මහ බබා ගැන දන්නවද ?

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මහ බබා ගැන දන්නවද ?

    දකුණු පළාතේ සුන්දර හා ඓතිහාසික වටිනාකමක් තියෙන දික්වැල්ල නගරය මහා බ්‍රහ්මයා හෙවත් මහබබා රුව හිමිකම් කියන නිජබිමයි. දික්වැල්ල එකල කෝන්දෙනිය අශෝකාරාම පන්සලේ විසූ ගුණරතන හාමුදුරුවන් විසින් මෙම පළමු නිර්මාණය බිහි කර ඇත.රෙදි, කොළ හා තිඹිරි නම් ගෙඩියෙන් ගන්නා ලද මැලියම් යොදා මේ මුහුණ අතීතයේ නිර්මාණය කර ඇත. තවද වේවැල් හෝ උණ බට යොදා ගනිමින් ශරීරය කොටස නිර්මාණය කරනු ලබයි. ඉන්පසු මෙය තවත් හැඩ ගැන්වීම සඳහා විවිධ ආකාරයේ ඇඳුම් යොදාගනිමින් ලස්සන මහා බ්‍රහ්මයා රුවට සමාන විශාල මහ බබා රූපයක් ඉහත රූප වල පරිදි නිර්මාණය කර ගනු ලබයි. මෙය පෙරහැරේ මූලික අංගයක් ලෙස දෙපස ඉඩ සකසා දෙමින් ගමන් කරනු ලබයි. දැන් මෙය ලංකාවේ සමහර ප්‍රදේශවල නිර්මාණ දකින්න ලැබුණත් මාතර දික්වැල්ලට පමණක් ඓතිහාසික උරුමයක් සහ වටිනාකමක් ගෙන දෙන විශිෂ්ට නිර්මාණයකි. දික්වැල්ලේ ඇති සෑම පෙරහැරකම පාහේ මෙම මහබබා රුව දක්නට ලැබුනත් වැව්රුකන්නල බුදුරජ මහා වෙහෙරට මෙහි මූලික ස්ථානයක් හිමිවේ. මෙය ගැහැණු සහ පිරිමි වශයෙන් නිර්මාණය කරනු ලබයි.ගැහැනු රූප යනු මහා බ්‍රහ්මයාට විකෘති වේසයක් ගෙන දෙන්නකි.නමුත් ගැහැණු රූප විශාල වශයෙන් දක්නට ඇතිමුත් පැරණිම සහ තේජාන්විත ගාම්භීරත්වයකින් හෙබි පාරම්පරික පිරිමි රූප දැනට ඉතිරිව ඇත්තේ මා සොයාගත් තොරතුරු අනුව දන්නා පමණින් මේ 3 පමණයි. පැරැන්නන් අතර ඉතා ප්‍රසිද්ධ පිළිවෙලින් කෝන්දෙනිය, වත්තේගම සහ කොන්දෙනියවත්ත ප්‍රදේශයන් 3ට ආඩම්බරයක් හා වටිනාකමක් එක්කරන සාම්ප්‍රදායික පරම්පරාගත රූප තුනකි.

    1. මෙහි පළමු රූපය කෝන්දෙණිය අශෝකාරාම විහාරස්ථානයට අයත් මහ බබා නිර්මාණයෙ මහගෙදර මහ බබා රුවයි.කෝන්දෙණිය ප්‍රදේශයට වටිනාකමක් ගෙන දෙන එක සමාන වූ මුහුණු දෙකක් ඇත.ඔවුන්ට ම ආවේණික වූ රතු වර්ණයෙන් හැඩ ගැන්වෙන මෙම රූපය අත් දෙක වෙනස්ම ආකාරයකට ඉනට තබා සිටින්නාක් මෙන් සකසනු ලබයි.මෙම රූප දෙක කෝන්දෙණිය පන්සලේ රෑ පෙරහැරේ පමණක් ගමන් කරනු ලබයි.

    2. මෙහි දෙවැනි මහා බබා රූපය කොළ වත්තේ මහබා නමින් ප්‍රසිද්ධ වත්තේගමට වටිනාකමක් ගෙන දෙන නිර්මාණයකි.ඔවුන්ට ආවේණික කොළ වර්ණයෙන් හැඩ ගැන්වෙන මෙම රූපය වැවුරු කන්නල පන්සලේ පෙරහැර පමණක් ගමන් කරනු ලබයි.මෙයට සමාන තවත් රූපයක් දක්නට ඇති මුත් මේ තරම් වටිනාකමක් එය ට ඉඩ දිය නොහැක.

    3.මෙහි තෙවන රූපය පොල්ගේ මහා බබා නමින් ප්‍රසිද්ධ දික්වැල්ලටත්,කොන්දෙනියවත්තටත් වටිනාකමක් ගෙන දෙන්නකි.එකල වැවුරුකන්නල පෙරහරේ ප්‍රධානම සහ මුලින්ම ගමන් ගත්තේද මොවුන්ගේ පැරණි මහා බබා රුවක් වීම විශේෂයකි. මෙයද දැන් ඔවුන්ටම ආවේණික නිල් වර්ණය හැඩ ගැන්වෙයි.මෙහි විශේෂත්වය නම් සියුම්ව බැලූ කල මුහුණ කූඩුව අත් සියල්ලම 100% උපරිම අලංකාර ලෙස නිර්මාණය කර ඇත.

    මීට අමතරව බතීගම දිගු වාලුකාරාම පන්සලේ ඇති පැරණි මුහුණු කීපයක්ම සුනාමියත් සමග විනාශ වී ඇත. පැරණි ගැහැණු මුහුණු කිහිපයක් දැනටත් ඇති අතර විශාල වශයෙන් වර්තමානයේ මුහුණු නිර්මාණය වී ඇත.ඒ සමගම වර්තමානය වන විට සෑම පෙරහැරකම පාහේ,වෙසක් පොසොන් කාලයේ මෙම මහා බබා රූප විශාල වශයෙන් දක්නට හැක. මෙය කන්ද උඩරට පෙරහැරවල් වලට අලි ඇතුන් මෙන් පහතරට අපට ද ඓතිහාසික උරුමයක් කියාපාන අපේ ම අංගයකි.මෙම අංගය රැකගැනීම අපේ යුතුකමක් හා වගකීමකි.



    1VdUhKZ.jpg


    Thilak Muthukumarana