ඉස්කෝලෙට පියමං කල
පටු පාරේ වංගුව ලඟ
දම් පාටින් මල් පිපිලා
මහ බෝවිටියා ..
.
පුංචි කාලෙ ඉස්කෝලෙට
යන විටදී දුටුව දෙයින්
කම්පිත වූ හිත නැවතත්
තිගැස්සුනා එක වරටම
දැක බෝවිටියා..
.
ගැටවරයෙකුගේ සිරුරක්
දැවෙමින් තිබුනා සෑයක
ටයරය මත
පඳුරු අතර
මහ බෝවිටියා...
.
ජනක බොරලැස්ස
17-07-2016


