මාතරදී සිසුවියන් දෙපිරිසකුත් ගුටි ඇණ ගනී

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    මාතරදී සිසුවියන් දෙපිරිසකුත් ගුටි ඇණ ගනී

    මාතර බස් නැවතුම්පොළේදී පාසල් සිසුවියන් දෙපිරිසක් අතරත් ගැටුමක් හටගෙන තිබෙනවා.

    පසුගිය 23 වැනි සිකුරාදා දහවල් පාසල් සිසුවියන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර සිසුවියන් 10 දෙනෙකු පමණ මෙහිදී රැස්ව සිට තිබෙනවා.

    මාතර ජනප්‍රිය පාසලක 11 වසර ඉගෙනුම ලබන සිසුවියන් දෙපිරිසක් පාසල් ඇඳුමින් සැරසී මාතර බස් නැවතුම්පොළේ රැඳී සිට ඇති අතර ටික වේලාවකින් මෙම ගැටුම හට ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සිසුවියන් පැළඳ සිටියේ නිල් පැහැති ටයි පටයක් බවත් පැවසුවා.

    පසුව ඒ අසළට රැස්වු පිරිස් දෙපිරිස වෙන් කර අවවාද කර පිටත් කර හැර තිබුණා.

    මේ අතර උසස් පෙළ පාසල් සිසුවෙකුට ඊයේ (24) දහවල් මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදී උපකාරක පංතියක් ආසන්නයේ දී පිහි ඇනුමක් සිදු කර තිබුණා. පිහි ඇනුමෙන් අදාළ සිසුවා මිය ගිය අතර සිද්ධියට සම්බන්ධ අනෙක් සිසුන් තිදෙනා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

    අපරාධය සිදු කළ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනා හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මාතර පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බවත් සඳහන්.


    http://nethnews.lk/article/60743
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,782
    1,493
    113
    Mathara witharak neme lankawama dan wenas wela pirihila. Mae nathi wenne apema rate anagathene. Mun eweleta chandi part danmata thaniyen kawuruth game yan nane. Ae kiyanne guu bayai dan un unge manase nikan loku manasikathwa adenawa kattiyath ekka iddi. Mm nam kiyanne dadi daduwam dunna nam mun hadenawa.
     

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    පුතාලා ඔක ස්වාභාවික දෙයක්:rolleyes:.අලියන්ට,හරකුන්ටත් කාලයකට මඳන කුලප්පුව හැදෙනවා.:baffled:ඒ අනුව මේ කාලය මාතර උන්ගෙත් මඳන කාලය විය හැකියි:rofl:
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    Mahidna lokka awane gammata weda athi:rofl:

    පුතාලා ඔක ස්වාභාවික දෙයක්:rolleyes:.අලියන්ට,හරකුන්ටත් කාලයකට මඳන කුලප්පුව හැදෙනවා.:baffled:ඒ අනුව මේ කාලය මාතර උන්ගෙත් මඳන කාලය විය හැකියි:rofl:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි...:P
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    මේ ෆුල් ආතල් රටක් වෙලානේ බං. එහෙං කොල්ලෝ පිහියෙන් ඇණ ගන්නවා, අරහෙං කෙල්ලෝ කෙහෙවලු පටලවා ගන්නා, මෙහෙං මිනී මරණවා වීඩියෝ කරනවා ඉස්සරහට තව මොනවා එයිද මංදා?