දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරිමට තීරණ ගන්නේ මෙහෙමයි..

saturn

Well-known member
  • Mar 21, 2015
    4,561
    7,404
    113
    Around the world
    දළදා ප්‍රදර්ශනයක් කිරීමට නම් මහානාහිමිවරු දෙනම හා දියවඩන නිලමේවරයා පොදු එකඟතාවකට ආ යුතුය.
    දළදා වහන්සේ සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේ බලය ඇත්තේ මල්වතු - අස්ගිරි මහානාහිමිවරු දෙනමට හා දියවඩන නිලමේවරයාටය. මේ නිසා දළදා ප්‍රදර්ශනයක් කිරීමේදී වුවද එවැනි ප්‍රදර්ශනයක් කරනවාද නැද්ද යන්න තීරණය කරනුයේ මහානාහිමිවරුන් හා දියවඩන නිලමේය.
    මහානාහිමිවරු දෙනමගෙන් එක් නමක් අකැමැති වී අනෙක් මහානාහිමි දියවඩන නිලමේ කැමැති වුණත් දළදා ප්‍රදර්ශනයක් කළ නොහැක. මහානාහිමි දෙනමම කැමැති වී දියවඩන නිලමේ අකැමැති වුණත් දළදාව ප්‍රදර්ශනය කළ නොහැක. ඊට හේතුව වී ඇත්තේ දළදා කරඬුව විවෘත කරන යතුරු තුන ඇත්තේ මහානාහිමිවරු දෙනම හා දියවඩන නිලමේ සතුව නිසාය.
    දළදා වහන්සේ තැන්පත් කර ඇත්තේ කරඬු හතක් තුළය. මෙයින් මහජනයාට පෙනෙන විශාල කරඬුව තුළ තවත් කරඬු සයකි. මේ විශාල කරඬුව පූජා කර ඇත්තේ විමලධර්මසූරිය රජතුමාය. එම සුවිසල් කරඬුව ඉවත් කළ පසුව දෙවැනි කරඬුව දැකිය හැකිය. එහි ධම්මචක්කපවත්න සූත්‍රය ලියූ රන් පත්ද වේ. දෙවැනි කරඬුව ඉවත් කළ පසු මතුවන තුන්වැනි කරඬුව අඩි එක හමාරක් පමණ උසකින් යුක්තය. දඹ රණින් නිමවා ඇති මෙම කරඬුව විවෘත කිරීමට යතුරක් අවශ්‍ය වේ. ඒ යතුර ඇත්තේ දියවඩන නිලමේ භාරයේය.
    ඒ යතුරෙන් තුන්වැනි කරඬුව ඉවත් කළ පසු හමුවන සිව්වන දඹරන් කරඬුව ඉවත් කිරීමට මල්වතු පාර්ශ්වය මහානාහිමියන් සිටිය යුතුය. ඒ එහි යතුර උන්වහන්සේ භාරයේ ඇති නිසාය.
    මල්වතු මහානාහිමියන් එම කරඬුව විවෘත කිරීමෙන් පසු දක්නට ලැබෙන පස්වැනි කරඬුව පූජා කර ඇත්තේ ඇහැලේපොළ අදිකාරම් විසිනි. එය අඩියක් පමණ උසය. එම පස්වැනි කරඬුව විවෘත කළ හැක්කේ අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමියන් භාරයේ ඇති යතුරෙනි. ඉන්පසු හයවැනි කරඬුවත් අඟල් හතරක් පමණ උස සත් වැනි කරඬුවත් මතුවෙයි. දළදා වහන්සේ වැඩ ඉන්නේ එහිය.
