මාක්‌ස්‌ ඉපදී වසර 200 ක්‌

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මාක්‌ස්‌ ඉපදී වසර 200 ක්‌

    මාක්‌ස්‌ ඉපදී වසර 200 ක්‌ ... ඔහුගේ දහම අදට වලංගු ද?





    marks.jpg
    කාල් හයින්රිච් මාක්‌ස්‌ - වැඩිම දෙනා දන්නා පරිදි කාල් මාක්‌ස්‌ - උපත ලැබ දැන් වසර දෙසීයක්‌ ගතව තිබේ. දාර්ශනිකයකු, ආර්ථික විද්‍යාඥයකු, ඉතිහාසඥයකු, දේශපාලන චින්තකයකු, සමාජ විද්‍යාඥයකු, පුවත්පත් කලාවේදියකු හා සමාජවාදී විප්ලවවාදියකු ලෙස කීර්තියක්‌ දිනූ මේ ජර්මානුවා හා සම කළ හැකි වෙනත් ඵෙතිහාසික චරිත ඇත්තේ අතළොස්‌සකි. දේශපාලන චින්තකයකු ලෙස ඔහුට ළං විය හැක්‌කෙක්‌ නැත. එසේ වුවද ඔහුගේ අදහස්‌ හා න්‍යාය යල් පැන ඇති බවත්, සාවද්‍ය දුර්මත බවත් ඒකාධිපති වාදයට ඉඩ සලසන බවත් දශක ගණනාවක සිට යළි යළිත් කියනු ලැබේ. 1989 නොවැම්බර් මස බිඳ දැමුණු බර්ලින් තාප්පයේ සුන්බුන් යට මාක්‌ස්‌ ධර්මය සදහටම වැළලී ගියේ යෑයි අධිපති පන්තීහු සහ ඔවුන්ගේ අද්වකාත්වරු කියා සිටියහ. මාක්‌ස්‌වාදය ගුරු කොට ගෙන ගොඩනැඟූ සෝවියට්‌ දේශය 1991 දෙසැම්බරයේ දී බිඳවැටුණු විට, කාල් මාක්‌ස්‌ගේ නිර්දය විවේචනයට පාත්‍ර වූ ධනේශ්වර ක්‍රමයේ ආරක්‍ෂකයන් කෙතරම් උද්දාමයට පත් වී ද යත් ඉතිහාසයේ අවසානය පැමිණ ඇතැයි මහාචාර්ය ෆ්‍රැන්සිස්‌ ෆුකුයාමා පැවසීය.

    මාක්‌ස්‌ සිය ජීවිත කාලය තුළ තනිව සහ සිය සමීපතම සගයා වූ ෆ්‍රෙඩ්රිච් එංගල්ස්‌ සමඟ එක්‌ව ලියූ පොත් හා ලිපි සංඛ්‍යාව ඉතා විශාලය. ඔහු තනිව ලියා 1867 දී පළ කළ 'ප්‍රාග්ධනය' පමණක්‌ වෙළුම් තුනකි. මාක්‌ස්‌ සිය දර්ශනය හා ඊට අදාළ විවිධ පැතිකඩ පැහැදිලි කරමින් පෞද්ගලික මිතුරනට ලියා ඇති ලිපි සංඛ්‍යාව බොහෝය. ඔහු ලියූ පොත් හා ලිපි සියල්ල එකතු කොට පළ කිරීමට ලන්ඩන් නුවර ප්‍රකාශන ආයතනයක්‌ 1975 දී ගත් උත්සාහයේ දී පෙනී ගියේ මුළු එකතුව වෙළුම් පනහ ඉක්‌මවන බවය. එකී පොත් සහ ලිපි සියල්ල තබා කිහිපයක්‌ හෝ කියවා නැති, මාක්‌ස්‌ ලියූ ග්‍රන්ථයක පිටකවරය හෝ දැක නැති අය පවා මාක්‌ස්‌වාදය යල් පැන ඇතැයි කියන්නවුන් අතර වෙති. එවැන්නෝ අප රටේ ද හිඟ නැත. කලකට පෙර ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රජාව අතර මාක්‌ස්‌වාදී ආචාර්යවරු හා සිසුහු බොහෝ වූහ. අද ඔවුන්ගෙන් වැඩි දෙනා මාක්‌ස්‌වාදයත් සමාජවාදයත් යන දෙකම ප්‍රායෝගික නොවන දර්ශනයක්‌ සේ සලකන කඳවුරට ගොසිනි. ඉතිරි සුළු පිරිස නිහඬය.

