මළ ගිය අයට ඔබ දෙන පින් ලැබෙනවා ද?

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මළ ගිය අයට ඔබ දෙන පින් ලැබෙනවා ද?

උන්න මේ උදකං වට්ඨං යථා නින්නං පවත්තති
එව මේව ඉතො දින්නං පේතානං උපකප්පති
යථා වාරීවහා පුරා පරිපුරෙන්ති සාගරං
එව මේව ඉතෝ දින්නං පේතානං උපකප්පති

'කිසියම් පිරිසක් කැවිලි පෙවිලි රැගෙන, ස්වකීය බන්ධු වර්ගයා හමුවීමට ගිය විට තම, ඤාති පිරිස හමු නොවුයේ නම් එම කැවිලි ආහාරය ඔවුන් විසින් ඉවත නොදමනු ඇත. එහිදී ඔවුන් විසින් පිළියෙල කරන ලද එම ආහාර ඔවුන් විසින් ම අනුභව කරනු ලබන්නේ යම් ආකාරයෙන් ද, ඤතීන් විසින් අනුමෝදන් නොවූ මෙම කුසල කර්ම, තම තමන්ගේ යහපත පිණිසම හේතු වන්නේ ය’




z_p05-mala.jpg


මළගිය ඤාතීන් පිළිබඳ සලකා බලන කල්හි, ඒ පිළිබඳ සමාජයේ විවිධ මිථ්‍යා මත රාගීයක් ගොඩ නැඟී ඇති බව පෙනෙයි. ඤාතිවර යකු මිය පරලොව ගිය විට ඔහු දින 7 ක් යන තුරු නිවසේ රැඳී සිටියි යන අදහස ඇතැම් අය විශ්වාස කරති. එමෙන්ම ඤාතිවරයෙකු මිය ගිය විට ඔහුට පින් අනුමෝදන් කිරීම නිවසේදීම කළ යුතු ය. නැත්නම් නිවසේ දී නොකළ යුතුය යනාදී වශයෙන් ඇතැම්හු විශ්වාස කරති.


මේ අතර සමාජයේ පවතින තවත් මිථ්‍යා මතයක් නම්, උදේ සවස ඤාතීන්ට නිවසේ දී පින් අනුමෝදන් කිරීම නිවැසියන්ට බොහෝ කරදර ඇති වීමට හේතු වන්නේය යන අදහස ය. මළගිය ඤාති මිත්‍රාදීන් උදෙසා පින් අනුමෝදන් කිරීම පිළිබඳ සලකා බලන කල්හි, ඒ පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක්, ඛුද්දක නිකායට අයත් තිරෝකුඩ්ඪ සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ විසින් සිදුකර ඇත. මෙහිදී තිරෝකුඩ්ඪ යනුවෙන් හඳුන්වන්නේ බිත්තියෙන් පිටත, නැතහොත් බැම්මෙන් පිටත යන අර්ථය යි. අප බිත්තියක් හෝ බැම්මක් අසලට ගොස්, ශබ්ද නඟා කථා කළ විට, බිත්තියෙන් එපිට සිටින තැනැත්තාට ඉතා හොඳින් එය ශ්‍රවණය වන්නේ ය. එහෙත් බිත්තියෙන් එපිට සිටින තැනැත්තා අපට නොපෙනෙන්නේ ය. මෙහි දී තිරෝකුඩ්ඪ සූත්‍රයෙන් තථාගතයන් වහන්සේ පැහැදිලි කොට ඇත්තේ අපට නොපෙනෙන මිය පරලොව ගියා වූ ඤාතීන් හා සම්බන්ධ ලෝකය පිළිබඳව ය. බුදු දහමේ මළ ගිය සියලු ඤාති වර්ගයා හඳුන්වන එකම නාමය, (ඤාති ප්‍රේත) යන වචනය යි. මෙම යෙදුම තථාගතයන් වහන්සේ විසින් යොදා ඇත්තේ දිවංගත වූ සියලු ඤාති වර්ගයා ප්‍රේත ලොව ඉපිද ඇත යන අර්ථයෙන් නොවන බව දත යුතු ය. කිසියම් ඤාතිවරයකුගේ මරණයෙන් පසු බෞද්ධයන් හැටියට, අපි දින හතකින් මාස 3 කින් හා වර්ෂ පූර්ණ වශයෙන් පින්කම් සිදු කොට, මළ ගිය පුද්ගලයා සිහි කොට පින් අනුමෝදනා සිදු කරමු.


