මහ රැජිනට ලියන සිංහල කොල්ලා
එළිසබෙත් මහ රැජිනට ලිපි ලියන සිංහල කොල්ලා
තොරතුරු හුවමාරු කර ගැනීමේ මාධ්‍යයක් ලෙස ලියුමට තිබුණේ සුවිශේෂී ස්ථානයකි. නව මාධ්‍ය භාවිතයත් සමග ජන සමාජයෙන් ලියුම බැහැර වී ගොස් බොහෝ කල්ය. ලිපි හුවමාරු වීමෙන් එකිනෙකා හදවතින්ම හඳුනා ගැනීමේ හැකියාවක්ද තිබුණි. එය අද කෙටි පණිවුඩ ක්‍රමය (SMS) දක්වා පැමිණ ඇත.
එහෙත් අදටත් ලස්සන කඩදාසියක වට තීරුව ලංකාර කර දර්ශනීය චිත්‍රයක් අඳිමින් රාජ්‍ය නායකයින්ට ලොව පරසිදු මෝටර්රථ නිෂ්පාදන ආයතනවලට ලිපි ලියන තරුණයෙක් අපට හමුවිය. ඒ කුරුණෑගල වැහැර ප්‍රදේශයෙන්ය. ඔහු නමින් ඩී.ඒ. දිමුතු ගයාන් විමලරත්නය. ව්‍යාපාරිකයෙක් ලෙසින් සරල ජීවිතයක් ගත කරන විවාහක අයෙකි.
මහනුවර පේරාදෙණියේදී උපත ලබා පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇත.
ඔහුගේ ජීවිතයේ මෙවන් අපූර්ව විනෝදාංශයක් ඇති කර ඇත්තේ අධ්‍යාපනය ලැබූ විදුහල තුළින්මය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ මෙරටට පැමිණි එංගලන්තයේ එළිසබෙත් රැජින ජයවර්ධන යුවළ සමගින් කෝච්චියේ විනෝද ගමනක් ගොස් ඇත. කෝච්චියට ගොඩවීමට පේරාදෙණිය දුම්රියපළට යන අවස්ථාවේදී පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් මග දෙපස සිට කුඩා ජාතික ධජයක් සොලවමින් සුබ පතන්නට අණ කර ඇත්තේ විදුහල්පතිවරයාය. පාසල් දරුවන්ට සුහදව සිනා නගමින් අත වන වනා ගිය රැජිනට පුංචි පාසල් දරුවකු වූ දිමුතුගේ සිත ඇඳී ගියේය. කරුණාවන්ත ප්‍රියමනාප මවක් යැයි ඔහුට එම අවස්ථාවේදී කල්පනා විය.
එම බැඳීම ටිකෙන් ටික ලොකු වන විටදී වැඩිවීම නිසා රැජිනගේ ලිපිනය සොයාගෙන ලිපියක්ද ලිවීමට ඔහු සමත් විය. එම ලිපිය ලියා සති දෙකක් ඇතුළත රැජින මෙම තරුණ දිමුතුට ලිපියක් එවා ඇත. එය 1996.04.19 ඇය ලියා තිබිණි.
රැජිනගේ දින චර්යාව කෙසේද විමසූ විට එයටද පිළිතුරක් ලිවීමට තරම් ඇය නිහතමානීය. ඇය පාවිච්චි කරන වාහන
පිළිබඳ තොරතුරුද දිමුතුට දැන ගැනීමට බලවත් ආශාවක් ඇති වූ නිසා ඒ පිළිබඳ
විමසූ ලිපියට රැජින පාවිච්චි කරන වාහනවල පින්තූර පවා එවා තිබිණි. රාජකීය පවුලට වාහන නිපදවන වෙනම කර්මාන්ත ආයතන ඇත. එම ආයතනවලටත් ලිපි ලියූ ඔහුට එහි නිපදවන වාහනවල ආකෘති පවා එවා ඇත.