    මේ නිසා දළදා කරඬුව මේ කිසිවකුට තනියෙන් පැමිණ විවෘත කිරීමට නොහැකිය. ඇතැම් විට යතුරක් භාර මහානාහිමි නමක් අපවත් වුවහොත් අදාළ පාර්ශ්වයේ කාරක සභික හිමිවරුන් මුලින්ම මහානාහිමියන්ගේ පන්සලට ගොස් එහි සිටින ප්‍රධාන ශිෂ්‍ය හිමිගෙන් දළදා කරඬුවේ යතුර භාර ගැනේ. එසේ භාරගත් එම යතුර එම පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ අනුනායක හිමියන්ට භාර දෙනු ලැබේ. අලුතෙන් මහානාහිමි නමක් පත්වෙන තුරු දළදා කරඬුවේ යතුර පවතින්නේ එම ජ්‍යෙෂ්ඨ අනුනාහිමියන් භාරයේය. ඇතැම් විට එම ජ්‍යෙෂ්ඨ අනුනාහිමියන්ම මහානායක ධුරයට පත්වුවහොත් කරඬුවේ යතුර උන්වහන්සේ භාරයේම පවතී. වෙනත් හිමිනමක් මහානායක ධුරයට පත්වුවහොත් ජ්‍යෙෂ්ඨ අනුනාහිමියන් විසින් දළදා යතුර නව මහානාහිමියන්ට භාර දෙනු ඇත.
    කෙසේ වෙතත් රජයටවත් දළදා ප්‍රදර්ශනයක් තනි තීරණයකට කළ නොහැක. නමුත් මහානාහිමිවරුන් දෙනම හා දියවඩන නිලමේ එකඟ වී දළදා ප්‍රදර්ශනයක් කළ හැකිය.
    වසරින් වසර දළදා තේවාව මල්වතු -අස්ගිරි දෙපාර්ශ්වයට මාරුවේ. එහිදී උභය මහා විහාරයේ මහානායක හිමිගේ අනුමැතිය ඇතිව වර්ෂයෙන් වර්ෂයට දළදා තේවා මුරය සඳහා පත් කෙරෙන භික්ෂූන් වහන්සේ වැඩ භාර ගැනීමේ සිරිත රජ සමයේ සිට පැවත එන්නකි. තේවාව මාරු වූ සැණින් ගොස් අනෙක් පාර්ශ්වයට තේවාව භාරගත නොහැක.
    තේවාවට අලුතෙන් පත් වෙන පාර්ශ්වයේ නාහිමිවරුන් හා තේවාවෙන් ඉවත් වෙන පාර්ශ්වයේ නාහිමිවරුන් ඉදිරියේ පූජා භාණ්ඩ හා වෙනත් වටිනා උපකරණ ගැන ලැයිස්තුවක් දළදා මාලිගාවේ උඩමාලේ ලේකම් විසින් හඬ නගා කියවනු ලැබේ. එවිට එම භාණ්ඩ නිවැරැදිව තිබේදැයි අලුතෙන් තේවාවට පත්වෙන නාහිමියෝ පිරික්සති. තේවාවේ නාහිමිවරුන් වැඩ සිටින ආවාසයේ බඩු භාණ්ඩ ගැනද එලෙසම ලේඛනයක් කියවයි. මේ සියල්ල නිවැරැදිව තිබූ පසු තේවාව අවසන් කරන පාර්ශ්වයේ මහානාහිමියන් විසින් තේවාවට පත්වෙන පාර්ශ්වයේ මහානාහිමියන්ට සියලු යතුරු භාර දෙනු ලැබේ.
    මේ සියල්ලටම පෙර දළදා තේවාවට යෑමට අපේක්ෂා කරන හිමිවරු ඒ බව දැහැත් පිළිගන්වා අදාළ පාර්ශ්වයේ මහානාහිමියන්ට දැන්විය යුතුය. එසේ කැමැත්ත පළ කළ හිමිවරුන්ගෙන් සුදුසු හිමිවරු තේවාවට පත් කිරීමේ බලය ඇත්තේ අදාළ පාර්ශ්වයේ මහානාහිමියන්ටය.
    අස්ගිරි විහාරයට තේවාව හිමි වූ පසු ඊට භික්ෂූන් වහන්සේ තෝරා ගන්නේ විශේෂ පන්සල් පාර්ශ්ව දෙකකිනි. ඒ මැද පන්සල් පාර්ශ්වයෙන් හා පහළ පන්සල් පාර්ශ්වයෙනි. එයිනුදු පහළ පන්සල් පාර්ශ්වයට පොතුහැර හා උරුලැවත්ත යනුවෙන් සඟ පරපුරවල් දෙකකි. අස්ගිරි පාර්ශ්වයට තේවාව හිමි වූ විට පහළ පන්සල් පාර්ශ්වයෙන් හා මැද පන්සල් පාර්ශ්වයෙන් ඒ ඒ වර්ෂවලදී තේවාවට වැඩම කරති.
