මහ ඇමති ධූරය නොදීම සාධාරණයි - දුමින්ද දිසා&#35

athal eka

Member
Oct 29, 2018
418
32
0
මහ ඇමති ධූරය නොදීම සාධාරණයි - දුමින්ද දිසා&#35

2012 වසරේ පැවති උතුරු මැද පළාත් සභා මැතිවරණයෙන් අනතුරුව එහි මහ ඇමති ධුරය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට ලබා නොදී එස්. එම්. රංජිත් මහතාට ලබාදීම අතිගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන් විසින් කළ අතිශය සාධාරණ සහ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

බර්ටි ප්‍රේමලාල් තම පියා වුවත් තමන් සාධාරණය සහ සත්‍ය වෙනුවෙන් එදාත් අදත් පෙනී සිටි බව පැවසූ අමාත්‍යවරයා එදා ජනමතය තිබුණේ එස්. එම්. රංජිත් මහතාට බව තමන් එදාම පිළිගත් බව ද ප්‍රකාශ කළේය.

බර්ටි ප්‍රේමලාල් ඉතා දූෂිත අයුරින් වසර ගණනක් තිස්සේ උතුරු මැද පළාත් සභාව පාලනය කළ බවත් දේශපාලනයට පැමිණෙන විට තැපැල් නයින්ටියක්වත් නොතිබූ ඔහු මහා ධනවතෙකු වූ ආකාරය එෆ්. සී. අයි. ඩී.ය යොදවා හෝ සොයා බැලිය යුතු බවත් පැවසූ ඒ මහතා අනුරාධපුර ජනතාව ඒ යුගයේ බර්ටි ප්‍රේමලාල්ට කීවේ "පොකුණු පියා" කියා බව ද සිහිපත් කළේය.

කෙසේවෙතත් පළාත් සභා මහ ඇමති ධුරය නොලැබීම ගැන තමන්ගේ පියා තුළ කිසිදු පසු තැවීමක් නොතිබුණු බව පෙන්වා දුන් ඒ මහතා මහ ඇමති ධුරය නොලැබීමේ හිතේ අමාරුව නිසා ඔහු 2013 වසරේදී මියගිය බවට පැතිර ගිය කතා තරයේ ප්‍රතික්ෂේප කළේය.

එසේම ඊයේ දිනයේ තමන් ගත් දේශපාලනික තීන්දුවට සුබ පැතීම සඳහා තම පියා වළෙන් නැගිට එනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින් දුමින්ද දිසානායක අමාත්‍යවරයා පැවසුවේ 2014 වසරේදී තමන් මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පක්ෂයෙන් ඉවත්වී පැමිණියේ මතු දිනෙක එතුමන් නිසි මගට ගෙන යළි මහින්ද මැතිඳුන් හා එක්සත් කිරීමේ අධිෂ්ඨානයෙන් යුතුව බවයි. අද එය මල් ඵල ගැන්වී ඇති බැවින් තමන් ඉතාම සතුටු වන පැවසූ අමාත්‍යවරයා නව අමාත්‍යාංශය සඳහා කුලියට ගැනීමට නිළියක් සතු බිල්ඩිමක් තිබේ නම් සොයා දෙන ලෙස ද ජනතාවගෙන් ආයාචනා කළේය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග එකම කැබිනට් මණ්ඩලය වාඩිවීමේ ගෞරවය තමන්ට ලබාදීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මැතිඳුන් සහ මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් වෙත දුමින්ද දිසානායක මහතා නැවත වරක් සිය ස්තූතිය පළ කර සිටියේය.
 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    Mahinadanda ahanawalu Duminda aiya packing kadapu palal ewata kamathi ne kiyala