ම්ලේච්ඡ ක්‍රියාවකි.

Malayguy

Banned
Sep 17, 2012
420
30
0
ම්ලේච්ඡ ක්‍රියාවකි.

අල්-කුර්ආනයේ පදයන් වැරදි ලෙස අර්ථකථනය කර අන්තර්ජාලයට මුදා හැරීම ආගම්බේධවාදීන් ඉස්ලාමයට විරුද්ධව කරන්නාවු තවත් සාහසික සහ ම්ලේච්ඡ ක්‍රියාවකි.

“දහම සම්බන්ධව බලකිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලිව ඇත.” (අල්-කුර්ආන් 2: 256)

“නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිහිතලය මත සිටිනා සියල්ලන්ම විශ්වාසවන්තයින් වන්නට ඉඩ තිබිණ. එබැවින් මිනිසුන් (සියල්ල) විශ්වාසවන්තයින් වන ලෙස නුඹ (මුහම්මද් නබිවරයාණනි,) ඔවුන්ට බල කරන්නෙහි ද?” (අල්-කුර්ආන් 10: 99)

“(නබිවරයාණනි,) නුඹ මෙසේ පවසවු. ‘මනුෂ්‍යයිනි, සැබැවින්ම නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්ය ය (අල්-කුර්ආනය) ඔබ වෙත පැමිණ ඇත. එබැවින් කවරෙකු (එය අනුගමනය කර) යහමඟ (තෝරා) ගන්නේ ද එහි යහ ඔහුටමය. යමෙක් නොමඟ (තෝරා) ගන්නේ ද එහි අයහ ඔහුටමය. තවද මම ඔබව (බලකර) පාලනය කිරීමට බලයක් ඇත්තෙකු නොවන්නෙමි’.” (අල්-කුර්ආන් 10: 108)

“සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරයාණනි,) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා, කැමැති අයෙකු ප්‍රතික්‌ෂේප කරත්වා” (අල්-කුර්ආන් 18: 29)

ආගමික බහුත්වය හා නිදහස අනුමත කරන හා පිළිගන්නා මෙවැන් වැකි බොහෝමයක් අල්-කුර්ආනයෙන් හා නබිවදන්වලින් උපුටා දැක්විය හැක. අල්-කුර්ආනයේ සටන් කරන ලෙස අනුමත වැකි ද දක්නට ඇත. තමන්ගේ උපන් භූමිය වූ මක්කාහ්වේ අවුරුදු 13ක් ඉස්ලාමීය ප්‍රචාරයේ යෙදුනු මුහම්මද් තුමාට (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ සාමය හා ආශිර්වාදය අත්වේවා) හා එතුමා ඉදිරිපත් කළ දහම පිළිගත් ජනයාට ඉතා දරුණු වද හිංසාවන්ට එහි දී මුහුණ පෑමට සිදුවිය. ප්‍රති ප්‍රරහාරයකින් තොරව මේ සියල්ල ඔවුන් ඉවසා දරාගත්හ. මත්පැන, ලිංගික අපචාරය, සූදුව, අල්ප ආරාවුල් මත ඇති වූ වර්ෂ ගණනකට ඇදී යන ගෝත්‍රිකක ගැටුම්, සමහර පියවරුන් විසින් තම ගැහැණු දරුවන්ව පණ පිටින් වළලා දැමීම්, අසීමිත බහු ස්ත්‍රී විවාහ, තම පියා විවාහ වී සිටි ස්ත්‍රියව ඔහු දික්කසාද කල පසු පුත්‍රයා විසින් විවාහ කර ගැනීම වැනි දරුණු ම්ලේච්ඡවූ ක්‍රියාවල යෙදී සිටි මක්කාහ්වාසී ජනයාගෙන් ස්වල්පයක් හැර බහුතරය විසින් නබිතුමාගේ සදාචාර සම්පන්න ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරණ ලදී. අවසානයේ නබිතුමාව මරා දැමීමට ඔවුහු කුමන්ත්‍රණය කළහ. මෙම තත්ත්වය යටතේ එම නගරය අතහැර යන්නට එතුමාට දෙවිඳුන්ගෙන් අණ ලැබුනායින් පසු එම නගරයේ තමන්ට අයිතිව තිබූ සියල්ල අත්හැර මදීනාහ් නගරයට දේශාන්තරණය කළහ. ඉන්පසු එතුමාගේ දහම අනුගමනය කළ මක්කාහ්වාසි ජනයාගේ සියලූ වස්තු කොල්ලකෑමෙන් පසු ඔවුන්ව ද තම නිවෙස්වලින් පළවා හරින ලදී.

