මහේෂි මධුසංකාට මේනකා මධුවන්තිගෙන් බරපතළ

buwa68

Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    මහේෂි මධුසංකාට මේනකා මධුවන්තිගෙන් බරපතළ

    පට්ට සීන් එක....


    සඳුන් රාජකරුණාගේ චායා ටෙලි සිතුවම මේ දිනවල ගොඩක් ජනප්‍රියයි. එහි චායාගේ එදිිරිවාදියා, හර්ෂනීයි. චායා සහ හර්ෂනී අතර කොයි වෙලාවේ බැලුවත් ගැටුමක්. නාට්‍යය ඇතුළේ වගේම සැබෑ ජීවිතයේදීත් චායා ලෙස රඟන මහේෂි මධුසංඛා සහ හර්ෂනීට පණ පොවන මේනකා මධුවන්ති තරහකාරියන් වෙලා කියලයි අපිට ආරංචිය. ඒ විතරක් නෙවෙයි දෙන්නා අතර රණ්ඩුවකුත් ඇති වෙලාලු. මේ කතාවේ ඇත්ත නැත්ත අප මෙහි එක වග උත්තරකාරියක වන මේනකාගෙන් ඇහැව්වා. ඇය ඊට පිළිතුරු බැන්දේ මෙන්න මේ අයුරින්.

    * මේනකා, ඔබ සහ මහේෂි අතර මේ වන විට යම් විරසකයක් ඇති වී තිබෙනවා. මොකක්ද ඊට හේතුව?

    මං සාමාන්‍යයෙන් බොහොම පාඩුවේ ඉන්න කෙනෙක්. හැබැයි ඕන කෙනෙක් එක්ක මං හරි සුහදයි. චායා දර්ශන තලයේ හැමෝත් එක්කම මං මේ වනකම් හොඳින් ගනුදෙනු කරනවා. මේ තත්ත්වය දරාගන්න බැරි මහේෂි දිනක් මං ලොකේෂන් එකට එන්න කලින් කියලා තියනවා එතන අයට මාව ගණන් ගන්න එපා කියලා. ඒක බොහොම සැර පරුෂ විදිහටයි කියලා තියෙන්නේ. චායා නාට්‍යයේ හිටපු මේකප් ආටිස් සමීර මහේෂි කියපුවා රෙකෝඩ් කරලා මට අහන්න දුන්නා. මේක දැනගත්ත මහේෂිට හරිම ලැජ්ජයි. ඒක වහගන්න මගෙත් එක්ක බහින් බස්වීමක් ඇති වුණා. එතැනින් තමයි ගැටුම ඇති වුණේ.



    * ඇයි මහේෂි ඔබට එවැනි කෙනෙහිලිකමක් කරන්නට හේතුව?

    මං ගැන දන්න අය දන්නවා මං මොන වගේ කෙනෙක්ද කියලා. චායා එකේ කට්ටිය වුණත් එහෙමයි. මාව ඔවුන් හොඳට පිළිගන්නවා. ඒ තත්ත්වය සල්ලිවලට ගන්න බැහැ. මහේෂි අන්න එකට කැමැති නැහැ. මාව කපලා දාන්න වෙන්න ඇති අර විදිහෙ කතා කියන්න ඇත්තේ. ඒත් දැන් කොයි කාගෙනුත් කැපිලා තියෙන්නේ එයාමයි.



    * ඔබට වඩා මහේෂි ජනප්‍රියයි කියලා කවුරුන් හෝ කිව්වොත්?

    මහේෂි වටා ඉන්නේ එක් රසිකයෝ කණ්ඩායමක්. අනිත් එක ජනප්‍රියත්වය මනින්න මිම්මකුත් නැහැනේ. නාට්‍යයේ මහේෂි රඟපාන්නේ අහිංසක චරිතයක්. එහෙව් එකේ මිනිස්සු එයාට වැඩිපුර ආදරය කරන්න පෙළඹෙනවා ඇති. මේ වෙලාවේ මං රසිකයන්ටත් වැදගත් පණිවුඩයක් දෙන්න තියෙනවා.



    * ඒ මොකක්ද?

    ඔය චායා වගේ අහිංසක චරිත තියෙනවා නේද, ඒවා හිමි වෙන්නෙම නපුරු අයට. ඉතින් මිනිස්සු අර චරිතයෙන්ම ඒ නළුවා හෝ නිළියගේ සැබෑ ජීවිතය මනිනවා. මං බුද්ධිමත් රසිකයන්ගෙන් ඉල්ලන්නේ නාට්‍යවලින් දකින චරිත හරහා ඒ පුද්ගලයන්ගේ සැබෑ ජීවිතය මනින්න එපා කියලා.



    * ඔබ සහ මහේෂි අතර ඇති මේ විරසකය මත චායා හි අංග රචනා ශිල්පී සමීර මධු කිඳෙල්පිටිය නාට්‍යයෙන් අයින් කළා?