    මාක්‌ස්‌වාදය ස්‌වකීය දේශපාලන ආර්ථික චින්තනය කොට ගෙන බිහි වූ, දැන් ජනබලයෙන් පිරිහී ඇති, පැරණි වාමාංශික පක්‍ෂ අපේ රට මුහුණ පා සිටින දැවැන්ත අභියෝග විවරණය කිරීමට මාක්‌ස්‌වාදය මෙවලමක්‌ කොට ගන්නේ නැත. කලෙක උග්‍ර විප්ලවවාදීන් ලෙස පෙනීසිටි ඇතැම් වාමාංශික නායකයෝ දැන් රතු කමිස හැඳ දක්‍ෂිණාංශික එක්‌සත් ජාතික පක්‍ෂ වේදිකාවේ අසුන් ගෙන සිටිති. -අධිරාජ්‍යවාදයට විනාශය - ජනතාවට 'සමාජවාදය' යන සටන් පාඨය ඔසවාගෙන 60 දශකයේ මැද භාගයේ දී කරළියට පැමිණි ජනතා විමුක්‌ති පෙරමුණේ වත්මන් මාක්‌ස්‌වාදී භාවිතය මැයි දිනයදා පෙළපාලියේ ගෙන යන මාක්‌ස්‌, එංගල්ස්‌, ලෙනින් ත්‍රිත්වයේ පින්තූරවලට සීමා වී තිබේ. අපේ රටේ පීඩිත ජනතාව පෙළන ප්‍රධාන ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය යෑයි නිගමනය කිරීමට තරම් ජවිපෙ බොළඳ වී සිටී.

    ඉතින් අපි කාල් මාක්‌ස්‌ සිහි කළ යුත්තේ මන්ද? අද දවසේ අපට ඔහුගෙන් උගත හැකි පාඩම් මොනවාද?

    මාක්‌ස්‌ 1818 මැයි 05 දිනදා, එදා පර්සියාවට (වත්මන් ජර්මනිය) අයත් රයින්ලන්තයේ ටි්‍රයර් නගරයේ මධ්‍යම පාන්තික පවුලක උපත ලැබීය. ඔහුගේ පියා හයින්රිච් මාක්‌ස්‌ වොල්ටෙයාර්ගේ සහ ඉම්මැනුවෙල් කාන්ට්‌ගේ පොත පත කියෑවූ ප්‍රබුද්ධයකු විය. නීතිය හැදෑරීම සඳහා 1836 දී බොන් විශ්වවිද්‍යාලයට පිවිසි තරුණ මාක්‌ස්‌ වසරකට පසු බර්ලින් සරසවියට ඇතුළු වී දිගටම නීතිය හදාරන අතර එකල මහත් සම්භාවනාවට පාත්‍රව තිබූ හෙගලියානු දර්ශනය වෙත ඇදී ගියේය. ඔහු ලුඩ්විග් µsයර්බාච් සහ බෲනෝ බෝවර් නායකත්වය දුන් තරුණ හෙගල්වාදීන්ගේ සංගමයට සම්බන්ධ විය. සිය ආචාර්ය උපාධි තීසීසය සඳහා එපිකියුරස්‌ගේ දර්ශනය විභාග කිරීම තෝරාගත් මාක්‌ස්‌ විද්වත් වෘත්තියක නිරත වීමට අපේක්‍ෂා කළ ද ඔහුගේ ලිබරල් චින්තනය හා අදේවවාදය ඊට හරහට හිටියේය.

