මහීපාල_ලොක්කගෙ_ගංජා_බිස්නස්_එක
copied from NethFM
ගංජා ඇද්ද පෙරගමන් රථයට තෙල් ගැහුවේත් පොලිසිය
පසුගිය දා ගංජා කිලෝ තුනක් සමග අත්අඩංගුවට ගත් සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ පෙර ගමන් රථයේ 'පොලිස්' යන ලාංඡනයත්, අනවශ්‍ය විදුලි පහනුත් ගලවා ඉවත් කරන ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (12) නියෝග කළා.
ඒ, මහීපාල හේරත් මහතාගේ පෙර ගමන් රථය රුපියල් ලක්ෂ 150ක බැඳුම්කරයක් යටතේ නිදහස් කිරීම සඳහා නියෝග ලබා දෙමින්.
පෙර ගමන් රථයේ රියැදුරු වන චමින්ද රසික අතුකෝරල ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද කෑගල්ල මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කරනු ලැබුවා.
පසුගිය ජූලි 18 වැනිදා පෙර ගමන් රථය අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාව දක්වා ඉන්ධන සපයා දී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් වන අතර එම දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කර තිබූ වාහනය පළාත් සභාවට පවරා දී ඇත්තේ මේ වසරේ මැයි 07 වැනි දිනයි.
copied from NethFM