“අපරාධ කරනු ලැබූවන්ට (අපරාධ කළ ප්‍රතික්ෂේපකයින්ට) එරෙහිව යුද්ධ කිරීමට අනුමැතිය දෙන ලදී. සැබැවින්ම අල්ලාහ් ඔවුන්ට (විශ්වාසවන්තකයින්ට) උපකාර කිරීමට බලසම්පන්න වන්නේය. මොවුන් (විශ්වාසවන්තයින්) අසාධාරණ ලෙස තමන්ගේ නිවැස්වලින් (සතුරන් විසින්) පළවා හරින ලද්දන්ය. මොවුන් කළ එකම වරද අපගේ පරමාධිපති අල්ලාහ් යැයි පැවසීමය. (අල්-කුර්ආන් 22: 39-40)

ආගමික නිදහස අහෝසි කරමින් නිර්මාතෘට නැමදුම් නොකොට නිර්මාණයන්ට නැමදුම් කිරීම වැරදි යැයි පැවසීම එකම අපරාධය ලෙස සලකා මෙම ජනයාව තම නිවෙස්වලින් පළවා හරින ලද අතර ඔවුන්ගේ දේපළද කොල්ලකන ලදී. මෙවැන් තත්ත්වයක් තුළ අසාධාරණය හා අයුක්තියට එරෙහිව කෙරෙන සටනකින් අපේක්ෂා කරන්නේ මිහිතලය මත සාමය, යුක්තිය, නීතිය හා මිනිසත්කම ස්ථාපිත කිරීම හෙයින් එයට සහභාගිවීමද ජිහාදය ලෙස ඉස්ලාමය අනුමත කරයි.

“යමෙක් තව අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිරවීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුනේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙස යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනී ද ඔහු මිනිස් වර්ගයාම බේරාගත්තා හා සමානය” (අල්-කුර්ආන් 5: 32)

මෙයින් පැහැදිලි වන්නේ නිසි හේතු නොමැතිව මිනිස් ජීවිතයක් ඝාතනය කිරීමට ඉස්ලාම් කොහෙත්ම අනුමත නොකරන බවය. අපරාධකරුවන් සමඟ යුද්ධ කිරීමට දෙවිඳුන්ගේ විධානය ලැබුණ ද මුස්ලිම්වරුන් නිරන්තරයෙන් සාමය වෙත යොමු වී සිටිය යුතු බව අල්-කුර්ආනය උගන්වයි.

“තහනම් මාසයන් ඉක්ම ගිය පසු (නුඹලා සමඟ යුද වැදී සිටින) ආදේශකයින්ව දුටු තැන කපා දමවු. ඔවුන්ව සිරභාරයට ගනිවු. ඔවුන්ව වටලවු. ඔවුන් සැඟවෙන සෑම තැනකම ඔවුන් වෙනුවෙන් සැඟ වී සිටිවු. ඔවුන් (ඔවුන්ගේ අපරාධයන්ගෙන් ද ප්‍රතික්ෂේපයෙන් ද) පසුතැවිලි වී වැළකී (විශ්වාස කර) සලාතය ද පිළිපැද සකාත් ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි අතහරිනු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලි හා අති කරුණාභරිතය” (අල්-කුර්ආන් 9: 5)

ඉස්ලාමීය ඉගැන්වීම් විකෘත කරමින් ප්‍රචාරයේ යෙදී සිටින්නන් විසින් ඉස්ලාමය යුදවාදිත්වයෙන් යුත් දහමක් ලෙස හුවා දක්වන්නට උපයෝගී කරගන්නාවූ අල්-කුර්ආන් වැකියයි ඉහතින් උපුටා දක්වා ඇත්තේ. නමුත් එම පරිච්ඡේදයේම ඊළග වැකියෙන් එහි සත්යය ස්වරූපය හෙළිදරව් වන අයුරින් කරුණු පැහැදිලි කොට ඇත්තේය.