මෙය චාරිත්‍රයක් වශයෙන් වර්තමානයේ සිදු කළ ද, දිවංගත ඤාති වර්ගයා උදෙසා එයින් සිදු වන අස්වැසිල්ල වචනයෙන් කියා නිම කළ නොහැකි තරම් ය. තථාගතයන් වහන්සේ මෙම තිරෝකුඩ්ඪ දේශනයේ දී මේ පිළිබඳ මෙසේ විස්තර කොට ඇත. ඤාති ප්‍රේතයෝ වනාහි තමන් පෙර විසූ ගෙය කරා අවුත්, බිත්තියෙන් පිටත ද, ගෘහ සන්ධි හා බිත්ති සන්ධි සතරමං සන්ධි, තුන්මං සන්ධි යන ස්ථානයන්හි සිටිත්. බොහෝ වූ ආහාර පාන පිළියෙල කොට ඇති කල්හි පවා ප්‍රේතව උපන් සත්වයන්ගේ අකුසල කර්මයේ ඇති බලවත්කම නිසා කිසි ඤාතිවරයකුට ඔහු සිහිපත් නොවන්නේ ය.

මෙම කාරණයෙන් පැහැදිලි වන්නේ කිසියම් ඤාති පිරිසක් දිවංගතව ඇත්නම්, ජීවත්ව සිටින ඤාතිවරුන්ට ඔවුන් සිහිපත් වන්නේ, පින් ලැබීමට තරම් දිවංගත වූ පිරිස භාග්‍යවන්ත වීම නිසා බව ය. මියගිය තැනැත්තා සඳහා පින් අනුමෝදන් කිරීමේ දී අප කොතැනක හෝ සිට ඔවුන් සිහිපත් කොට, පින් අනුමෝදන් කළ ද ඔවුන්ට එම පින අනුමෝදන් විය හැකි බව දත යුතු ය. මෙහිදී මිය පරලොව ගිය සියලු ඤාතීන්, මිනිස් ලොව සිට අප සිදු කරන්නා වූ පින් අනුමෝදන් නොවන බව ද දත යුතු ය. දිවංගත ඤාතීන්ට පින් ලැබීම හා නොලැබීම යන කාරණය පිළිබඳ, මිලින්ද ප්‍රශ්නයෙහි දී මිළිඳු රජතුමා විසින් අසන ලද පැනයකට නාගසේන රහතන් වහන්සේ මෙසේ ප්‍රකාශ කොට ඇත. මහ රජතුමනි, එක සිය තිස් හතක් වන නිරයෙහි කිසිවකු උපන්නේ නම් ඔහුට දුන් පින් පෙත් නොලැබෙන්නේ ය. ස්වර්ග ලෝකයට ගියා වූ දෙවියෝ ද පින් නොලබති. තිරස්චාන යෝනි ගත වූවෝ ද පින් නොලබති. මිනිස් වාසයෙහි ඉපිද ඇත්තෝ ද පින් නොලබති යනුවෙනි. එහෙත් ප්‍රේත ලොව උපන් සත්වයෝ, මෙහිදී පින් අනුමෝදන් වන අතර එහි උපන්නා වූ සියලු ඤාති ප්‍රේතයෝ ද පින් නොලබන බව දත යුතු ය. අනේක වර්ෂ ශකසහස්‍රයෙහි මහා දුක් අනුභව කරමින්, ඒ ඒ ස්ථානයන්හි වමනය ගර්භමලාදීය අනුභව කරමින් වසන්නා වූ (වන්තාසික) නම් ප්‍රේත කොට්ඨාසයක් ඇත. එසේම අනේක බුද්ධාන්තර මුළුල්ලේ කිසිම ආහාර පානාදියක් නොලබමින් සා පිපාසයෙන් පෙළෙමින්, හඬ හඬා දිව යන්නා වූ (ඛුප්පිපාසික) නම් ප්‍රේත කොටසක් ඇත.

