මහ බැංකුවේ වැටුප් වැඩිකිරීම කල් යයි
කතෘ මණ්ඩලය 2024 මාර්තු මස 21 බැලුවෝ - 162 (සුජිත් හේවාජුලිගේ )
කාරක සභාවේ නිර්දේශය පිළිගනිමින් වැටුප් වැඩි කිරීම කල් දමන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද (21) දැනුම්දී ඇත.
එසේම ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ සියල්ල පිළිගන්නා බවද එම ප්‍රධානීන් දන්වා ඇත.
වැටුප් සමාලෝචනය කිරීමට කාරක සභාව නිර්දේශ කළ කමිටුව ජනාධිපතිවරයා විසින් ළඟදීම පත් කෙරෙන හෙයින් එතෙක් මහ බැංකුවේ වැටුප් වැඩිවීම ලබන මාසයේ සිට කල් දැමෙන බව මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසීය.