මහ බැංකු අධිපති වැටුප ගැන කියයි

pjgprabath

Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    234.JPG

    (විමුක්ති එස් රුද්‍රිගු)

    අසත්‍ය ප්‍රචාරවලට රැවටී ඇතැම් දේශපාලනඥයන් සහ මන්ත්‍රීවරුන් තම මසික වැටුප ගැන විවිධ අසත්‍ය ප්‍රකාශ කළත් තමාගේ වැටුප මසකට ලක්ෂ 4 ක් බව මහ බැංකු අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතා අද(24) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

    රටේ වගකිව යුතු දේශපාලනඥයන් සහ මන්ත්‍රීවරුන් අසත්‍ය ප්‍රචාරවලට රැවටී ඒවා සත්‍ය ලෙස ප්‍රචාරය කිරීම පිළිබඳ තමන් කණගාටුවට පත් වන බවත් තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශ්‍රාම වැටුපක් ලබා නොගන්නා බවත් ඔහු පැවසුවේය.

    තමන්ට පෙර සිටි මහ බැංකු අධිපතිවරයා ඔහු ධුරයට පත්වන විට ලක්ෂ 1.5 කට තිබූ මහ බැංකු අධිපතිවරයෙකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 4 දක්වා වැඩිකර ගත් බවත් කැබිනට් මණ්ඩලයේ තනතුරක තත්ත්වයට ධුරය උසස් කරගෙන බදු ගෙවන්නන්ගේ සහ භාණ්ඩාගාරයේ මුදල්වලින් වෙනමම කාර්ය මණ්ඩලයක් සහ ආරක්ෂකයන් පත් කරගත් බවත් නන්දලාල් මහතා පෙන්වා දුන්නේය.

    තමන්ට එවැනි ආරක්ෂාවක් අවශ්‍ය නොවන බවත් තමන් ලබා ගන්නේ හිමි වැටුප, නිල නිවස සහ වාහනය පමණක් බවත් තමන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වූ පසු විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට බලාපොරොත්තු නොවන බවත් සාමාන්‍යයෙන් රජයේ සේවකයකු වසර 10 ක කාලයක් සේවයේ නියුතු වූ පසුව පමණක් විශ්‍රාම වැටුපකට හිමිකම් කියන බවත් නන්දලාල් මහතා ප්‍රකාශ කළේය.

    තමන්ට පෙර සිටි මහබැංකු අධිපති වරයාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වූ දෙය පිළිබඳ අවබෝධයක් තිබුණාද නැද්ද පිළිබඳ තමන්ට විශ්වාසයක් නොමැති මුත් ආරක්ෂාව පිළිබඳ හොඳ අවබෝධයක් තිබී ඇති බව නන්දලාල් මහතා ප්‍රකාශ කළේය.

    ලංකාදිප
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මොන බොරුද බං මේ
    මොන බොරුද කියන්නෙ මුගෙ පඩිය ලක්ෂ 4යි කියන්නෙ බොරු කියලද උඹ කියන්නෙ?
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,628
    10,200
    113
    වෙන්නත් පුලුවන් ! EPF එකෙ fund manager position එකටත් පඩිය දල තිබ්බෙ 86000යි !
     
    • Haha
    Reactions: shenat

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    තමන්ට පෙර සිටි මහබැංකු අධිපති වරයාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වූ දෙය පිළිබඳ අවබෝධයක් තිබුණාද නැද්ද පිළිබඳ තමන්ට විශ්වාසයක් නොමැති මුත් ආරක්ෂාව පිළිබඳ හොඳ අවබෝධයක් තිබී ඇති බව නන්දලාල් මහතා ප්‍රකාශ කළේය
    :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: NRTG

    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    වැටප එකක්, විස්‍රාම වැටප තව එකක්. හැබැයි technically බොරුවක් කියවෙන්නෙ නැති වෙන්න කොලේ වහල ගහල ලස්සනට :ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    සිංහලු කියන්නෙ
    රු. 25000~35000 දිලා අර රැකියා වියුක්ත උපාධි දාරියෙක් දාගන්න කියලා බන්....
    D.O කෙනෙක් හරි කමක් නැ... :yes: ලාභයි,
    මේ කාලෙ හැටියට හොදම ඔප්සන් එකක්.... සිංහලුන්ගෙ මොලෙ කොහොමද අහ්....

    දෙගොල්ලටම තියෙන්නෙ එකම උපාදිය, කරපු විභාගෙ විතරයි නෙහ් වෙනස් ;)