“(අල්ලාහ්ට) සමානයන් තබන්නන්ගෙන් කෙනෙකු නුඹගෙන් ආරක්ෂාව පැතුවහොත් අල්ලාහ්ගේ වදන් ඔහු සවන් දෙන තුරු ඔහුට ආරක්ෂාව දෙන්න. (ඔහු එය සවන් දී විශ්වාස නොකළහොත්) ඔහුව ඔහුට ආරක්ෂාව දෙන (වෙනත්) ස්ථානයකට යවනු. සැබැවින්ම ඔවුන් නුවන නැති ජනතාවක් වශයෙන් සිටින්නෝය.” (අල්-කුර්ආන් 9: 6)

අල්-කුර්ආනයේ 9 වැනි පරිච්ඡේදයේ 5 වැනි වැකිය උපුටා දක්වන ඉස්ලාම් විරෝධීන් එහි 6 වැනි වැකියෙන් පැහැදිලි කර ඇති කරුණු ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටිති. “කපනු කොටනු සිරගත කරනු” යන විධානයන් යුද බිමට අදාළ ආඥාවන් ය. ඕනෑම සටනක දී සම්ප්‍රදායානු කූලව නිකුත් කරනු ලබන ආඥාවන් ලෙස මේවා සැළකේ. අන් සටන්වලදී දකින්නට නොලැබෙන සුවිශේෂත්වය නම් සතුරු කඳවුරෙන් තමන් වෙත රැකවරණ පතා එන සරණගාතයන් සම්බන්ධව ඉතා කාරුණිකව ආරක්ෂාව හා රැකවරණය ලබා දී කටයුතු කරන්නට ඉස්ලාමය ඉගැන්වීමයි. ඉහත 6 වැනි වැකියෙන් පැහැදිලි කරන්නේ මෙම සත්‍යයයි.

ප්‍රචණ්ඩත්වයට හා සමාජ අසාධාරණයට එරෙහිව ඉස්ලාමිය අරගලය යුද වාදයක් නොවන බව පහත සඳහන් අල්-කුර්ආන් වැකිවලින් ද පැහැදිලි වන්නේය. මුළු මහත් මනුෂ්ය වර්ගයාටම සාමයෙන් ජීවත් විය හැකි යුද මුක්ත ලොවක් ඉස්ලාමය අපේක්ෂා කරයි.

“ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් නුඹ ද ඒ දෙසට නැඹුරු වවු. අල්ලාහ් කෙරෙහිම විශ්වාසය තබවු. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය සර්ව ඥානීය.” (අල්-කුර්ආන් 8: 61)

සතුරන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් එවිට මුස්ලිම්වරුන් ද ශක්තිමත්ව හා බලයෙන් පසුවුවද සමාදානය වෙත නැඹුරු විය යුතු බව මෙම වැකිය පැහැදිලි කරයි. යුද්දයකදී අනුගමනය කළ යුතු චර්යාවන් පිළිබඳව ඉස්ලාමය ඉතා පැහැදිලිව කරුණු ඉදිරිපත් කොට ඇත. මෙය හදීස් මූලාශරශ්‍රයන් රාශියකින් උපුටාගත් කරුණු හෙයින් එහි සංක්ෂිප්ත අදහස් පහතින් දක්වා ඇත්තෙමු.

1. කිසිවෙකුව ගින්නෙන් පුළුස්සා මරා දැමීම හෝ ගින්නෙන් වද හිංසාවට පත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම්ය.

2. සටන් කිරීමට නොහැකි හෝ සටන් කළ හැකි ආබාධිත සතුරු සොල්දාදුවන්ට පහර නොදිය යුතුය.


