මහ බැංකුවේ අකුණු සන්නායකයේ තඹ කපන්ගිය 6ක් හසුවෙයි 🤣 🤣 🤣

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,327
    8,478
    113
    CBSL.jpeg



    ශ්‍රී ලංකා මහ බැංකුවේ පැරණි මහල් 16 ගොඩනැගිල්ලේ ඉහළ මහලේ සවිකර ඇති අකුණු සන්නායක පද්ධතියෙන් රුපියල් මිලියන 4.2කට ආසන්න වටිනාකමකින් යුත් තඹ වයර් සොරකම් කිරීම සම්බන්ධයෙන් කොන්ත්‍රාත් සමාගමක සේවකයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කොටුව පොලිසිය පවසයි.

    සැකකරුවන් විසින් සොරකම් කරන ලද වයර් තොගයෙන් කිලෝග්‍රෑම් 30ක් පමණ පොලිසිය විසින් සොයා ගෙන ඇති බව ද වාර්තා වේ.

    සොරකම් කරන ලද තඹ වයර්වල දිග මීටර් 288ක් බව පැමිණිල්ලේ සඳහන්ය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු පෙබරවාරි 27 වැනිදා කොටුව පොලිසියට මෙම සොරකම සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.