    දළදා මාලිගාවේ නිත්‍ය වාසික හෙවත් ස්ථිරව වැඩ සිටින භික්ෂු පිරිසක් නැත. මාලිගාවේ වැඩ සිටින්නේ තේවාවට පත්වෙන හිමිවරුන්ය.
    තේවාවට අදාළ වගකීම් කවරේද යන්න අස්ගිරි පාර්ශ්වයෙන් සම්මත කළ කතිකාවක්ද ඇත. එය පරමධම්ම කතිකාවතයි.
    ‘‘වර්ෂයක් හැර වර්ෂයක් පාසා අස්ගිරි විහාරයට පත්වෙන දළදා තේවාව පවත්වාගෙන එන සිරිත අනුව මැද පන්සල, පහළ පන්සල යන දෙපාර්ශ්වයෙන් ඒ ඒ වර්ෂයේ මුරය අයත් පාර්ශ්වයේ සංඝයාගේ අභිමතය ලෙස එම පාර්ශ්වයේ මූලායතන වැසි නමකුත් සමග එම පාර්ශ්වයේ තවත් දෙනමක් ඇතිව තෙර තුන්නමක් තෝරා මහානායක ස්ථවිරයන් වහන්සේට දළදා තේවාකාරකමට තෝරාගත් තුන්නම දැක්විය යුතුය. තේවා මුරය භාරදෙන උදයෙහි ඒ තුන්නම හා මුරය අයත් පාර්ශ්වයේ සංඝයා කැටුව මහානායක තේරුන් වහන්සේ තේවා භාණ්ඩ හොඳින් බලා අරගෙන ඉහත කී තුන්නමට දළදා තේවා මුර පිළිබඳ කටයුතු භාරදිය යුතුය. (පරමධම්ම කතිකාවත 175 පිට)
    සාමාන්‍යයෙන් වසර පහෙන් පහට මෙන් දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමක් සිදුවේ. ඒ රටේ පවතින වාතාවරණය සමග එම කාලය වෙනස් වේ. අවසන් වරට දළදා ප්‍රදර්ශනය කළේ 2009 වසරේදීය. ඒ සඳහා ද ලක්ෂ ගණනින් පිරිස් රැස්වී දළදා වහන්සේ වැඳපුදා ගත්හ.
    ඊට පසු දළදා වහන්සේ මහජනයාට ප්‍රදර්ශනය නොකළත් විදෙස් රාජ්‍ය නායකයන් උදෙසා දළදා වහන්සේ ප්‍රදර්ශනය කළ අවස්ථා වෙයි. ඒ සඳහාද මහානාහිමිවරු දෙනම හා දියවඩන නිලමේ එක්විය යුතුය. මෑත කාලයේ ලංකාවට පැමිණි නේපාලයේ ජනාධිපතිනිය හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් විශේෂ දළදා වහන්සේ ප්‍රදර්ශනය කර තිබේ. එවන් අවස්ථාවලදී දළදා වහන්සේ ප්‍රදර්ශනය කරනුයේ වැඩ සිටින කුටියේදීමය. සාමාන්‍යයෙන් මහජනයාට දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන්නේ වැඩ සිටින කුටිය ඉදිරිපිට ඇති පිරිත් මණ්ඩපයේදීය.
    කිත්සිරි මෙවන් රජ සමයේ සිට විවිධ රජවරුන් දළදා වහන්සේ ප්‍රදර්ශනය කර ඇත. ඉංග්‍රීසි පාලන කාලයේදී ද 1823දී ඇති වූ නියඟය අවස්ථාවේදී සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයාගේ මැදිහත්වීමෙන් දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත. එසේම වික්ටෝරියා මහ රැජනගේ පුත් එඩ්වඩ් කුමරු ලංකාවට පැමිණි අවස්ථාවේදී දළදා ප්‍රදර්ශනය කර තිබේ. එළිසබෙත් මහ රැජන මුල්වරට ලංකාවට පැමිණි 1954දී දළදා ප්‍රදර්ශනයක් කර තිබේ.