    1843 දී පැරිසියට සංක්‍රමණය වූ මාක්‌ස්‌ට වසරකට පසු 1844 දී සිය ජීවිතයේ ඉතිරි කාලය තුළ වඩාත්ම භක්‌තිමත් හා අචල සගයා වූ, මහා බුද්ධි බලයකින් හෙබි ෆ්‍රෙඩ්රිච් එංගල්ස්‌ හමු විය. ඇඩම් ස්‌මිත්, ඩේවිඩ් රිකාඩෝ, ෙ-ම්ස්‌ මිල් බඳු චින්තකයන්ගේ කෘති පරිශීලනය කරමින් දේශපාලන ආර්ථිකය අධ්‍යයනය කිරීමට මේ කාලයේ දී යොමු වූ ඔහුට සේන්ට්‌ සයිමන්, රොබට්‌ ෆුරියර් හා පියරේ පෘදොdaන් විසින් නියෝජනය කැරුණු ප්‍රංශ සමාජවාදය හා අරාජකවාදය හඳුනා ගැනීමට ලැබිණ. විශේෂයෙන් හෙගල් ඇතුළු ජර්මානු විඤ්ඤාණවාදී දාර්ශනිකයන් හැදෑරීමෙන් ලත් දැනුම හා මුසුකොට අද මාක්‌ස්‌වාදය නැතහොත් ඵෙතිහාසික භෞතිකවාදය නමින් හඳුන්වන චින්තන ප්‍රවාහය බිහිවන්නට පටන් ගත්තේ ඒ අයුරිනි.

    එතැන් සිට මාක්‌ස්‌, ධනපති දේශපාලන අර්ථ ක්‍රමය විවරණය කරමින් හා එකී අර්ථ ක්‍රමය විසින් ජනිත කරන ලද අසාධාරණ සමාජ රටාව අහෝසිකොට දේපළ අහිමි පන්තීන්ගේ නිර්ධනීන්ගේ විමුක්‌තිය උදා කළ හැකි මඟ පැහැදිලි කරමින් තමා තනිවත් එංගල්ස්‌ සමඟ එක්‌වත් ග්‍රන්ථ හා ලිපි විශාල සංඛ්‍යාවක්‌ සම්පාදනය කළේය. ධනේශ්වර ක්‍රමය තුළ ශ්‍රමයේ ඉරණම පැහැදිලි කරන -පැරිස්‌ ලේඛන ඵෙතිහාසික භෞතික වාදය මුල්වරට නිර්වචනය කළ 'ජර්මානු දෘෂ්ටිවාදය' හා ඉතිහාසයේ මෙතෙක්‌ ලියෑවී ඇති ඉතාමත් විශිෂ්ට හා ප්‍රබල දේශපාලන පොත් පිංච වන 'කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ප්‍රකාශනය' මුල් යුගයේ කෘති අතර කැපී පෙනෙයි. න්‍යාය නිර්මාණයට සීමා නොවූ මාක්‌ස්‌ ධනේශ්වර ක්‍රමය පෙරළා දැමීමේ අරමුණ සහිත දේශපාලනයට ක්‍රියාකාරීව සම්බන්ධ විය. ඔහු කොමියුනිස්‌ට්‌ ප්‍රකාශනය රචනා කළේ කොමියුනිස්‌ට්‌ ලීගය වෙනුවෙනි. පසුව ප්‍රථම ජාත්‍යන්තරය නමින් ප්‍රකට වූ 'වැඩකරන මිනිසුන්ගේ අන්තර්ජාතික සංගමය' බිහි කිරීමට 1864 දී ඔහු හා එංගල්ස්‌ උදව් කළහ.