එරටෙහි කෙතරම් නවීන පන්නයේ වාහන නිපදවුවද රැජින පාවිච්චි කරනුයේ ඉතා පැරණි වාහනය. මේ දිනවල රැජින පාවිච්චි කරන වාහනය 2002දී නිපද වූ එකකි. එයට පෙර පාවිච්චි කළ වාහනය බොහෝ පැරණි එකකි. ඇය පාවිච්චි කර ඇති සියලු වාහන කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. ඇය වඩාත් ප්‍රිය කරන රෝස පාට හැරුණාම කහපාටද ප්‍රිය බව දිමුතු පවසයි. මේ සියලු තොරතුරු රැජිනගෙන් අසා දැනගත් ඒවා මිස කනින් කොනින් ලැබුණ තොරතුරු නොව.
හරියටම කියන වෙලාවට වැඩ කරන දෙවන එළිසබත් රැජින පාන්දර 6.00ට අවදි වන අතර උදෑසන තේ පානයෙන් පසු දවසේ පුවත්පත් කියවන්නීය. කාමරයේ ජනේලයෙන් ගෙවත්ත නැරඹීම විනෝදාංශයයි.මෙම තොරතුරු ලියා එවා තිබුණේද දිමුතුගේ දැන ගැනීමටය. රැජිනගේ මාලිගය පිහිටා ඇති ආකාරය, පවුලේ සියලු දෙනාගේ තොරතුරුද ඔහු හොඳින් දනී.
දිමුතුගේ පවුලේ හිතවත් පවුලක් ලෙස පත්ව ඇති බකිංහැම් මාලිගයේ සියලුම සාමාජිකයින්ට ඔහු ලිපි ලියයි. චාල්ස් කුමරු, හැරී කුමරු මෙන්ම විලියම් කුමරුද දිමුතුගේ පෑනේ මිතුරන්ය. ජූලි 21ට යෙදී තිබුණ විලියම් කුමරුගේ උපන් දිනයට සුබපැතුමක් යැවූ දිමුතුට රාජකීයන්ට යවන විලියම් කුමරුගේ ඡායාරූපය ඇතුළත් ස්තූති පත්‍රිකාවක් එවා තිබුණේ පසුගිය සතියේය. එය ඔහුට රාජ්‍යනායක පවුල්වලින් ලැබුණ අවසාන ලිපියයි. තවත් ඉදිරියට බටහිර රාජ්‍ය නායකයින් කිහිප දෙනකුගෙන් ලිපි ලැබිමට ඇතැයි ඔහු පවසන්නේ සතුටිනි. එතරම්ම ඔහු බටහිර රාජ්‍ය නායකයින් ප්‍රිය කරයි.
කැනඩාවේ අග්‍රාමාත්‍ය ස්ටෙපන් හාෆර්, ඇමරිකානු වත්මන් ජනාධිපති බැරක් ඔබාමා, මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් අබ්දුල් ගයුම්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන අයද දිමුතුගේ පෑනේ මිතුරන්ය. එම අය ඔවුන්ගේ මෑතකදී ගත් ඡායාරූපවල අත්සන යොදා ලිපියක් සමග දිමුතුට එවීමට අමතක කර නොමැත. එසේම විශේෂ අවස්ථාවල ගන්නා ලද ඡායාරූප රැසක් රාජ්‍ය නායකයින්ගෙන් ඔහුට ලැබි තිබුණි.
මෙරට රාජ්‍ය නායකයින්ටද කලක් ලිපි ලියූ දිමුතුට කාලයක් යද්දී විවිධ හේතු මත එය නතර කිරීමට සිත්වූ බවද පවසයි. එංගලන්තයේ මහ රැජින ඇමරිකානු ජනාධිපති, කැනඩා ජනාධිපති වැනි අය තමන්ගේ රටවැසියන්ට පණ සේම ආදරය කරන බව ඔවුන්ගේ අදහස් උදහස්වලින් පැහැදිලි වන බව දිමුතුගේ අදහසයි. ඒ නිසාම ඔහු එම රාජ්‍ය නායකයින්ට වඩාත් ආදරය කරන බව පවසයි.