ජීර්ණ වූ රුක් සිදුරු ඇසුරු කරමින් ඇවිල ගත්තා වූ ගිනි සහිත ශරීර ඇති (නිජඣාසික) නම් ප්‍රේත කොටසක් ඇත. එසේම ස්වකීය පෙර භවයන්හි ඤාතීන් විසින් අනුමෝදන් කරන්නා වූ පින් ලබා යැපෙන, (පරදත්තුපජීවී) නම් ප්‍රේත කොටසක් ද ඇත. මෙම චතුර්විධ ප්‍රේතයන් අතර පරදත්තුපජීවී ප්‍රේතයන් හැර ඉතිරි ප්‍රේත කොටස් තුන් වර්ගයකට පින් ලබා දිය නොහැකි අතර, ඔවුන් විසින් කරගන්නා ලද කර්මය අවසන් වනතුරුම, සා පිපාසා සහිත රෞද්‍ර දුක් විපාක විඳීමට ඔවුනට සිදු වන බව දත යුතු ය. එසේම පරදත්තුපජීවී ප්‍රේත කොටසට තමා උපන් ලොවෙහි ආයු ප්‍රමාණය කොතෙක්දැයි ගණනය කළ නොහැකි ය. තම ඤාති පිරිසක විසින් සසර කෙදිනක හෝ මළ ගිය ඤාතීන් සිහිපත් කොට පින් අනුමෝදන් කරනතුරු ඔවුනට දුක් සහිත එම භවයෙහි විසීමට සිදු වන්නේ ය. බුද්ධාන්තර 4 කට ප්‍රථම ප්‍රේත ලොව උපන් බිම්සර රජුගේ ඤාතීන්, මෙයට උදාහරණ ලෙස සඳහන් කළ හැකි ය.

මෙහි දී අපට ගැටලුවක් පැන නගින්නේ ය. එනම් කිසියම් ඤාතිවරයෙකු පින් නොලබන ස්ථානයක ඉපිද ඇත්නම්, මෙලොව ඇත්තන් විසින් ඔවුන් වෙනුවෙන් දුන් දානයෙන් කිනම් ප්‍රයෝජනයක් වන්නේ දැයි යන්න ය.


මෙම ගැටලුවට පිළිතුරක්, මිළින්ද ප්‍රශ්නයේ දී නාගසේන රහතන් වහන්සේ විසින් මිළිඳු රජතුමාට ප්‍රකාශ කොට ඇත. එනම් මහ රජතුමනි කිසියම් පිරිසක් කැවිලි පෙවිලි රැගෙන, ස්වකීය බන්ධු වර්ගයා හමුවීමට ගිය විට තම, ඤාති පිරිස හමු නොවුයේ නම් එම කැවිලි ආහාරය ඔවුන් විසින් ඉවත නොදමනු ඇත. එහිදී ඔවුන් විසින් පිළියෙල කරන ලද එම ආහාර ඔවුන් විසින් ම අනුභව කරනු ලබන්නේ යම් ආකාරයෙන් ද, ඤතීන් විසින් අනුමෝදන් නොවූ මෙම කුසල කර්ම, තම තමන්ගේ යහපත පිණිසම හේතු වන්නේය, යනුවෙනි.