    1848 දී යුරෝපය පිසගෙන විප්ලව රැල්ලක්‌ හමා ගියේය. ඒවා කෲර ලෙස මර්දනය කරනු ලැබීය. සංක්‍රමණය වූ සෑම රටකින්ම මාක්‌ස්‌ පළවා හැරිණ. සෙසු යුරෝපීය රාජ්‍යයනට වැඩි ලිබරල් අවකාශයක්‌ තිබූ ලන්ඩනය වෙත සංක්‍රමණය වූ ඔහු ජීවිතයේ ඉතිරි කාලය එහි ගත කළේය. ඉතිහාසය, දේශපාලන න්‍යාය හා ආර්ථික විශ්ලේෂණය මනාව සංකලනය කරමින්, ව්‍යක්‌ත එහෙත් දුරවබෝධ බසකින් ලියෑවුණු මාක්‌ස්‌ගේ විශිෂ්ටතම කෘතිය වන 'ප්‍රාග්ධනය' පළමු වෝඵම 1867 දී එළි දුටුවේය.

    කාල් මාක්‌ස්‌ නම් වූ ප්‍රාඥයා හා චින්තකයා 1883 මාර්තු 14 දා ලන්ඩනයේ දී අවසන් හුස්‌ම හෙළීය. 'ලොව ජීවමාන ශ්‍රේෂ්ඨතම චින්තකයා සිතීම නතර කළා' යෑයි එංගල්ස්‌ පැවසීය. මාක්‌ස්‌ගේ සිරුර හයිගේට්‌ සුසානයේ භූමදාන කෙරිණ. ඔහු මිය ගිය ද ඔහුගේ චින්තනය බොහෝ නැඟීම් වැටීම් මැද අදත් ජීවත් වෙයි. මාක්‌ස්‌ කියූ හැම දෙයම හරි ගියේ නැත. වැරදුණු තැන් ගණනාවකි. තමා මානව ඉතිහාසයේ අවසාන දාර්ශනිකයා බව මාක්‌ස්‌ කිසි විටෙක කල්පනා කළේ නැත. ධනේශ්වර දේශපාලන අර්ථ ක්‍රමය අරභයා ඔහු කළ විවරණය අද එදාටත් වඩා වලංගුය. ධනේශ්වර ක්‍රමය වෙනුවට මාක්‌ස්‌ යෝජනා කළ විසඳුම නොපිළිගන්නා අය පවා ඔහු කළ විශ්ලේෂණය සමඟ එක`ග වෙති.

    සෝවියට්‌ දේශය බිඳවැටී වසර හයකට පසු 1997 දී තායිලන්තයෙන් පටන්ගෙන රටවල් රැසක පැතිර ගිය දැවැන්ත මූල්‍ය අර්බුදයත් සමඟ මාක්‌ස්‌ යළි කරළියට පැමිණියේය. .-සහස්‍රය උදා වෙමින් තිබියදී අපූරු දෙයක්‌ සිදු විය. 1998 දී කාල් මාක්‌ස්‌ යළි උපන්නේය. ඔහුත් ඔහුගේ මතවාදයත් සදහටම මියගොස්‌ ඇතැයි උදම් අනමින් තිබියදී මෙන්න ඔහු යළි ඇවිත්' යනුවෙන් එරික්‌ හොබ්ස්‌බෝම් නම් බ්‍රිතාන්‍ය ඉතිහාසඥයා ලියා තැබීය. 2008 දී ඇමෙරිකාවේ හටගෙන පැතිර ගිය තවමත් අවසානයක්‌ නැති මහා ආර්ථික අර්බුදය හමුවේ ධනේශ්වර බුද්ධිමත්තු පවා මාක්‌ස්‌ හැදෑරීමට යොමුව සිටිති.