රැජින කැමති බොහෝ දේවල් දිමුතුද කැමති නිසා සංසාරයේ කෙදිනක හෝ ඔහු එම රාජකීය පවුලේ සමීප හිතවතකු වී ඉන්නට ඇතැයි ඔහු අනුමාන කරයි. එසේම මෙම ආත්මය අවසන් වූ පසු රැජින වගේ රාජ්‍ය නායිකාවක් සිටින එංගලන්තයේ ඉපදීම ප්‍රාර්ථනා කරන බවද ඔහු සංවේදීව පැවැසීය.
දිමුතු ගයාන් නම් මෙම අපූර්ව මිනිසා රැජිනගේ අනූවෙනි (90) උපත් දිනය වෙනුවෙන් මේ දිනවල සූදානම් වෙමින් සිටී. ඔහු රැජිනට ලිපි ලිවීමට පටන්ගෙන වසර 20ක් පිරෙන දිනට මහ රැජිනගේ අනූවේ උපන් දිනය යෙදී ඇත. ඒ අප්‍රේල් 21 දායි. රැජිනගේ නිල උපන් දිනය එය වුවත් එම රට වැසියෝ ජුනි 21 දින ඔවුන්ගේ නායිකාවගේ උපන් දිනය සමරති. එලෙස උපන් දින දෙකක් සමරන්නේ ඇයිද යන්න දිමුතුටද ගැටලුවකි. ඒ පිළිබඳව රැජිනගෙන් විමසීමට කල්පනා කරන දිමුතු ප්‍රශ්න රැසක් එකම ලිපියෙන් විමසා රැජින වෙහෙසට පත් කිරීමටද අකමැතිය. එහෙත් අසා දැන ගත යුතු කරුණු රැසක් ඇති නිසා කෙටියෙන් හෝ විමසා යවන බව පවසයි. එම 90 වෙනි උපන් දිනයදාට මහ රැජින සියැසින් දැක බලා ගැනීමේ ආසාවක් ඇතැයි ඔහු පවසයි. ඒ සඳහා මේ දිනවල අවසර ලබා ගැනීමේ ලිපියක් ලියමින් සිටී. පසුගියදා රාජ්‍ය නායක උත්සවයක් මෙරට පැවතිණි. එදිනම මහ රැජින දැක ගැනීමේ බලවත් ආශාවෙන් සිටි දිමුතු ඒ බව මහ රැජිනට දන්වා අවසර ලබාදෙන ලෙස ඉල්ලා ඇත. ඔහුට ලිපියක් ලියමින් රැජින පවසා ඇත්තේ එවැනි උත්සවයකට තමා සහභාගි නොවන බවයි. එවැනි රාජ්‍ය තාන්ත්‍රික සංචාර පිළිබඳව පවා දිමුතු සමග කතා කරන තරමට ඔවුන් කුළුපගය. දිමුතුගේ බිරිඳ අතින් වියන ලද අත්බෑගයක් පසුගිය උපන් දිනයට තිළිණ කළ අවස්ථාවේදී එයට ස්තූති කළ රැජින එම අත් බෑගය රැජිනට ලැබෙන තෑගි තැන්පත් කරන කෞතුකාගාරයේ තැන්පත් කළ බව ලියා එවා ඇත.
ඇයගේ 90 වෙනි උපන් දිනයට රැජිනට ලියූ ලිපි හා ඒවාට ලැබුණ
පිළිතුරු සහ ඡායාරූප ඇතුළත් ග්‍රන්ථයක් ලියා මුද්‍රණය කිරීමේ කාර්යයට මේ දිනවල අතගසා ඇත. එම ග්‍රන්ථය ඉංග්‍රීසි සිංහල භාෂා දෙකෙන්ම ලිවීමට ඔහු අදහස් කරයි. එම ග්‍රන්ථය බකිංහැම් මාලිගයේදී සියතින්ම මහ රැජිනට ප්‍රදානය කිරීමට ඔහු අදහස් කර සිටී. ඒ වෙනුවෙන් ලංකාවේදී බෝධි පූජාවක් පැවැත්වීමටද අදහස් කරගෙන සිටී.
රැජිනටත් ලිපි ලියන්න පෙර ලෝකයේ වාහන නිෂ්පාදන ආයතනවලට ලිපි ලියූ දිමුතු ඉන්දියාවේ ටාටා සමාගමට පළමුව ලිපිය ලියා ඇත. ඒ ආයතනද දිමුතුට පිළිතුරු ලිපි හා දිමුතු ඉල්ලන වාහන සාම්පල් හෝ නව නිපැයුම්වල ආකෘති පවා එවා ඇත. පසුව රැජින පමණක් පරිහරණය කරන වාහනවල අයිතිය ඇති සමාගම් සමග ලිපි ගනුදෙනු කර ඇත. එම සමාගම්ද නව නිෂ්පාදිත වාහන සාම්පල් රාශියක් එංගලන්තයෙන් එවා ඇත. ඒවා මේ රටේ කන්තෝරුවලින් ලබා ගැනීමට ගිය විට විශාල බද්දක් අය කරගත් බව ඔහු මාධ්‍යයට පැවැසුවේ කනගාටුවෙන්ය. 1948දී ප්‍රථම වරට නිෂ්පාදිත එංගලන්තයේ ලෑන්ඩ් රෝවර් ආයතනය එවන ලද ජීප් රථය 1990 දිමුතුට එවා ඇත. එයට රු. 18,000ක බදු මුදලක් අය කළ අතර මවගේ කණකර පවා බැංකුවේ තැබිමට එම අවස්ථාවේ සිදුවී ඇත. මෙලෙස එවන වාහන ආකෘති තෑගි භාණ්ඩ ලෙස එව්වද එයටත් මෙරටින් බදු මුදලක් අය කිරීම නිසා තමා අපහසුවට පත්වූ අවස්ථා ඔහු සිහිපත් කරන්නේ ඉතා කනගාටුවෙනි. ලෑන්ඩ් රෝවර්, බෙන්ඩ්ලි, රෝල්ස් රොයිස් වැනි ආයතන සමග ලිපි ගනුදෙනු කරන ඔහුට එම සමාගම්වලින් ලැබුණු ලිපි 1200 පමණ ඇත. එම ආයතන එවූ ත්‍යාග අතර වාහන ආකෘති බොහෝය. 2015 වර්ෂයට නිකුත් කිරීමට ඇති හුරුබුහුටි කාර් එකක්ද ඔහුට ලැබි ඇත.
ඔහුට විදේශ රටවලින් ත්‍යාග ලෙස ලැබුණු වාහන වලට රු. 18,000ක්, රු. 8000ක්, රු. 4000ක් වැනි විශාල ප්‍රමාණයේ බදු මුදල් තැපැල් කාර්යාලවලට ගෙවීමට සිදුව ඇත. එම රටවල්වලින් මෙය ත්‍යාගයකි. මෙහි මූල්‍ය වටිනාකමක් නොමැත’ කියා ලියා එවා තිබියදීත් මුදල් අයකර ගැනීමට උත්සහ කළ අවස්ථාවල එම තෑගි නොගෙන ලියුම් පවා විසිකර ආපසු පැමිණි අවස්ථා ඔහු කනගාටුවෙන් සිහිපත් කරයි. එසේම තෑගි ලෙස එවා තිබූ බව දැන ගත්තද එවැනි තෑගි තැපෑලෙන් නැතිවූ අවස්ථාද එමට තිබූ බව ඔහු පවසයි. මෙවැනි තත්ත්වයක්වත් මෙරටින් අඩු වෙනවා නම් සුදුසු බව ඔහු පවසයි.
කමලා අතරගල්ල - දොඩම්ගස්ලන්ද
මේ ලිපිය මම දැක්කේ ලක්බිම පුවත්පතේ තිබිලා. රසවත් නිසා බෙදාහදා ගත්තේ.

lol this not a big deal to us 