3. යුද සිරකරුවන් මරා නොදැමිය යුතුය.


4. බැඳ තබා ඇති හෝ රඳවා තබා ඇති කිසිවෙකුව මරා නොදැමිය යුතුය.


5. ජනාවාසයන්ට පහර දීම, මංකොල්ල කෑම, දේපල හානි සිදුකිරීම, සපුරා තහනම්ය. තමන් සමඟ සටනට එන්නන් සමඟ පමණක් සටන් කළ යුතුය.


6. තමන් යටතට පත්වූ රටක වැසියන්ගෙන් එහි වටිනාකම නොගෙවා කිසිවක් ලබා නොගත යුතුය.


7. මෘත දේහයන්ට අපහාස වන අයුරින් කටයුතු කිරීම හෝ අංගචේදනයන් කිරීම සපුරා තහනම්ය.


8. සතුරු මෘද දේහ ඔවුන්ගේ කඳවුරට භාරදිය යුතුය.


9. එළැඹ ඇති කිසිම ගිවිසුමක් කඩ නොකළ යුතුය.


10. මහළු අය, රෝගීන්, ස්ත්‍රීන්, දරුවන් ආදීන් ආරක්ෂාවන අයුරින් කටයුතු කළ යුතුය.


11. අන් ආගමික ස්ථාන හා පූජක පක්ෂයට කිසිම හානියක් සිදු නොකළ යුතුය.


ඉහතින් සංක්ෂිප්තව දැක්වූයේ ඉස්ලාමීය හමුදාවක් හැසිරිය යුතු ආකාරය පිළිබඳව වූ චර්යාවන්ය.

මෙම ඉදිරිපත් කළාවු කරුණු වලින් අපේක්ෂිත විග්‍රහය ලැබී අතැයි විශ්වාස කරන්නෙමු.



ලිපිය ලියන ලද්දේ :- අබු ෆාතිමා
 

sinhaleseman

Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    ඒ කෙසේ වෙතටත් ඔබගේ අන්වර් මනතුංග නම් බොරු සිංහල නමක් ගෙන සිංහල කොල්ලෝ මුස්ලිම් කරන්න සිහින දකින ඔහුට සිංහල රටේ සිංහල කොල්ලන්ව ඇන්දීම අමාරු වැඩකි. මන්ද සිංහල බෞද්ධ කොල්ලෝ මැවුම්කර දෙය්යන් ගැන විහිලුවට හා කාලය කා දැමීමට පමණක් කතා කරන නිසාවෙනි. එනිසා එක එකාගේ වල පල copy paste නොකර තමන්ගේ අදහස් ලියන්න.
     

    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    ඒ කෙසේ වෙතටත් ඔබගේ අන්වර් මනතුංග නම් බොරු සිංහල නමක් ගෙන සිංහල කොල්ලෝ මුස්ලිම් කරන්න සිහින දකින ඔහුට සිංහල රටේ සිංහල කොල්ලන්ව ඇන්දීම අමාරු වැඩකි. මන්ද සිංහල බෞද්ධ කොල්ලෝ මැවුම්කර දෙය්යන් ගැන විහිලුවට හා කාලය කා දැමීමට පමණක් කතා කරන නිසාවෙනි. එනිසා එක එකාගේ වල පල copy paste නොකර තමන්ගේ අදහස් ලියන්න.

    කොපි පේස්ට් කියලා කියා කියා ඉන්නවට වඩා පේස්ට් කරපු කරුණ කියවලා බලන එකයි වැදගත් වෙන්නෙ :)
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොපි පේස්ට් කියලා කියා කියා ඉන්නවට වඩා පේස්ට් කරපු කරුණ කියවලා බලන එකයි වැදගත් වෙන්නෙ :)

    ethakota ai ban madina kuran ekai makka kuran ekai wenas wenne? umbalage kurane thiyena widiyata makka eke thiyena ewa neda hari verses? :lol::lol::lol:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    අපිට පව් නොදී පල හම්බයෝ

    islamic_pig.jpg


     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    1. කිසිවෙකුව ගින්නෙන් පුළුස්සා මරා දැමීම හෝ ගින්නෙන් වද හිංසාවට පත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම්ය.

