මහේලට මඩ ගැහීමට ජනපති සම්බන්දයි- කරු

Bullmilk

Member
Jan 16, 2011
170
19
0
මහේලට මඩ ගැහීමට ජනපති සම්බන්දයි- කරු

20110302195955.png
 

Bullmilk

Member
Jan 16, 2011
170
19
0
මහේලට අවලාද සහ මඩ ගැසීමට ජනපති , ක්‍රීඩා ඇමති සහ ආණ්ඩුවේ දේශපාලඥයන් සම්බන්ධ බවට අනූවේදනීය පුවතක් වාර්තා වේ. මේ බව කරු ජයසූරිය සහ විජිත හේරත් වගකීමෙන් යුතුව අද මාධ්‍ය වලට හෙලි කර සිටියහ. මේ ගැන ජනාධිපති මහේලගෙන් සමාව ගත යුතු යැයි මොවුන් ප්‍රකාශ කරයි
:(:(:(
 

Bullmilk

Member
Jan 16, 2011
170
19
0
මේ සයිට් එකේ දේශපාලනේ ගැන ආර්ටිකල් දැම්මට අවුලක් නැද්ද මල්ලි බෑන් කරන්නැද්ද ? මන් අද රෙජිස්ටර් උනේ :)
බය නැතුව දාපන්.කිසි ප්‍රශ්නයක් නෑ.මේ ආණ්ඩුවේ දූෂන වැරදි ගැන කතා කරන්න මේක නියම පොට් එක
:yes::yes::yes:
 

Bullmilk

Member
Jan 16, 2011
170
19
0
රජයේ මාධ්‍ය මහේල හා තිලාන් දඩයම් කිරීමට සැරසීම කණගාටුදායකයි - කරූ

2011 මාර්තු 02 වෙනි බදාදා, 16:32 Sri Lanka Mirror Editor



karujayasuriya_action.gif

ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය තමන්ට අවැසි පරිදි දඩමීමා කරගැනීමට කි‍්‍රකට් කී‍්‍රඩකයන් වන මහේල ජයවර්ධන හා තිලාන් සමරවීර ගොදුරක්වීම කණගාටුදායක බව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර තිබේ.
රජයේ රූපවාහිනී නාලිකාවක් මඟින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ උප නායක මහේල ජයවර්ධන මහතා සම්බන්ධව ප‍්‍රචාරය කරනු ලැබූ අපහාසාත්මක වැඩ සටහන මගින් මාධ්‍ය ආචාර ධර්මද විනාශකර ඇති බවද එහි සඳහන් වේ.

කී‍්‍රඩකයන්ගේ මානසිකත්වය තේමා ගීත හා බැනර්වලින් පමණක් නංවාලිය නොහැකි බවද ජයසූරිය මහතා දක්වා තිබේ.

සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ උප නායක මහේල ජයවර්ධන මහතා සම්බන්ධව රජයේ රූපවාහිනී නාලිකාවක වැඩ සටහනක් මගින් කරනු ලැබ ඇති අපහාසය සම්බන්ධව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනය.

කිසිදු මාධ්‍ය ආචාර ධර්මයක් ගැන නොසලකා රාජ්‍ය මාධ්‍ය තමන්ගේ දේශපාලන අභිමතාර්ථයන් සඳහා වත්මන් ආණ්ඩුව විසින් යොදා ගන්නා අවස්ථා ගැන අසන්නට ලැබෙන්නේ අද ඊයෙක සිට නොවේ. අප ද එය විටින් විට පෙන්වා දී ඇත්තෙමු.

එහෙත්, රාජ්‍ය මාධ්‍ය තමන්ට අවැසි පරිදි දඩමීමා කර ගැනීම දේශපාලන කාරණාවලට පමණක් නොව, කි‍්‍රකට් කී‍්‍රඩාව වැනි අනෙකුත් ක්‍ෂේත‍්‍ර සම්බන්ධව ද යොදා ගන්නා බවට දැන් ඇස්පනාපිට ඔප්පු වී ඇත්තේ පසුගිය දා රජයේ රූපවාහිනී නාලිකාවක් මඟින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ උප නායක මහේල ජයවර්ධන මහතා සම්බන්ධව ප‍්‍රචාරය කරනු ලැබූ අපහාසාත්මක වැඩ සටහනක් මඟිනි.

එකී වැඩ සටහන මඟින්, ශී‍්‍ර ලංකාව හා පකිස්ථානය අතර පැවැති ලෝක කුසලානය සඳහා වූ කි‍්‍රකට් තරගයේදී පාකිස්ථානය ජයග‍්‍රහණය කරවීමට එක්තරා ව්‍යාපාරිකයෙකුගේ අමෙරිකානු ඩොලර් 18,000 ක ඔට්ටු ඇල්ලීමකට මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර යන කි‍්‍රකට් කී‍්‍රඩකයන් ගොදුරු වී ඇති බවට චෝදනා නඟා තිබේ.