    සමීරව නම් අයින් කළා තමයි. ඒත් මට දැනගන්න ලැබුණු හැටියට ඊට නිෂ්පාදන කණ්ඩායම පැත්තෙන් ලැබෙන්නේ වෙන උත්තරයක්. ඔහුගේ වැඩ හොඳ නැති බවයි ඔවුන් කියන්නේ. කෙසේ නමුත් මගෙයි මහේෂිගෙයි සිදුවීම මත සමීරව අයින් කළා නම් ඒක හරිම අපරාධයක්.



    * මේ සිද්ධියේදී ඔබ අනුගමනය කරලා තියෙන්නේ නිහඬ පිළිවෙතක්. ඒක ඔබට අවාසිදායක වුණේ නැතිද?

    මට මීට වඩා ක්‍රියාත්මක වන්න තිබුණා. ඒත් මං හිතුවා මං ජනප්‍රිය කෙනෙක් නේද කියලා. සමාජයේ ජනප්‍රිය අයෙක් අන් අයට ආදර්ශවත් විය යුතුයි. නිහඬව ඉන්න එක තමයි වඩාත් හොඳ.



    * මහේෂි දැන් ඔබට මුහුණ දෙන්නේ නැතිලු නේද?

    ඔව් අනේ. මාව දැක්කම එයා පණ බයේ දුවනවා.



    * ඇය ඉස්සර ඔබේ හොඳ යාළුවෙක්. කතාබහ කරලා ප්‍රශ්න විසඳගෙන නැවතත් ඇය සමඟ මිතුරුවන්න යැයි කවුරුන් හෝ කියලා නැද්ද?

    එයයි මමයි යාළුවො හින්දා තමයි මහේෂි දැන් බය. ඇයගේ ජීවිතේ ඔක්කොම මං දන්නවා. ඒත් මං ඒවා කවදාවත් එළි කරන්නේ නැහැ. බල්ලෙක් අපිව හපා කෑවට අපි බල්ලව හපා කන්නේ නැහැනෙ.



    * ඔබට සාපේක්ෂව මහේෂිට පෙම්වතියගේ චරිතය නිරූපණය කරන්න වැඩිපුර අවස්ථාවන් ලැබුණා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?

    එයාගේ ගමන ෆාස්ෆෝවර්ඩ්නේ. ඒක නිසා ඒ අවස්ථාවන් ලැබුණා. මං වසර ගණනාවක් තිස්සේ හිමින් ගමනක් යන්නේ. ඒ අතරතුරදී මට විවිධාකාර හොඳ චරිත රැසක් ලැබුණා. හිමින් යන ගමන සදාකාලිකයි.



    * ඔබ මහේෂි ගැන බොහෝ දේවල් කිව්වා. මේ සටහන කියවලා ඇවිත් මහේෂි ඔබට කම්මුල් පාරක් ගැහැව්වොත් ඔබ මොනවද ඒ වෙලාවට කරන්නේ?

    අපෝ එච්චර දෙයක් එයාට කරන්න බැහැ. එයාට මට කම්මුල් පාරක් ගහන්න තරම් කොන්ද පණ නැහැ. ඇත්තම කිව්වොත් ඇය මට ගැහැව්වොත් මං සතුටු වෙනවා. මොකද එයාගේ හැංගි හොරා වැඩ නැවතිලා කියලා හිතලා. එතකොටවත් ඒ මොහොතේ ඉඳලා තැන් තැන්වල මගේ වැරැදි කියන්නේ නැතුව මූණටම කියයිනේ.




    ඇත්තටම මුන් ට මක් වෙලා ද මචන් ලා..........මුන් ගෙ වැඩ නම් අන්තිමයි!!!:confused::confused::confused::sorry::sorry:
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    162723_188137201196586_141023469241293_722416_4519767_n.jpg


    mmmmm menaka maduwanthi
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    පැටියා;15571584 said:
    නාට්ටිය ප්‍රමෝට් කරන්න කරන දේවල් :lol:
    ඕව විශ්වාස කරන රට හරක් ඉන්නවනෙ ලංකාවෙ :lol:

    අනිවා මචන්...උබ බොහොම හරි.....නාට්‍යය හා මේ චරිත දෙක අනුන් අතරෙ ජනප්‍රිය වෙන්න හිතාමතාම කරගන්න දේවල් මේවා....උන් හිතාගෙන ඉන්නෙ මිනිස්සුන්ව අන්දවන්න...මේවටත් ඉතින් ඇද ගන්න උන් ඇති,.....ඒත් අපි නෑ......දඟලලා රෙද්ද උස්සල තැනකට එන්න බැරි උනාම ඉතින් මේවගෙ දේවල් වත් කරන්න එපායැ.... අනික මේව නිව්ස් වල දාල වෙබ් සිට් ප්‍රොමොට් කරන හිගන්නුන්ටයි මේ කියන්නෙ..... උබලට නිව්ස් නැතිනම් බෙලෙක්කයක් අරන් වරෙව් බස් වල නැගල....අපි සල්ලි දාන්නම්...මහා ලොකු නිව්ස් වගෙ මේවා මේ රටවල් වල මෙච්චර දේවල් තියෙද්දි කරන්න.... :angry::angry::angry::angry: