මහේල බැල්ලිග පුතා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහේල බැල්ලිග පුතා

එළැඹෙන ලෝක කුසලාන විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියෙන් පසුව ජාතික කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ගේ ගිවිසුම් අත්සන් කිරීම අලුත් ආකාරයකට සිදුකිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල කියනවා.

ඒ අනුව ක්‍රීඩකයන් සහ ක්‍රිකට්‌ ආයතනය අතර ඇති කොන්ත්‍රාත්තුවට අලුතින් පරිච්ඡේද එකතුවන අතර කොන්ත්‍රාත්තුවට අයත් ක්‍රීඩකයන් සංඛ්‍යාව වැඩි කිරීම පිළිබඳවද සාකච්ඡා මට්‌ටමේ පවතින බව සුමතිපාල මහතා පවසයි.

“අපිට කොන්ත්‍රාත්තුවට අවශ්‍ය ක්‍රීඩකයන් සංඛ්‍යාව කොපමණද යන්න පුහුණුකරුවන් සහ වෙනත් අංශ සමග සාකච්ඡා කරමින් ඉන්නවා. කොහොම වුණත් රටේ ක්‍රිකට්‌ ආනාගතය සුරක්‍ෂිත කිරීමට හැකි හොඳ ගිවිසුමක්‌ ක්‍රීඩකයන්ට අත්සන් කිරීමට බලාපොරොත්තු වෙනවා.” යෑයි සුමතිපාල මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමග ගිවිසුම් ගතවන ඕනෑම ක්‍රීඩකයකුට වසර දෙකක්‌ යනතුරු කිසිදු විදේශීය රටක පුහුණුකරුවකු හෝ උපදේශකයකු ලෙස කටයුතු නොකිරීමට හැකි පරිදි කොන්ත්‍රාත් අත්සන් කිරීමද මෙම වසරේ සිට ක්‍රියාත්මක කරන බව තිලංග සුමතිපාල මහතා පවසයි.

ජාතික කණ්‌ඩායම නියෝජනය කිරීමෙන් පසු තම රටේ ඕනෑම කණ්‌ඩායමක පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීමේ අවස්‌ථාව එම ක්‍රීඩකයන්ට තවදුරටත් හිමිව තිබේ. යම් ක්‍රීඩකයකු සමුගත් විගස වෙනත් රටක පුහුණුකරුවකු හෝ උපදේශකයකු ලෙස බඳවා ගැනීමේදී ඔහු සමග එකට ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගේ අඩුපාඩුකම් ප්‍රතිවාදීන්ට ලබාදීමේ හැකියාව ඇති බැවින් එය වලකාලීම පිණිස මෙම තීරණය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවද සුමතිපාල මහතා වැඩිදුරටත් පැවසීය.

මේ වන විට එංගලන්ත කණ්‌ඩායමේ උපදේශකයකු ලෙස කටයුතු කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක මහේල ජයවර්ධන අදාළ කටයුත්ත කිරීමෙන් ශ්‍රී ලංකා පිලට අවාසියක්‌ ඇති විය හැකි බව තිලංග සුමතිපාල මහතා කළ ප්‍රකාශයට මහේල ජයවර්ධන ඊයේ (01 දා) පිළිතුරු ලබාදී තිබීමද විශේෂත්වයකි.

“මම එංගලන්ත පිලට ශ්‍රී ලංකා කණ්‌ඩායමේ දුර්වලකම් කියන්න පත්වෙලා නැහැ. මම දින 10 කට ඔවුන්ගේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට අවශ්‍ය දැනුම සහ තරග කිරීමට අවශ්‍ය උපදේශකයකු ලෙස පමණයි කටයුතු කරන්නෙ. ඇරත් මම විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ වලින් සමුගෙන දැන් වසර දෙකක්‌ වෙනවා. ටෙස්‌ට්‌ තරගවලින් සමුගෙනත් වසර දෙකකට ආසන්නයි. එක්‌දින තරගවලින් සමුගෙන මාස 12 කට ආසන්නයි.” යනුවෙන් මහේල පවසා තිබේ.

තමා විදේශ කණ්‌ඩායම්වලට තම රටේ කණ්‌ඩායම බිද දැමීමේ උපක්‍රමය කියා නොදෙන බවත් සෑම විටම අපේක්‍ෂා කරන්නේ ශ්‍රී ලංකාව කණ්‌ඩායමේ ජයග්‍රහණය බවත් මහේල වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් මීට පෙර එක්‌සත් අරාබි එමීර් රජ්‍යයේ පැවැති පකිස්‌තානය සහ එංගලන්තය අතර තරගාවලියේදීද එංගලන්ත කණ්‌ඩායමේ උපදේශකයකු ලෙස මහේල ජයවර්ධන කටයුතු කළේය. මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි නවසීලන්ත කණ්‌ඩායමේ වේග පන්දු උපදේශක ලෙස කටයුතු කරනු ලැබුවේ චමින්ද වාස්‌ය. බොහෝ රටවල අලුත්ම සංකල්පය වන්නේ කෙටි කාලීන උපදේශකයකු පත් කරගනිමින් තරගාවලියේ ජයග්‍රහණයට අවශ්‍ය පසුබිම සකස්‌ කිරීම බව මෑත කාලයේදි දක්‌නට ලැබුණු විශේෂ කරුණකි.

අසේල විතාන
උපුටා ගැනීම දිවයින පත්තරෙන්