මහේලගේ හා තිලාන්ගේ කි‍්‍රකට් දිවිය පුරාම කිසිදු කළු පැල්ලමක් ගෑවී නොතිබූ බව ප‍්‍රකට කාරණාවකි. එසේ තිබිය දී මෙම වැඩ සටහනට දායකත්වය සපයා ඇති ප‍්‍රවීණ මාධ්‍යවේදියා මහේලට විරුද්ධව චෝදනා නඟනු ලබන්නේ හුදෙක් ග‍්‍රාම්‍ය මට්ටමේ වචන සමුදායකින් මිස කරුණු කාරණා තහවුරු කරමින් නොවේ. මෙම චෝදනාව නඟන අය එක් පැත්තකින් බැලූ විට මෙරට තවත් රජයේ පුවත්පතක කර්තෘවරයෙකි. එසේ ම, එකී වැඩ සටහනේ සමබරතාව ගැන මෙයට පෙර අවස්ථා ගණනාවකදීම ප‍්‍රතිවිරුද්ධ දේශපාලන පක්‍ෂවලින් මෙන් ම, මැදහත් ජනමතධාරීන් සහ ජනතාව විසින් චෝදනා නඟා තිබිණි. ඒවා ගැන රජයේ බලධාරීන් නිහඬතාව පළ කිරීම තුළ ප‍්‍රකට වන්නේ, දේශපාලන බලය හා පවතින ආණ්ඩුවේ දේශපාලන වුවමනා එපාකම් අන් සියල්ලට වඩා ඉස්මතුවීමේ
ඛේදවාචකයයි.

අප දකින ආකාරයට මහේල සම්බන්ධව හෝ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වෙනත් කී‍්‍රඩකයෙකු සම්බන්ධව හෝ චෝදනාවක් වේ නම් ඒ ගැන සාධාරණ පරීක්‍ෂණයක් පැවැත්වීම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට භාර දෙනවා විනා ඇතැම් මාධ්‍යවේදීන් ගොඩ පෙරකදෝරුවන් ලෙස යොදා ගෙන මාධ්‍ය ආචාර ධර්මවලට එපිටින් යමින් අපගේ කී‍්‍රඩකයන්ගේ මානසිකත්වය පහත හෙලීමේ වැඩ සටහන් විකාශය කිරීමකට එය ලඝු කිරීම නොහොබිනා දෙයකි.

විශේෂයෙන් රජයේ අනුදැනුමකින් තොරව, මෙවැනි ඒකපාර්ශවීය හා ග‍්‍රාම්‍ය වැඩ සටහන් විකාශය කිරීමට රාජ්‍ය මාධ්‍යවලට කිසිදු හැකියාවක් නොමැත. ඔවුන් මේ දේ කරනු ලබන්නේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම ලෝක කි‍්‍රකට් කුසලාන තරගාවලියකට මුහුණ දෙමින් සිටිය දී වීම තව දුරටත් කණගාටුදායකය.



 

Bullmilk

Member
Jan 16, 2011
170
19
0

අධෛර්ය නොවන්නැයි අර්ජුන කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගෙන් ඉල්ලයි

2011 මාර්තු 02 වෙනි බදාදා, 22:54 Sri Lanka Mirror Editor


arjuna-11-01-17.gif
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ උපනායක මහේල ජයවර්ධන හා තිලාන් සමරවීර යන කී‍්‍රඩකයන් තරග පාවාදීමේ ගනුදෙනුවක් කර ඇතැයි යන්න ඉඟිවන ආකාරයට විමසුම වැඩසටහනින් විකාශය කළ ආකාරයේ වැඩසටහනක් පෞද්ගලික ගුවන් විදුලි හෝ රූපවාහිනී නාලිකාවක් විකාශය කලේ නම් එය මේ වන විට තහනම් කරන බව හිටපු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර අර්ජුන රණතුංග මහතා පැවසීය.
කෙසේවුවද එම වැඩසටහනේ පිටපත රචනා කළ මහින්ද අබේසුන්දර මහතාට හෝ එම වැඩසටහනේ නිෂ්පාදන අංශයේ පිරිසට මේ පිළිබඳව පරීක්‍ෂණයක් හෝ පැවැත්වීමට මෙතෙක් කි‍්‍රයාත්ම නොවීම කනගාටුදායක බවද ඔහු සඳහන් කළේය.

මෙවැනි වගකීම් විරහිත ප‍්‍රකාශවලින් අධෛර්ය නොවී ධෛර්යයෙන් ඉදිරි තරග සඳහා මුහුණදෙන ලෙසද ඔහු ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් කී‍්‍රඩකයන්ගෙන් ඉල්ලීමක් කළේය.


 

jayampathi

Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    aththatama mahinda abeysundara kale jara wadak thama.eka ona kenekuta therenawa.eth meka politicians la thamange wasi sandaha yoda ganna eka anumatha karanna ba.hondata baluwoth therum ganna puluwan eka.anith eka ekata samawa ganna ona sports ministerwath anduwawath nemei.mahinda abeysundara saha itn eka thama cricketersla gen samawa ganna ona
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ITN නොහොත් ජනපතිගේ පිල අඩු ලකුණු වලට Out උනාම..... විපක්ෂේ උන් උඩ පැන පැන සෙල්ලම් කරනවා ලකුණු දාගන්න. :lol:
     
    • Like
    Reactions: royweera