You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Last edited:
26.03.2013 දින පැවැත්වූ දේශනාවක් මට ලැබුණු:
http://www.sendspace.com/file/jwvf6n
හරි සන්තෝසයි මේවා අගය කරන අය සුළු දෙනෙක් හරි ඉන්න එක ගැන..
ඕවල හැටි ඔහොම තමයි
සියලුම දේ වෙනස් වෙලා නැති වෙලා යන මේ ලෝකේ අපිට ලැබිල තියෙන්නේ කොය් තරම් වාසනාවන්ත කෙටි කාලයක්ද කියල ගොඩ දෙනෙකුට තේරෙන්නේ නැහැ.. එකනේ ගොඩක් අය හිස් දේවල් වලට ඇලිලා ඔහේ ජීවිතේ ගෙවල දාන්නේ..
පහු වෙලා හරි අපිට මේ දේවල් අවබෝධ වෙන්න ගත්තේ අපේ වාසනාවකට වෙන්න ඇති.
අපිත් මුල් කාලේ දහම ඉගෙන ගත්තේ විභාග පාස් වෙන්න හරි, වාද විවාද කරන්න හරි, නැත්නම් තමන් දන්නවා කියල හිතා ගන්න තමයි ඉතින්.. එත් තාමත් අපි තාම සතර අපායෙන් මිදිලා නැහැනෙ ..
ඉගෙන ගත්ත, රස්සාවල් කළා, හම්බ කළා, ගෙවල් හැදුවා, හිටියා, සමහරවිට දින්නා, සමහරවිට පැරදුනා, අන්තිමට මැරිලා ගියා.. ඕකම අපි කී පාරක් කරන්න ඇතිද මේ කෙළවරක් නැති සංසාර ගමනේ ඉතින්?
ඕක තවත් හොදට හිතට දැනෙනවා මේ දේශනාව ඇහුවම
http://www.youtube.com/watch?v=HY5ihCr_9lg&list=PL5oevY-NWNkyMlLpc0ERMaDAnn93J-BbC&index=1
ධර්මය වේගයෙන් වැලලීගෙන යන මේ කාලෙ .. ධර්මය වෙනුවට, සටන් පාට, උත්ගෝෂණ වැඩිපුර ඇහෙන්න ගන්න මේ කාලෙ ..
අයෙත් මනුස්ස ජීවිතයක් ලැබුවත් අපිට භාග්‍යවතුන් වහන්සේ දෙසාපු නිර්මල දහමක් අහන්න ලැබෙයි කියල හිතන්න පුලුවුන්ද ඉස්සරහට? මනුස්ස ලෝකේ මේ යන විදියට?..
අපි මේ ජීවිතේ ගිහියන් වශයෙන් අපෙන් පවුලට, අපේ සමාජයට වෙන්න තියෙන යුතුකම් 100% හරියට ඉටුකරන ගමන් අපිත් මේ සංසාරෙන් එගොඩ වෙන්න ඉතින් මේවත් අහල හිතල බලල උත්සාහවන්ත වෙමු නේද යාලුවනේ.. මේ හිස් මමත්වය නැති කරලා සසරෙන් එගොඩ වෙන්න මේ වතාවේ හරි. .
මේ ජීවිතයේදී එච්චරනේ වැදගත් වෙන්නේ අන්තිමට.. 

