මාඕ සේතුං හොද කෙනෙක්ද නරක කෙනෙක්ද?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ඒක ඔයාගේ විශේෂයෙන්ම චීන ජාතිකයෙකුගේ සමාජ හා පන්ති පසුබිම මත පදනම් වෙනවා

    චීන උගතුන් හා ව්‍යාපාරිකයන් මාඕ සේතුං ව සලකන්නේ දුෂ්ටයෙක් විදියටයි මොකද මාඕ සේතුං ඔවුන්ගේ වරප්‍රසාද ධනය උදුරා ගත්ත නිසා

    දුප්පත් මිනිස්සු ඔහුව සලකන්නේ වීරයෙක් විදියටයි මොකද කොමියුනිස්ට් පක්ෂයට කලින් චීනයේ බහුතරය ජිවත් වුයේ දරිද්‍රතාවයෙනි මාඕ සේතුං ආවාට පස්සේ දුප්පත් ග්‍රාමීය ජනතාවට බොහෝ වරප්‍රසාදද අවස්ථාද ඔහු විසින් නිර්මාණය කරා

    මටනම් මාඕ සේතුං වීරයෙකි නමුත් මාඕ සේතුං ගොඩක් වැරදි කරා ගොඩක් වෙලාවට ෆේල් උනා චීනය අද තියන තත්වයට ගෙනාවේ මාඕ සේතුං නෙමේ ඒ deng xiaoping ය

    ලංකාවේ මාඕ අනුගාමිකයන් බොහෝ දෙනෙක් සිටිති එයින් හොදම උදාහරණය රෝහණ විජේවීරයි ඔහු මුල් කාලයේදී මාඕ අනුගාමිකයෙක් වූවා
    Mao-Zedong (1).jpg
     
    • Like
    Reactions: Solo Rider

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මහතිර් මොහොමඩ්
    ලී කාන් යූ දෙන්න නම් හොද වෙන්න විදියක් නෑ

    සේතුං ගැන තාම idea එකක් නෑ ... 2030 වගේ තියෙයි
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Whenever Chinese go on protest against the government, they always bring massive portraits of Mao.
     
    • Like
    Reactions: Solo Rider

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මාඕ සේතුං ඒ රටේ සෞඛ්‍යාරක්ෂාව හා ආහාර සුරක්ෂිතතාවය වැඩි කරන්න කරපු වැඩක් නිසා මිනිස්සු මිලියන 15-45 අතර ගානක් සාගතයෙන් මිය ගියා කියලා තමයි කියවෙන්නේ.

    Four Pests Campaign කියලා හඳුන්වන, මදුරුවෝ, මැස්සෝ, මීයෝ, වී කුරුල්ලෝ කියන සතුන් වර්ග හතර සමුලඝාතනය කිරීම මාඕ ගේ අණින් ක්‍රියාත්මක උන ව්‍යාපෘතියක්.

    මෙයින්, ඇති උන පාරිසරික අසමතුලිතතාවය නිසා වගාවන්ගේ අස්වැන්න අඩු වීම නිසා ඇතිවුන සාගතයෙන් මිලියන 15-45 අතර මිනිසුන් ප්‍රමාණයක් ආහාර නොමැතිව මිය ගියා.

    එක රැයින් කාබනික පොහොර වලට ගිය අපේ ලොක්කා ලෝකේ ඉන්න මෝඩම ජනාධිපති කියලා හිතුවට, මාඕ සේතුං කියන්නෙත් ඊට නොදෙවෙනි කෙනෙක්.