    මාක්‌ස්‌ අදටත් වලංගු වන්නේ ඇයි? මාක්‌ස්‌ අවමඟුලේ දී ෆ්‍රෙඩ්රිච් එංගල්ස්‌ රමණීය සරල බසින් සංක්‍ෂිප්තව මේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේය. එබැවින් ඔහු උපුටා දැක්‌වීම උචිතය.-'චාල්ස්‌ ඩාවින් ඵෙන්ද්‍රීය ස්‌වභාවධර්මයේ සංවර්ධන නියාමය හඳුනා ගත් අයුරින් මාක්‌ස්‌ මානව සමාජයේ සංවර්ධන නියාමය හඳුනා ගත්තේය. මිනිසාට පළමුව අවශ්‍ය වනුයේ කෑම්, බීම්, නිවාස, රෙදිපිළි ආදියයි. ඔහු දේශපාලනය, විද්‍යාව, කලාව හා ආගම වෙත යොමු වනුයේ ඉන් පසුවය. එපමණක්‌ නොව වත්මන් ධනේශ්වර නිෂ්පාදන මාදිලියේ සහ එය විසින් නිර්මාණය කර ඇති ධනේශ්වර සමාජයේ චලනය පිළිබඳ නියාමය ද මාක්‌ස්‌ හඳුනා ගත්තේය.'

    ඉතිහාසයේ කවර අවධියක වුවද ඔක්‌සිජන් වායුව, හිරු එළිය බඳු ස්‌වභොවික භාණ්‌ඩ දෙක තුනක්‌ හැර මිනිසාගේ පැවැත්මෙහි මූලික අවශ්‍යතා සියල්ල නිෂ්පාදනය කළ යුතුය. නිෂ්පාදනය සඳහා නිෂ්පාදන මාර්ග හෙවත් සාධක අවශ්‍ය වෙයි. සෑම පන්ති සමාජයකම නිෂ්පාදන මාර්ග අයිතිය දේපළ හිමි සුළු පිරිසක්‌ අත පවතී. දේපළ හිමි පන්තිය භාණ්‌ඩ නිෂ්පාදනය කරනුයේ සමාජයේ පොදු යහපත උදෙසා නොව සිය සුඛ විහරණය සඳහා ලාභ උපයනු පිණිසය. දේපළ ප්‍රති නිෂ්පාදනය කරනු පිණිසය. අනවරත ලාභ සමුච්චය මත පදනම් වූ ධනේශ්වර ක්‍රමය පන්ති අරගලය උත්සන්න කරයි. කලින් කල ආර්ථික සමාජ අර්බුද ඇති කරයි, සුළු පිරිස ධනවත් කොට බහුතරය දිළිඳු බවට ඇදහෙළයි සමාජ අසාධාරණය, යුද්ධ හා ප්‍රචණ්‌ඩත්වය වර්ධනය කරයි, තමන්ට තමන් පවා අයිති නැතැයි යන කාලකණ්‌ණි හැඟීම් ශ්‍රමිකයා තුළ ඇති කරයි.

    සීමා විරහිත ලාභ ෙච්තනාවෙන් මෙහෙයෑවෙන ධනේශ්වර ක්‍රමය ඉවසිය නොහැකි ආදායම් විවිධතාවක්‌ නිර්මාණය කර තිබේ. ලන්ඩන් නුවර මූලස්‌ථානය කොට ගත් ධංෙaප ආයතනය ලෝක ආර්ථික සංසදයේ 2016 දාවොස්‌ සමුළුවට යොමු කළ වාර්තාව ලෝක ජනගහනයෙන් සියයට 1 ක්‌ දෙනා සතු ධනය ඉතිරි සියයට 99 සතු ධනයට සමාන බව සඳහන් කරයි. 2017 දාවොස්‌ සමුළුවට ඉදිරිපත් කළ වාර්තාවෙන් කියෑවුණේ ලොව මෙගා ධනවතුන් අටදෙනා සතු ධනය ලෝක ජනගහනයෙන් අඩක්‌, එනම් කෝටි 350 ක්‌ සතු ධනයට සමාන බවයි. මේ ප්‍රවණතාව දිගටම පැවතිය හොත් ධනය සංකේන්ද්‍රණය ප්‍රථම ලෝක සංග්‍රාමයට පෙර පැවැති මට්‌ටමට ළඟා වනු ඇතැයි තෝමස්‌ පිකටි ලියූ '21 වැනි සියවසේ ප්‍රාග්ධනය' නම් විශිෂ්ට ග්‍රන්ථයෙහි සඳහන් වෙයි.

    ලාභය ඒකායන අරමුණ කොටගත් ධනේශ්වර ක්‍රමය මිනිසාගේ පැවැත්මෙහි අත්තිවාරම වන ස්‌වාභාවික පරිසරය විනාශ කරයි. පාලනයකින් තොරව ෆොසිල ඉන්ධන භාවිතය නිසා පෘථිවි වායු ගෝලීය උෂ්ණත්වය ඉහළ යැමෙන් නිර්මාණය වී ඇති දේශගුණික විපර්යාසයේ හානිකර ප්‍රතිඵල න්‍යෂ්ටික යුද්ධයක ප්‍රතිඵල තරමටම භයංකරය. ධනේශ්වර ආයෝජන, නිෂ්පාදන හා පරිභෝජන රටාව වෙනස්‌ නොකොට තිරසර සංවර්ධනයක්‌ අත් කර ගත හැකි යෑයි සිතීම මුළාවකි. නැත්නම් ප්‍රොaඩාවකි.

    වත්මන් අවධියේ ධනවාදය මාක්‌ස්‌ විසූ අවධියේ ධනවාදයට බෙහෙවින් වෙනස්‌ ලක්‍ෂණවලින් සමන්විතය. එදා සුපිරි මිලිටරි බලයක්‌ සහිත ඇමෙරිකාවක්‌, ඩිජිටල් තාක්‍ෂණය, බහුජාතික සමාගම්, අන්තර්ජාලය, සෙලියුලර් දුරකථනය, ලෝක බැංකුව, මූල්‍ය අරමුදල ආදිය තිබුණේ නැත. මාක්‌ස්‌ අපේක්‍ෂා කළ පරිදි සංවර්ධිත ධනපති රටවල සමාජවාදී විප්ලවය සිදු නොවීය. විසිවැනි සියවසේ දී පසුගාමී වැඩවසම් රුසියාවේ සිදු වූ විප්ලවය සියවස අවසන් වීමට පෙරම ආසාර්ථක විය. එහෙත් නිෂ්පාදන මාර්ගවල පෞද්ගලික අයිතිය, පෞද්ගලික ව්‍යවසාය, නොතිත් ලාභ සමුච්චනය, ශ්‍රම සූරා කෑම, ධනවත් ජාතීන් සෙසු ජාතීන්ගේ ආර්ථික සම්පත් කොල්ලකා ගැනීම යන ධනේශ්වර ක්‍රමයේ නෛසර්ගික මූලික ලක්‍ෂණ කිසිවක්‌ වෙනස්‌ වී නැත. මෙකී ලක්‍ෂණවල වෙනසක්‌ සිදුව තිබේ නම් ඒ සූරාකෑම, පීඩනය හා ආදායම් විෂමතාව උග්‍ර වීම පමණි.

    ධනේශ්වර ක්‍රමය මනබඳින සුන්දර තේමා පාඨ පසුපස සැ`ගවී අර්බුද සමනය කර ගනිමින් මිනිසාත් පරිසරයත් දෙකම විනාශ කරමින් වැජඹෙයි. මානව සමාජයේ පැවැත්ම සහ විමුක්‌තිය සහතික කිරීමට නම් ධනේශ්වර ක්‍රමයට විකල්පයක්‌ සොයාගත යුතුමය. නැතහොත් පීඩකයා මෙන්ම පීඩිතයාද විනාශවී යැම වැළැක්‌විය නොහැකිය. මාක්‌ස්‌ උපත ලැබ වසර 200 ක්‌ පිරෙන 2018 දී අප මාක්‌ස්‌ හැදෑරිය යුත්තේ ඒ නිසාය.

    මොහාන් සමරනායක





     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය මාක්‌ස්‌ කාරයා නිසා මිනිස්සු කීයක් මේ වෙද්දි මැරිලද :sorry:
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    ape ratee samahara ayyalaa nam nidahas adhyaapanaya , mahapola dunne මාක්‌ස්‌ kiygenaa thamath wadinawaa onnnn