 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
තථාගතයන් වහන්සේ මෙම තිරෝකුඩ්ඪ සූත්‍ර දේශනාවේ දී පැහැදිලි කරන ආකාරයට නෑයන් අතරින් යම් අයකු මියගිය ඤාතීන්ට අනුකම්පා කරන්නාහු වෙත් ද ඔවුන් වනාහි මේ පින පරලොව ගියා වූ අප නෑයන්ට අත්වේවා. එම නෑයෝ සුවපත් වේවා යැයි කියමින්, ප්‍රණීත වූ ආහාර පාන දන් දිය යුතු බව ය. එවිට එම ඤාති ප්‍රේතයෝ දන් පිරිනමන්නා වූ ස්ථානයට නොයෙක් දිසාවන්ගෙන් පැමිණ රැස් වන්නාහ. තමන් උදෙසා කර්ම ඵල අදහන විශ්වාසය ඇතිව සිදු කරන්නා වූ මෙම පින්කම දැක, ඔවුහු සතුටු වෙති. අනතුරුව පින් අනුමෝදන් වූ මෙම ඥාතිප්‍රේතයෝ සම්පත් ලබා ඔවුන් සුවපත් කළ සියලු ඤාතිනට ස්තුති කරති. එසේම මෙම ප්‍රේත ලෝකයෙහි සී සෑමක් නැත්තේ ය. ගව පාලනයක් නැත්තේ ය. වෙළෙඳාමක් නැත්තේ ය. මෙහි රන් රිදියෙන් කරන ගනුදෙනුවක් නැත්තේ ය. හුදෙක් මරණයට පත්ව ප්‍රේත විෂයට පැමිණ, මිනිස් ලොව වසන නෑ මිතුරන් විසින් දෙන ලද පිනකින්ම ඔවුහු යැපෙන්නාහ. යම් සේ උස් බිමක ඇති ජලය පහත් ප්‍රදේශයකට ගලා බසී ද එපරිද්දෙන් මිනිස් ලොව ඤාත්‍යාදීන් විසින් දුන් දානයෙහි විපාකය ප්‍රේතයන්ට ලැබෙන බව මෙහිදී තථාගතයන් වහන්සේගේ දෙසුම වන්නේ ය.




තවද මහ ගං¼ගා, කුඩා ගං¼ගාවන්ගෙන් රැස් වන ජලයෙන් පිරී යන්නේ ය. අනතුරුව මහා සාගරය පිරී යන්නේ ය.එපරිද්දෙන් මිනිස් ලොව ඤාත්‍යාදීන් විසින් දුන් දානයෙහි විපාකය මෙසේ ඤාති ප්‍රේතයන්ට ලැබෙන්නේ ය. තථාගතයන් වහන්සේ ඤාති ප්‍රේතයන්ට පින් අනුමෝදන් කිරීම කෙසේ කළ යුතු ද යන්න තවදුරටත් පැහැදිලි කරමින්, ‘මට මෙබඳු ධනයක් හෝ ධාන්‍යයක් දුන්නා වූ ද මොහු වනාහි මාගේ නෑයෝ යැයි ද, මිත්‍රයෝ යැයි ද, අසවලා වැලි කෙළියේ පටන් මාගේ යහළුවා යැයි ද වශයෙන් සිහි කොට තමා වෙත ඔවුන් විසින් කරන ලද උපකාර සිහි කොට, මිය පරලොව ගිය පුද්ගලයන් උදෙසා සකසා දන්දිය යුත්තේ යැයි දේශනා කරති. යම් හැඬීමක්, ශෝක කිරීමක් හෝ වැළපීමක් ඇත් ද, එය පරලොව ගිය අය කෙරෙහි ප්‍රයෝජන නොවන්නේය යනුවෙන් ද දේශනා කරති. මෙම කරුණු අතර ඇති ඉතා වැදගත් දෙයක් පිළිබඳ අප විසින් සිහියේ තබාගත යුතු ය. එනම්, මළගිය පිරිස සිහි කොට පින් අනුමෝදන් කරන අවස්ථාවෙහි දී එම ප්‍රේතයන් එම භවයෙන් නිදහස් වෙත්වා යනුවෙන් ප්‍රකාශ කිරීම, එතරම් සුදුසු යැයි කිව නොහැකි ය. මක්නිසා ද යත් ප්‍රේතයන් එම භවයෙන් නිදහස් වීමට නම්, එම ස්ථානයෙන් මරණයට හෝ චුත වීමට සිදු වන්නේ ය.




