ලංකාවේ ගොඩක් පවුල් වල ළමයි කීප දෙනෙක් ඉන්නවා. හැබැයි තියෙන්නේ එක ගෙදරයි එක ඉඩමයි. අම්ම තාත්තා වයසට ගියාම ඕක ඉන්න ඔක්කොටම බෙදන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ළමයි ඕක බදාගන්න රණ්ඩු කරනවා. ඉතින් ප්‍රශ්න ගොඩයි.
සමහර දෙමාපියෝ ඉඩම වැඩක් ගන්න බැරි තරම් පොඩි පොඩි කොටස් වලට බෙදල දෙනවා. තව අය ඉඩමයි ගෙදරයි විකුනලා සල්ලි අරන් සල්ලි සම සේ බෙදලා දෙනවා. තව අය බෙදලා නොදීම මැරිලා යනවා. මේ ඔක්කොම ප්‍රශ්න තවත් වැඩි කරනවා මිසක් අඩු කරන්නනේ නැහැ.
මට හිතෙන විදිහට නම් ඕක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ලංකාවේ හද්ද කැලේක තියෙන ගෙදරක වුනත් අද ඉඩම් මිලයි, ගෙවල් හදන්න අමුද්‍රව්‍ය මිලයි එක්ක බැලුවම ගෙදරටයි ඉඩමටයි රුපියල් කෝටියකට එහා වටිනවා. ඉතින් ඒ තියෙන ඉඩම වැඩක් ගන්න බැරි තරම් පොඩි පොඩි කොටස් වලට බෙද බෙද දගලන්නේ නැතුව එකෙකුට දෙන්න ඕන. ඒක හරියට අනිත් සහෝදර සහෝදරියන්ට නොදී රුපියල් කෝටියක් ගත්ත එකාගේ බැංකු ගිණුමට දාලා දුන්නා වගේ. ඉතින් ඊට පස්සේ එයා අම්මයි තාත්තයි ඉතිරි ජීවිත කාලේ බලාගෙන මිය ගියාට පස්සේ මරණෙටත් වියදම් කරන්න ඕන. ගත්ත කෙනාට මේක හිතන තරම් පහසු වැඩක් නෙවෙයි. වයසට ගියාම හොස්පිටල් බිල් වැඩියි. එක්තැන් වුනොත් බලාගන්න එක පහසු නැහැ. වයසට ගියාම එයාලත් පොඩි ළමයි වගේ. ඉතින් කරන කියන දේවල් ඉවසගෙන කාලයක් ඉන්නවා කියන්නේ අමාරු වැඩක්.
එතකොට ගෙදර ගත්තේ නැති අයට අම්මා තාත්තා ගැන බරක් නැහැ. එයාලට පුළුවන් නගරේ රෙන්ට් එකට යන්න. නැත්නම් පිටරට පදිංචියට යන්න. තමන් හොයනා ගාන තමන් වියදම් කරගෙන නිදහසේ ඉන්න.
හරි සරලයි නේ.
හැබැයි ගෙදර දෙනකොට සමාජ සම්මතේට ගෙදර පොඩි එකාටම දෙන්නේ නැතුව හොඳ හැදියාවක් තියෙන හොඳ සැමියෙක්/බිරිඳක් ඉන්න දරුවෙක් තෝරලා දෙන්න දෙමාපියෝ බුද්ධිමත් වෙන්න ඕන.