    2. සටන් කිරීමට නොහැකි හෝ සටන් කළ හැකි ආබාධිත සතුරු සොල්දාදුවන්ට පහර නොදිය යුතුය.


    3. යුද සිරකරුවන් මරා නොදැමිය යුතුය.


    4. බැඳ තබා ඇති හෝ රඳවා තබා ඇති කිසිවෙකුව මරා නොදැමිය යුතුය.


    nokala yuthui kiyana me dewal witharamai wenne....

    a nisaa anunta baila nogaha mulin thaman hadila inna ona....
    okkoma rules tika pothe thamai...
    wada thama balanna ona.
     

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    කොපි පේස්ට් කියලා කියා කියා ඉන්නවට වඩා පේස්ට් කරපු කරුණ කියවලා බලන එකයි වැදගත් වෙන්නෙ :)


    උඹ හැමදාම උපුටා දක්වන්නේ එකම දේ නම අපි කියවන්නේ මොකටද ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අන්වර් මනතුංග පොන්නයාගේ දෙකයි පනහේ අනාත බ්ලොග් එකෙන් කොපි පේස්ට් කරන තෝ ඊට වැඩ පොන්නයෙකි
     

    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    උඹ හැමදාම උපුටා දක්වන්නේ එකම දේ නම අපි කියවන්නේ මොකටද ?

    ගත්තු තැන එකම තැන වුනාට දාන කරුණු ටික වෙනස්. මම හැමදාම එකම ලිපය දාන්නේ නැහැ :)
     

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    පව් බන් මේ අබු ෆාතිම කියල ලියන්නෙත් මුන්ගේ අන්වර් පොන්ස්ම තමයි මන් හිතන්නේ ..මොකද දෙන්නගෙම වචන භාවිතය එකයි....
     

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    උඹ දාන්නෙත් මනතුංග කියන ගෙරිය දාන එකනේ ඉතින් ඌ දාන්නේ හැමදාම එකම දේ කරකවල අල්ල විතරයි වෙන කව්රුත් නැහැ කියල අන්තිමට ඔප්පු කරන්න ... හරියට දවල්ට කරවලයි බතුයි රෑට බතුයි කරවලයි වගේ.
     

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    මෝඩ වෙන්න එපා බන් මේ සිංහල කොල්ලන්ට උඹ ඕව දාන්න ගිහින් අන්තිමට උඹට මැලේසියවටම යන්න වෙන්නේ... අල්ලාව හොයා හොයා ඔහොම හිටහන් අනිත් උන්ට පව් නොදී .
     

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    11. අන් ආගමික ස්ථාන හා පූජක පක්ෂයට කිසිම හානියක් සිදු නොකළ යුතුය.

    ඉහතින් සංක්ෂිප්තව දැක්වූයේ ඉස්ලාමීය හමුදාවක් හැසිරිය යුතු ආකාරය පිළිබඳව වූ චර්යාවන්ය.

    මෙම ඉදිරිපත් කළාවු කරුණු වලින් අපේක්ෂිත විග්‍රහය ලැබී අතැයි විශ්වාස කරන්නෙමු.


    බලපන් මේවා කොච්චර බොරුද කියල. උඹල ඒ විදිහට හැසිරුණ නම් අරාබිය වසා පැතිර තිබු බෞද්ධ සංස්කෘතිය අදත් තියෙන්න ඕන.
     
    Last edited:

    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    උඹ දාන්නෙත් මනතුංග කියන ගෙරිය දාන එකනේ ඉතින් ඌ දාන්නේ හැමදාම එකම දේ කරකවල අල්ල විතරයි වෙන කව්රුත් නැහැ කියල අන්තිමට ඔප්පු කරන්න ... ''හරියට දවල්ට කරවලයි බතුයි රෑට බතුයි කරවලයි'' වගේ.
    දවසේ කතාව...:lol::lol::lol::lol::lol::lol::lol:.