බණ්ඩාරගම ටවුන් එකේ සෙනඟ ගොඩක් බලාගෙන ඉන්නකොට මන්න පිහි පෙන්නලා උස්සපු බයික් එක
කොහොමද මන්න දෙක... මන්න අරගෙන බයික් එකේ යන්නෙ බයක් නැතුව. අඳුරගන්න බැරිවෙන්න මාස්ක්, සන්ග්ලාස්, ජැකට් දාළා යන්නෙ හෙල්මට් එකක්වත් නැතුව
මිනිස්සු නිකං බලාගෙන ඉන්නවා. ෆලෝ කරන්නවත් එකෙක් නැහැ.
පහුගිය දවස්වල මුන් මොබිටෙල් එකේ රෙප් කෙනෙක්ව කපලා සල්ලි ටික අරගෙන, ගෑණු කෙනෙක්ව මන්න පෙන්නලා බය කරලා මාලෙ කඩාගෙන, තව කොල්ලෙක් ATM එකෙන් සල්ලි අරගෙන එනකොට ඌව කපලා පර්ස් එක අරගෙන ගිහින්. ඊයෙ මේ බයික් එක උස්සනවා මහ දවල් සෙනඟ ගොඩක් මැද්දෙ හැමෝම බලාගෙන ඉන්නකොට ෆිල්ම් එකක වගේ.
මාර රටක් ඕයි මේක දැන්. මිනිස්සු නම් එකෙක්ට එකෙක් නැහැ.
Update - උස්සපු උන් දෙන්නවත් එක්කම බයික් එක කලුතරදි අල්ලගෙන.
Source
Last edited:

