මාක්ස්ට සහ භෞතික වාදීන්ට ‘ඇප නැති වී’ බුදු ද&#
ඔන්න මාක්ස්ගේ දයලෙක්තික අනුරුව….හේජීලියානු අපෝහකය අවම වශයෙන් විඤ්ඤාණ වාදී හා සංකල්ප වාදී පූර්ණත්වයක් පෙන්නපු එකක්..(ඒකත් අංග සම්පූර්ණ විඤ්ඤාණය පැහැදිලි කිරීමක් නොවේ)..නමුත් මාක්ස් සහ එංගල්ස්, මේ හේජීලියානු දයලෙක්තික සංකල්පය උපුටා ගෙන, එයට අවිඤ්ඤාණික වූ, ඉතාම භෞතික වාදී හා ද්‍රව්‍ය වාදී අර්ථ කතනයක් ලබා දුන්නා….මාක්ස්ට බරපතළ විදියට වැරදුණු තැන මෙතන…ඔහු, මිනිසා සිය “ආකල්ප” සමාජ භෞතිකය තුළින් සකසා ගෙන, ඒ ආකල්ප තුළින් “දෘෂ්ඨිය” (Perceptions / Perspective) සකසා ගන්නා අයෙක් හැටියට දැක්කේ..කොටින්ම, ඔහු හා “අනුභූති වාදී” (Empiricist) ඩේවිඩ් හියුම්ස් අතර වෙනසක් නෑ…ඔවුන් දෙදෙනාම හිතා ගත්තේ මිනිසුන් කියන්නේ,”ශ්‍රව්‍ය, දෘෂ්‍ය, පරාසයන්” තුළ පමණක් හැසිරෙන අය කියලා…එනයින්, මාක්ස් හිතනවා, “නාගරික දිවි සැකැස්මෙන් පසුව, නිර්ධන පංතිය සමඟ බොෂුවා පන්තිය ගැටී, නිර්මාණය වන අවුලෙන්, බිහිවන්නේ “පංති රහිත” කොමියුනිස්ට් සමාජයක්” කියන එක…නමුත් මාක්ස්ට අමතක වෙනවා, (හෝ ඔහු දන්නේ නෑ…) මිනිසා කියන්නේ “අවාස්තවිකත්වය” මත පවා “සංකල්ප” නිර්මාණය කර ගන්නා අයෙකු බව…අන්න ඒ බරපතළ මූල ධර්ම වරද නිසා, මාක්ස්ගේ දයලෙක්තිය සහ මුලින්ම කඩා වැටෙනවා…දැන් අපි බලමු කොහෙද වරද තියෙන්නේ කියලා…
බොෂුවා පංතිය, නිර්ධනයන් හා ගැටීමෙන් නිර්මාණය වන්නේ පංති රහිත සමාජයක් නොවේ…හැබැයි, ඒ නලින් සිල්වා තුමා කියනවා වගේ “නැවත කම්කරු පංති නිර්මාණයක්” එහෙමත් නෙමෙයි..දෙගොල්ලම වැරදියි…එයින් පසුව නිර්මාණය වන්නේ “බල විභේදනයක්”…”නිලධාරියා සහ නිල බල පරාසයට හසු වන්නා” (The Official and the Subject or in Gramsci`s terms the Bureaucrat and the subject) යනුවෙන් තව පංති දෙකක් එයින් මතුව බිහි වෙනවා…නැවතත් සමාජය පංති පිරමිඩයකටම යනවා…එකම හොඳ තියෙන්නේ, ඒ සමාජයේ පංති ස්ථරයන් ගණන අඩුයි…ඒක තමයි එකම යහ ලක්ෂණය…නමුත්, නැවතත් “පංතිය” පහළ වෙනවා…නැවතත් “පීඩිතයන්” පහළ වෙනවා…
ඇයි එහෙම වෙන්නේ?…අන්න එතනදි මාක්ස්ට සහ භෞතික වාදීන්ට ඇප නැති වෙනවා…බුදු දහම සනාථ වෙනවා…“තණ්හාව” කියන එක “අවාස්තවික” දෘෂ්ඨියක්…සියළු දෘෂ්ඨීන්ගේ පදනම වන “මූල දෘෂ්ඨිය” හෙවත් සංසාරය පවත්වා ගන්නා දැති රෝදය තමයි තණ්හාව…සමාජවාදී විප්ලවයකින් හෝ නායකත්වය හා ඒ ඉහළ නිල පරාසයන්ට පත් වන්නේ රහතන් වහන්සේලා නෙමෙයි, තණ්හාව ප්‍රහීණය නොකරන ලද මිනිසුන්…කෙටියෙන් කිව්වොත් අපි වගේම මිනිසුන්…ඒ මිනිසුන් නායකයන් වූ පසුව, ඉතාම කෙටි කලකින් ඔවුන් බල සහ වස්තු තණ්හාවෙන් මඩනු ලබනවා…එයින්ම ඔවුන්ට විප්ලවයේ හරයාත්ත ලක්ෂණ අමතක වෙලා යනවා…ඉන් පසුව, ඔවුන් තමන්ගේ බලය සහ තම පවුල් වල බලය රැක ගන්න බල ව්‍යාපෘතියක නිරත වෙනවා...(උදා : සමාජවාදි උතුරු කොරියාවේ ජනාධිපති වරයා, තමාගෙන් පසුව තම පුත්‍රයාට බලය පැවරීමට සැරසුණි…කියුබාවේ කස්ත්‍රෝ, තමාගෙන් පසුව තම සහෝදරයා ජනාධිපති කළේය…)..මෙන්න මේ කරුණෙදි, කාල් මාක්ස්, බුදු රජාණන් වහන්සේ ඉදිරියේ අනාථ වෙනවා…
උපුටාගෑනීම.: http://sinhalabuddhist.com
Repost නම් සමාවෙන්න.....