ගහවෙල නගරයේදී අත්අඩංගුට ගෙන තිබේ.
එහි සිටි ආරක්ෂක නිලධාරීන් සමග රථය මේ වනවිට කෑගල්ල දිසා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
මේඅතර සිය ආරක්ෂක රථය අත්අඩංගුවට ගත් බව දැනගත් මහ ඇමතිවරයා කෑගල්ල පොලීසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ සිය ආරක්ෂක රථය අතුරුදහන් වී ඇති බවය.
සබරගමුව මහ ඇමතිවරයාගේ ආරක්ෂාවට ලබා දී තිබෙන GD - 8457 දරන පොලිස් වෑන් රථය යොදා ගනිමින් ගංජා ප්‍රවාහනය කරමින් තිබියදී අද (18) උදෑසන සුරාබදු වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙවර මහ මැතිවරණයට මහීපාල හේරත් මහ ඇමතිවරයාගේ පුත් කනක හේරත් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මහින්ද රාජපක්ෂ පිල වෙනුවෙන් නාම යෝජනා ලබා දී ඇත.
මෙම සිදුවීම මාධ්‍ය වෙත වාර්තා නොවීම සඳහා මහ ඇමති මහීපාල හේරත් දැඩි ප්‍රයත්නයක යෙදුණු බවද අනාවරණය වේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එහි රියැදුරු වශයෙන් සිට ඇත්තේ මහ ඇමතිවරයාගේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටින පොලිස් නිලධාරියෙක්ය.
මේ වනවිට පොලිසිය විසින් සියලු නීතිමය කටයුතු ආවරණය කර ඇති අතර අද සවස් වරුවේ නඩු භාණ්ඩ හා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
- http://lankadaily.com/latestnews/item/8254-2015-07-18-09-11-29

chande dennama watinawa me wage ayata nam, wasanawan.