මහ මුහුදයි බුදු දහමයි...

starstharu

Member
Aug 17, 2010
3,847
568
0
37
වරකාපොළ
මහ මුහුදයි බුදු දහමයි...

[FONT=&quot]නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස[/FONT]

“[FONT=&quot]අනුජානාමි භික්ඛවේ චාතුද්දසේ[/FONT],
[FONT=&quot]පණ්ණරසේ අට්ඨමියා ච සන්නිපතිතුන්ති[/FONT]


[FONT=&quot]සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බුදුසසුනත් මහ සයුරත් සංසන්දනාත්මකව කරන ලද විග්‍රහයක් උදාන පාලියෙහි සෝණ වර්ගයට අයත් [/FONT]
“[FONT=&quot]උපෝසථ[/FONT]” [FONT=&quot] සූත්‍රයෙන් දැකගත හැකිය.අංගුත්තර නිකායෙහි අට්ඨක නිපාතයෙහි ද මෙම සූත්‍රය දක්නට ලැබේ. උපෝසථ කර්ම අරභයා දෙසන ලද බැවින් මෙම සූත්‍රය [/FONT]“[FONT=&quot]උපෝසථ[/FONT]” [FONT=&quot] නමින් හැඳින්වේ. උපෝසථ යන්නෙහි උප යන උපසර්ගයෙන් [/FONT]“[FONT=&quot]ළඟ[/FONT]” [FONT=&quot]යන අර්ථය ගෙන දෙයි. වසථ යනු විසීමයි. ඒ අනුව උපෝසථ යනු ළඟ වාසය කිරීමයි.[/FONT]

[FONT=&quot]පොහෝ දිනයන්හි දෙවියෝ මිනිස් ලොවට පැමිණ මිනිසුන් සමීපයෙහි වසන බව වෛදික යුගයේ බ්‍රාහ්මණ මතයෙකි. මේ නිසා පොහෝ දිනයන්හි උපෝසථ කර්මයෙහි නියුතු වූහ. උපෝසථ කර්ම නම් කාම සේවනයෙන් වැළකීම ආහාර ගැනීමෙන් වැළකීම ආදි ව්‍රත ආරක්ෂා කිරීමයි. උපෝසථ යන පදයෙන් ආහාර ගැනීමෙන් වැළකීම උපවාසය කිරිම යන අර්ථයන්ද ගත හැකිය.[/FONT]


[FONT=&quot]බුදුසසුන ආරම්භ වීමට පෙරද උපෝසථ දිනයන්හි ව්‍රත සමාදානය ගිහි පැවිදි දෙපක්‍ෂයම කළහ. ගිහියන් හා පැවිද්දන් එක්වීම නිසා ගිහියන්ට ආගම ධර්මය කියාදීමේ හැකියාව උදාවිය. එහෙත් බුද්ධශ්‍රාවක භික්‍ෂූන් උපෝසථ දිනයන්හි රාශි භූත නොවූ නිසා එම වටිනා අවස්ථාව ගිලිහී ගියේය. ඒ නිසා බිම්බිසාර රජතුමා ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේට සැළකර සිටියේය.[/FONT]


[FONT=&quot]එයින් දක්වෙනනේ අන්‍ය තීර්ථකයන් තුදුස්වක්[/FONT]
, [FONT=&quot]පසළොස්වක් හා අටවක් දිනයන්හි රැස්ව ධර්මදේශනා කරනු ලබන හෙයින් මිනිසුන් ඔවුන් වෙත පැමිණ බණ අසා ඔවුන් කෙරෙහි පේ‍්‍රමය ප්‍රසාදය ඇතිකරගෙන ඔවුන්ගේ පක්ෂය ගන්නා හෙයින් ආර්යයන් වහන්සේ ද එම දිනයන්හි රැස්වන්නේ නම් මැනවැයි යනුවෙනි. රජතුමාගේ එම ඉල්ලීමට අනුව බුදුරජාණන් වහන්සේ මහා සංඝයාට අනුජානාමි භික්ඛවේ චාතුද්දසේ පණ්නරසේ අට්ඨමසියා ච සන්නිපතිතුන්ති[/FONT]” [FONT=&quot]යනුවෙන් තුදුස්වක් පසළොස්වක් අටවක් දිනයන්හි රැස්විය යුතු යයි නියම කළහ. භික්ෂූන් ද උපෝසථ දිනයන්හි රැස්වන බව දැනගත් උපාසක උපාසිකාවෝ ද රැස් වූහ. එහෙත් බණ ඇසීමට නො ලැබීම නිසා දෝෂාරෝපණය කළහ. ඒ නිසා භික්ෂූන්ට ධර්මදේශනා කිරීමටද බුදුරජාණන් වහන්සේ නියම කළහ.[/FONT]