    ‘‘මහජනයා උදෙසා දළදා ප්‍රදර්ශනයක් කරනවාද නැද්ද යන්න තීරණය කරන්නේ මහානාහිමිවරුන් දෙනම හා දියවඩන නිලමේවරයායි. ඒ සඳහා රජයේ මැදිහත්වීමක් වෙන්නේ නැහැ. මින් පෙර කිසිම රජයක් එහෙම කරලත් නැහැ. සුදුසු කාලයකදී දළදා ප්‍රදර්ශනය කළ යුතු යැයි මහානාහිමිවරු දෙනම හා දියවඩන නිලමේ තීරණය කළොත් ඒ බව දිසාපති හරහා රජයට දැනුම් දීමයි සම්ප්‍රදාය. රජය ඉන්පසු ආරක්ෂාව හා පහසුකම් සලසනවා. ප්‍රදර්ශනය කරන දින වකවානු වගේම ප්‍රදර්ශනය කරන දින දීර්ඝ කිරීම හෝ දින කෙටි කිරීම, වෙලාවල් වෙන් කිරීම කරන්නෙත් මහානාහිමිවරුන්ගේ හා දියවඩන නිලමේගේ තීරණය මතයි. ඒ සඳහා කිසිදු බාහිර පාර්ශ්වයකට බලපෑම් කරන්න බැහැ. බලපෑම් කරලත් නැහැ. බලපෑම් කළත් මහානාහිමිවරු එය තකන්නෙත් නැහැ. නමුත් විශේෂ රාජ්‍ය නායකයකු ලංකාවට පැමිණි අවස්ථාවක හෝ අලුතෙන් ජනාධිපතිවරයකු පත්වූ අවස්ථාවක හෝ දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන ලෙස මහානාහිමිවරුන්ගේ සහ දියවඩන නිලමේගෙන් රජය ඉල්ලීම් කරන අවස්ථා තිබෙනවා. එවන් අවස්ථාවල එම අමුත්තා වෙනුවෙන් පමණක් දළදා වහන්සේ වැඩ සිටින කුටියේදී ප්‍රදර්ශනය කරනවා. නමුත් එය මහජනතාවට විවෘත නැහැ’’ යැයි හිටපු දියඩවන නිලමේ නෙරංජන් විජේරත්න පවසයි.
    එසේම දළදා ප්‍රදර්ශනයක් හිතුමතේ ආවට ගියාට කළ නොහැක. දළදා පෙරහර කරන ආකාරය, දළදා වහන්සේ පිටතට වැඩම කරවන ආකාරය, හා නැවත තැන්පත් කරන ආකාරය දළදා සිරිතෙහි සඳහන් වේ.
    මහනුවර දළදා පෙරහරේ නිර්මාතෘවරයා වන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාය. වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජයන් වහන්සේගේ හා සියම් උපාලි හිමිගේ මග පෙන්වීම මත රජතුමා දළදා පෙරහර ඇරඹීය. එහෙත් මහනුවර පැවැතියේ හින්දු චාරිත්‍ර අනුව දේව පෙරහරකි.
    දළදා පෙරහර ඇරඹුවත් පෙරහරේ දළදා වහන්සේ වැඩමවීම අනාරක්ෂිත බැවින් පෙරහරේ ගෙන යෑමට රජතුමා වෙනම රන් කරඬුවක් නිර්මාණය කළේය. සර්වඥ ධාතූන් වහන්සේ සහිත එම රන් කරඬුව රජතුමා විසින් පූජා කළේ තම කර බැඳි රන් මාලය හා බිසවගේ රන් මාලය කරඬුවේ පලඳවමිනි.
    එසේම කරඬුව ඇතුපිට තැන්පත් කිරීමට මුතු මැණික් ඇල්ලූ රන් සිළු ගෙයක්ද රජතුමා නිර්මාණය කළේය. එම රන්සිවි ගෙය ඇතුපිට බැඳීමට අවශ්‍ය ආසනය හෙවත් හවුඩාවද රජතුමා ලබා දුන්නේය. ඒ රජතුමා වීදි සංචාරය කරන විට ඇතු පිට හිඳගෙන යන හවුඩාවය. එදායින් පසු රජතුමා ඇතුපිට වීදි සංචාරය නොකළ බව සඳහන් වේ.