සියලු සත්වයෝම මරණයට බිය වෙති. එසේ නම් එසේ කළ විට සමහර අවස්ථාවන්හි දී මෙම පින් ඔවුන් විසින් බාර, නොගැනීමට ද ඉඩ ඇතැයි සිතිය හැකි ය. එම නිසා පින් අනුමෝදන් කිරීමේ දී සියලු ඤාති ප්‍රේතයන් සැප ඇති සත්වයෝ වෙත්වා යැයි පැතීම ම යහපත් බව දත යුතු ය.


තෙරුවන් සරණයි.
source - Budusarana
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
බොහොම පින් මේ පැහැදිලි කිරීමට.
මම හිතං හිටියෙ අප කරන පිනක් දැකල, එය යහපත්යැයි සතුටු වී අනුමත කරන කෙනෙකුට ඒ පින අනුමෝදන් වෙනව කියල. එහෙම බැලුවොත් ප්‍රේතයින්ට මෙන්ම දෙවියන්ටත් පින් අනුමෝදන් වීමේ හැකියාව තියෙනවනෙ. අපි බුදුන් වැඳල, දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්නෙ එයාලටත් එහෙම පින් අනුමෝදන් වෙන්න පුලුවන් නිසා නේද? සමහරවිට ඉතින් බොහොම සැප ඇති තැන්වල ඉන්න හින්ද, අපි කරන පොඩි පිනක් අනුමෝදන් වුණාට ගෑවෙන්නෙවත් නැතුව ඇති. :P ඒ හින්ද එන්නෙවත් නැතුව ඇති අපි ඉන්න පැත්ත පළාතෙ.

ඔය කියන විදිහට ප්‍රේතයින්ට කළින් ආත්ම භව සිහි කරන්න පුලුවන් වගෙයි නේද?
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අපි බුදුන් වැඳල, දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්නෙ එයාලටත් එහෙම පින් අනුමෝදන් වෙන්න පුලුවන් නිසා නේද? සමහරවිට ඉතින් බොහොම සැප ඇති තැන්වල ඉන්න හින්ද, අපි කරන පොඩි පිනක් අනුමෝදන් වුණාට ගෑවෙන්නෙවත් නැතුව ඇති. :P

හ්ම්ම්...නෑ නෑ..මේකෙ කියන්නෙ අපේ ඥාතියෙක් මැරිලා ඊළග භවේ දෙවියෙක් වශයෙන් ඉපදුනොත් අපි දෙන පිං අනුමෝදන් වෙන්නෙ නෑ කියලා...

බුදුන් වැදලා දෙවියන්ට පිංදීම වෙනයි...
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
හ්ම්ම්...නෑ නෑ..මේකෙ කියන්නෙ අපේ ඥාතියෙක් මැරිලා ඊළග භවේ දෙවියෙක් වශයෙන් ඉපදුනොත් අපි දෙන පිං අනුමෝදන් වෙන්නෙ නෑ කියලා...

බුදුන් වැදලා දෙවියන්ට පිංදීම වෙනයි...

පිංවල ඕන කමක් නැතිකමට පිං ගන්න එන්නෙ නැති නිසාද?:oo:
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
පිංවල ඕන කමක් නැතිකමට පිං ගන්න එන්නෙ නැති නිසාද?:oo:

හ්ම්ම්ම්ම්.....ප්‍රේතයන් දුක් විදින්නෙ පිං මදිකම නිසානෙ...මියගිය ඥාතියෙක් පරදත්තුපජීවී ප්‍රේත භවයක ඉපදුනොත් ඔවුන් යැපෙන්නෙ අනුමෝදන් වෙන පිනෙන්...:)