[FONT=&quot]පොහෝ දිනයන්හි මෙසේ රැස්වී භික්ෂූන්ට පාමොක් උදෙසිය යුතු යැයි බුදුරජාණන් වහන්සේම සිතා මතා ප්‍රකාශ කළහ. බුදුරජාණන් වහන්සේද ඒ සඳහා සහභාගි වූහ. දිනක් සැවැත්නුවර පූර්වාරාමයෙහි බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයා උපෝසථ දිනයෙක පොහෝ කිරීම සඳහා රැස්වූහ. එහි දී සීමාවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ අසුන්ගෙන නිශ්ශබ්දව වැඩසිටි සේක.ආනන්ද හිමියෝ සිවුර එකස්කොට පෙරවා [/FONT]
“[FONT=&quot]අභික්ඛන්තා භන්තෝරත්ති[/FONT], [FONT=&quot]නික්ඛනතෝ පඨමෝ යාමෝ[/FONT], [FONT=&quot] චිරනිසින්නෝ භික්ඛණු සංඝෝ උද්දිසතු භන්තේ භගවා භීක්ඛූනං පාතමොක්ඛන්ති [/FONT]“ [FONT=&quot] බුදුරජාණන් වහන්ස[/FONT], [FONT=&quot]රාත්‍රිය බොහෝ ඉක්ම ගියේය. පෙරයම ගෙවී ඇත. භික්ෂූහු බොහෝ වේලාවක් හිඳගෙන සිටිති. ප්‍රාතිමෝක්ෂය දේශනා කරන සේක්වා ! හි ඉල්ලා සිටියහ. එවිට බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දව වැඩසිටි සේක. මධ්‍යම යාමයේත් එසේ ඉල්ලූ විට නිශ්ශබ්ද වම වැඩසිටි සේක. පශ්චිම යාමයේදී බුදරජාණන් වහන්සේට ආරාධනා කළ විට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. පිරිස අපිරිසුදු බවයි. එවිට මුගලන් මහරහතන් වහන්සේ සඟ පිරිස දිවැසින් පිරික්සීමේ දී සඟ පිරිස අතර සිටින දුසිල් පැවිද්දකු පෙනුණි. මුගලන් මහරහතන් වහන්සේ ඒ දුසිල් පැවිද්දාට [/FONT]“ [FONT=&quot] බුදුරදුන් ඔබ දැක්කේ[/FONT]” [FONT=&quot] යැයි පවසා පිරිසෙන් ඉවත් කළහ. පසුව බුදුරජාණන් වහන්සේගෙන් පාමොක් දෙසන ලෙස ඉල්ලා සිටියහ. එවිට බුදුරජාණන් වහන්සේ මෙයින් මතු තථාගතයන් වහන්සේ භික්ෂූන් සමග පාමොක් නො දෙසන බවක්[/FONT], [FONT=&quot]භික්ෂූන්ම පාමොක් දෙසිය යුතු බවත් වදාළහ. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ තවදුරටත් කරුණූ පැහැදිලි කරමින් මහා සමුද්‍රයෙහි ආශ්චර්ය අද්භූත කරුණු අටක් දැක අසුරයන් සමුද්‍රයෙහි ඇලෙන්නාක් මෙන් සිල්වත් භික්ෂූහු ද ධර්ම විනයෙහි ආශ්චර්ය අද්භූත කරුණු අටක් දැක ශාසනයෙහි ඇලෙන බව පෙන්නුම් කොට වදාළහ.[/FONT]

[FONT=&quot]පළමු වැනි ආශ්චර්යය[/FONT]

