උඹ අහල තියෙන්නෙ මගෙන් නෙමෙයි, ඔය උඹ අහන එකා වැඩකටඇති උත්තරයක් දෙන එකක් නැති නිසා කියන්නම්... වෙන රටවල් වල මේ වගේ ෆෝරම් වල තමයි රජයවල් ගෙදර යවන, ප්‍රතිපත්ති ගේන්න, නීති හදන තැනට වැඩ කරන්න, අලුත් අදහස් වලට ඉඩ දෙන්න්න් කිය මූව්මන්ට්ස් හදන්නෙ. ඒත් මේකෙ මේ ක්‍රමය මෙහෙම වෙනස් වෙන්න ඕනි කියන්න එකෙක් නෑ.. එක එකාගෙ වැරදි කියන් එක විතරමයි කරන්නෙ, ඒකෙන් ඇත්තටම්ම් වෙන්නෝනි දේ වෙන්නෙ නෑ.
ඇත්තටම රට හදන්න ගොඩ දාන්න වැඩ කරපු, කරන මිනිස්සු ඉන්නවා... ඒ සමහර දේවල් හිතපු විදිහට සාර්ථක වෙලා නෑ, ඒත් සමහර වෙලාවට ඒවා අසාර්ථක කරවන්නම දත කට නියවන කට්ටියක් ඇතුලෙන්ගේමක් ගහනවා.
රටක් හැටියට අපි හදන්න් ඕනි මොනවද, අපිට් තියෙන්නෙ මොනවද, නැත්තෙ මොනාද, අපි කොතනද තව අවුරුද්දකින්, පහකින් , දහයකින් සහ පනහකින්, ස්සියකින් ඉන්න් ඕනි කියලා දැක්මක් රටටම තියෙන්න ඕනි. ඕක මේ ආණ්ඩු, ජනාදීපතිවරු , අගමැතිවරු මාරු උනාට වෙනස් වෙන්න ඕනි එකක් නෙමෙයි.
එහෙම කරන කෙනෙක් නෙමෙයි, සමාජයක් සහ රටක් තමයි අපිට ඕනි...