    වර්තමානයේ පෙරහරේ වැඩමවන්නේද රජතුමා පූජා කළ පෙරහර කරඬුවයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පූජා කළ රන්සිළු ගෙය 1993 වනතුරු පෙරහරේ ගෙන ගිය අතර එය දැන් ඇත්තේ දළදා මාලිගාවේ කෞතුකාගාරයේය.
    එපමණක් නොව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තම කෙස් වැටිය කපා දළදා කරඬුවේ දූවිලි පිස දමන්නට කුඩා කොස්සක්ද සකසා පූජා කළේය. රජතුමාගේ මෑණියන් සිය දිගු කෙස් වැටිය කපා එහි රන් ගුළි අල්ලා දළදා කරඬුවට පැලඳුවේය. එම කෙස් හා රන් ගුළි මාලය අද මාලිගාවේ තිබේ. ලංකාවට යළි උපසම්පදාව තායිලන්තයෙන් ගෙන ඒමට මූලිකවූයේද කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාය.
    දළදා වහන්සේ උදෙසා දානය පූජා කළේද රජතුමාමය. දිනපතා සවස ගිලන්පස පූජාවටද රජතුමා පැමිණෙන්නේය.
    දළදා වහන්සේ උදෙසා මෙවන් කැපවීමක් කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දිනක් සවස ගිලන් පස පූජාවට දළදා මාලිගාවට පැමිණෙන විට නියමිත වේලාව පසු වී තිබිණ. ඒ වන විට ගිලන් පස පූජාව අවසන් වී තේවාවේ හාමුදුරුවෝ දළදා කුටියේ දොරවල් වසා තිබිණි.
    රජතුමා පැමිණ සිටින බව පණිවුඩය දුන්නත් රජතුමා ආවත් බුදු කුටිය වැසූ පසු දොර අරින්නේ නැතැයි තේවාවේ හිමියන්ගේ පිළිතුර විය. මෙයින් නොකිපුණු රජතුමා එලෙස වේලාව අතපසු වන අවස්ථාවක රජතුමාට සහභාගි වීම සඳහා සවස ගිලන් පස පූජාවට අමතරව රාත්‍රි 7.30ටත් ගිලන් පස පූජාවක් තැබීමට නියම කළේය.
    මෙයින් කියැවෙන්නේ රජ්ජුරුවන්ටවත් දළදා වහන්සේ හා සම්බන්ධ සිරිත් විරිත් පූජා විදි වෙනස් නොවන බවය. රජ්ජුරුවෝ ආවත් නාවත් නියමිත වේලාවට දළදා පූජාව තබා නියමිත වේලාවට අවසන් කෙරේ. එම සිරිත් අනාදිමත් කාලයක් තිස්සේ රැකුණේ ඒ නිසාවෙනි.
    ධර්ම ශ්‍රී තිලකවර්ධන
     
    • Like
    Reactions: Little Hulk

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    5,718
    8,126
    113
    ඇයි මේකට ශ්‍රීලංකා යුද්ධ හමුදා පති තුමාගේ අවසරය ඕනී නේද
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    5,718
    8,126
    113
    What does it look like?
    'අල්ලාහ් තම ගැත්තන් වෙනුවෙන් ඇති කර ඇති ... ඒ වගේම ස්ථිර දතක් අපිට අහිමි වුණොත් ඒ දත අපිට නැවත ලැබෙන්නේ නැහැ.'
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    10,105
    13,970
    113
    Lankawe kawadawath niyangayak enna widiyak nane ban oka open kalama wahinawa nan.
    Climate Control
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    11,160
    20,526
    113
    ඇයි මේකට රාජපුස්ස උන්නැහේගෙන් අවසර ගන්න ඕනේ නැද්ද? උන්දා බුදුහාමුදුරුවන්ගේ නෑදෑවෙන කතාවකුත් බෛයියෝ ඉස්සර කිව්වානේද? ඒකට වස් වැදිලද කොහෙද නාකි මයිනට ජංගියත් දාලා දුවලා ගිහින් දූපතක හැංගිලා පන බේරගන්නවුනේ. :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Rambo5