[FONT=&quot]මහා සමුද්‍රය එකවිටම ගැඹුරු බවට පත්වන්නේ නැත. ක්‍රමයෙන් ගැඹුරුවී යයි. මේ සාගරයෙහි ඇති පළමු වන ආශ්චර්ය අද්භූත කරුණයි. එමෙන්ම ශාසනයෙහි අනුපූර්ව ශික්ෂා අනුපූර්ව ක්‍රියා අනුපූර්ව ප්‍රතිපදා ඇත. කෙනෙකුට පිළිවෙල ඉක්මවා සීල[/FONT]
, [FONT=&quot]සමාධී[/FONT], [FONT=&quot]ප්‍රඥා නොපුරා එකවිටම රහත් බවට පත්විය නො හැකිය. තිසරණ සමාදන් වීමෙන් උපාසකයකු බවට පත්වන තැනැත්තා පංච ශීල අෂ්ටාංග සීල දස සීලාදිය ආරක්ෂා කොට ප්‍රව්‍රජ්‍යාව ලැබ සාමණේර සීල[/FONT],[FONT=&quot]අධිශීලාදියට පත්ව චූල සීල මජ්ඣිම සීල මහාසීල ආදි සීලයන් සම්පූර්ණ කටයුතු ය . [/FONT]“[FONT=&quot]සීලේ පතිට්ඨාය නරෝ නරෝ සපඤ්ඤෝ [/FONT], [FONT=&quot]චිත්තං පඤ්ඤංච භාවයං [/FONT]“ [FONT=&quot]සීලයක පිහිටා සිත දියුණු කරගත යුතුය. ප්‍රඥාව වැඩිය යුතුය.මේ මූලික ප්‍රතිපදාවන්හි නො පිහිටා ප්‍රඥාව වඩා නිවන අවබෝධ නො කළ හැකිය. මෙම අනූපූර්ණ ප්‍රතිපදාව ශාසනයෙහි ඇති පළමු වැනි ආශ්චර්ය අද්භූ[/FONT]®[FONT=&quot]ත කරුණයි.[/FONT]

[FONT=&quot]දෙවැනි ආශ්චර්යය[/FONT]

[FONT=&quot]මහා සමුද්‍රයෙහි කෙතරම් රළ නැගුණද වෙරළට විත් වෙරළ විත් බිඳී යයි. (සුනාමි ආදි විපත් වෙනත් කරුණු නිසා ඇතිවන්නකි. මෙහි පැවසෙන්නේ මහ සයුරෙහි ස්වාභාවික තත්වයයි ) වෙරළ ඉක්මවා යාමෙක් නැත. මේ මහා සමුද්‍රයෙහි දෙවන ආශ්චර්ය අද්භූත කාරණය වන අතර සසුන්ගත ශ්‍රාවකයෝ දිවි යතත් ශික්ෂාපද නො කඩකිරීම ශාසනයේ දෙවැනි ආශ්චර්ය අද්භූත කාරණයි. මෙහි විශේෂයෙන් දක්වා ඇත්තේ ආර්ය භාවයට පත් බුද්ධශ්‍රාවකයන් ගැන ය. උන්වහන්සේ දැන දැන බුද්ධ ප්‍රඥප්තියක් නො ඉක්මවති.[/FONT]


[FONT=&quot]තෙවැනි ආශ්චර්යය[/FONT]

[FONT=&quot]මහා සමුද්‍රයෙහි කුණප රැදෙන්නේ නැත. මහ සයුරට වැටෙන සෑම කුණපයක්ම වෙරළට ගසාගෙන එයි. එය මහා සමුද්‍රයෙහි ඇති තෙවන ආශ්චර්ය අද්භූත කාරණයයි. බුදු සසුනක් එමෙනි. සංඝ නාමයෙන් ගත් විට එහි දුස්සීලයෙක් නැත. (සංඝොහි නාම දුස්සීලෝ නත්ථි)[/FONT]


[FONT=&quot]සිව් වැනි ආශ්චර්යය[/FONT]

[FONT=&quot]මහාසමුද්‍රයට භාරත දේශයෙහි ගංගා යමුනා[/FONT]
,[FONT=&quot]අචිරවතී සරභු[/FONT], [FONT=&quot]මහි ආදි ගංගාවේ ගලාබසිති. ශ්‍රී ලංකා ද්වීපයෙන් මහවැලි කලණි[/FONT], [FONT=&quot]කළු වලවේ යන ගංගා ගලාබසින්නීය. තව නොයෙක් රටවලින් ගංගාවෝ අනන්ත ගලාබසිති කොයි රටකින් කිනම් නමකින් ගංගාවන් ගලාබැස්සේ මුහුදට වැටුණ පසු මුල් නාමයන් අතහැර [/FONT]“ [FONT=&quot]මහාසමුද්‍රය[/FONT]” [FONT=&quot]යන නාමය ම ගනී.මේ සයුරේ සිව්වැනි අරුම පුදුම සිද්ධියයි. එමෙන් ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ [/FONT],[FONT=&quot]වෛශ්‍ය[/FONT], [FONT=&quot] ශුද්‍ර යන වංශිකයෝ බුදුසසුනෙහි පැවිදි වෙති. තව නොයෙක් ගෝත්‍රිකයෝ පැවිදි වෙති. ඔවුන් පැවිදි වූවායින් පසු මේ බ්‍රාහ්මණයෙක්ය.මේ ක්‍ෂත්‍රිය වංශිකයෙක්ය. ආදි වශයෙන් නො හඳුන්වති. සියල්ලන්ම හඳුන්වන්නේ බුද්ධශ්‍රාවක නමිනි. අද පවා ශ්‍රී ලංකාද්වීපයෙහි පැවිදි වන උතුමෝ මුල් පෙළපත් නාමයන් අතහැර ගමේ නම යොදාගෙන නාමය භාවිත කරති. එහෙයින් සංඝයා සැමට පොදු පිරිසක් බව ඒත්තු ගැන්වෙයි. මේ ශාසනයෙහි සිව්වැනි ආශ්චර්ය අද්භූත සිද්ධියයි.[/FONT]

[FONT=&quot]පස් වැනි ආශ්චර්යය[/FONT]

[FONT=&quot]ඇල දොළ ගංගාවන්ගේ නිමාව සිදුවන්නේ මුහුදට වැටීමෙනි. එමෙන් වර්ෂා ජලයද සමුද්‍රයයි. ගලාබසියි. එසේ වුවත් මහා සමුද්‍රය අඩු හෝ වැඩි නොවේ. මේ මහා සමුද්‍රයෙහි ඇති පස් වැනි ආශ්චර්ය අද්භූද කරුණයි. එමෙන්ම බුද්ධ ශාසනයෙහි පරම නිෂ්ටාව වන නිවනෙහි ද මේ ලක්‍ෂණය දක්නට ලැබේ.[/FONT]


[FONT=&quot]බුදු පසේබුදු මහරහත් යන උත්තමයෝ කෙළෙස් නැසීමෙන් සෝපධිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා ආයු කෙළවර අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාති. කෙතෙක් පිරිනිවන් පෑවත් නිවනෙහි අඩු වැඩි බවක් අතිරික්තයක් ඇති නොවේ.මේ ශාසනයෙහි ඇති පස් වැනි ආශ්චර්ය අද්භූත කරුණයි.[/FONT]


[FONT=&quot]සවැනි ආශ්චර්ය[/FONT]

[FONT=&quot]මහා සමුද්‍රයෙහි කොතැනකින් දියබිඳක් ගෙන බැලුව ද එය ලුණුරසමය. එසේම ධර්ම විනය එකම විමුක්ති රසයෙන් යුක්ත වේ. මහ සයුරෙහි හා බුදු සසුනෙහි ඇති සවන ආශ්චර්ය අද්භූත කරුණ එයයි.[/FONT]


[FONT=&quot]සත්වැනි ආශ්චර්යය[/FONT]

[FONT=&quot]සත් වැනිව දක්වා ඇති මහ සයුරෙහි ආශ්චර්ය අත්භූත කරුණ නම් එහි ඇති මහාර්ඝ වස්තූන්ය. මහසයුර තුළ මුතු [/FONT]
, [FONT=&quot]මැණික්[/FONT], [FONT=&quot] වෙරළුමිණ[/FONT], [FONT=&quot]සක්[/FONT], [FONT=&quot]සිලා[/FONT], [FONT=&quot] පබළු[/FONT], [FONT=&quot]රන් රිදී[/FONT], [FONT=&quot]මැසිරිගල් ආදි මහා අනර්ඝ වස්තු ඇත. එසේම ධර්ම විනයෙහි ද සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන[/FONT], [FONT=&quot]සතර ඍද්ධිපාද[/FONT], [FONT=&quot] පංචේන්ද්‍රිය පංච බල[/FONT], [FONT=&quot] සප්ත බෝධ්‍යාංග ධර්ම[/FONT], [FONT=&quot] ආර්යාෂ්ටාංගික මාර්ගය වැනි මිල කළ නොහැකි මහාර්ග ධර්ම නමැති මුක්නා මාණික්‍යයෝ ඇත්තාහ.මේ ශාසනයෙහි සක් වැනි ආශ්චර්ය අද්භූත කාරණයි.[/FONT]

[FONT=&quot]අටවැනි ආශ්චර්යය[/FONT]

[FONT=&quot]මහා සමුද්‍රය මහා සත්වයන්ට වාසස්ථානයෙකි. ගොඩබිම වසන සත්වයන්ට වඩා සත්ව වර්ගයෝ මහා සමුද්‍රයෙහි වාසය කෙරෙති. සමහර සත්වයන් විශාලත්වයෙන් ද වැඩිය. නිමි [/FONT]
, [FONT=&quot]තිමිංගල[/FONT], [FONT=&quot] තිමිරපිංගල වැනි විශාල සත්වයෝද අසුර නාග ගාන්ධර්වාදීහුද වෙසෙති. එමෙන්ම බුදු සසුනෙහි ද සෝවාන් [/FONT], [FONT=&quot]සකෘදාගාමි [/FONT],[FONT=&quot]අනාගාමි අරහත් ආදි මහා සත්වයෝ වෙසෙති.මේ බුදු සසුනෙහි අට වන ආශ්චර්යය අද්භූ[/FONT]®[FONT=&quot]ත කාරණයයි.[/FONT]

[FONT=&quot]බුදුරජාණන් වහන්සේ ස්වාභාවික නිර්මාණයක් වන මහා සාගරයෙහි පවතින ආශ්චර්ය අද්භූත කරුණු අටක් ගෙනහැර පාමින් එම කරණු අට බුදු සසුනටත් සමාන බව සංසන්දනාත්මකව මෙම උපෝසථ සූත්‍රයෙන් පෙන්වා වදාළහ. මහ සයුරෙහි එම කාරණා අට කරන්නෙක් හෝ කරවන්නෙක් නැත. එමෙන් බුදුසසුන ද ස්වය පාලිතය. ධර්ම විනය ශාස්තෘත්වයෙන් සලකාගෙන පාලනය වෙති[/FONT]



mail එකෙන් ගත්තේ...කියවලා තව කෙනෙක්ට බලන්න bump එකකුත් දාන්න....


බුදු සරණයි...!!!
 

keethsam

Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    ඔබට අනේක පිං...!!! තවත් මෙවැනි සුමධුර දේශනා පලකිරිමට ධයිර්යය ලැබේවා....!!
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    බොහොම පිං යාලුවා. මම කලින් මේ බන අහල තියෙනවා. ගලිගමුවේ ඤාණදීප ස්වාමින් වහන්සේගේ ධර්ම දේශණාවල තිබුනා. ඉතින් මම මේ ත්‍රෙඩ් එකේම ඒ ධර්මදේශණාවේ Mp3 එක දානවා. පිං කැමති හැමෝම ඩුවුන්ලෝඩ් කරගෙන අහන්න. තව ගොඩක් ධර්මදේශනා තියෙනවා. අපි නොදන්න ධර්ම කාරණා බොහෝමයක් පැහැලිදිව දැනගන්න පුලුවන් මේ ධර්ම දේශනා ඇහුවාම. කැමති අය ඉන්නවනම් කියන්න දෙන්නම්.
    මේ තියෙන්නෙ ධර්ම දේශනාව
    http://www.mediafire.com/?lkyoq73eaglapq6
    http://www.bavana.org/ මෙන්න උන්වහන්සේගේ වෙබ් පිටුව
    සැමට තෙරුවන් සරණයි.....