මාතරදී සිසුවියන් දෙපිරිසකුත් ගුටි ඇණ ගනී
මාතර බස් නැවතුම්පොළේදී පාසල් සිසුවියන් දෙපිරිසක් අතරත් ගැටුමක් හටගෙන තිබෙනවා.
පසුගිය 23 වැනි සිකුරාදා දහවල් පාසල් සිසුවියන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර සිසුවියන් 10 දෙනෙකු පමණ මෙහිදී රැස්ව සිට තිබෙනවා.
මාතර ජනප්රිය පාසලක 11 වසර ඉගෙනුම ලබන සිසුවියන් දෙපිරිසක් පාසල් ඇඳුමින් සැරසී මාතර බස් නැවතුම්පොළේ රැඳී සිට ඇති අතර ටික වේලාවකින් මෙම ගැටුම හට ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සිසුවියන් පැළඳ සිටියේ නිල් පැහැති ටයි පටයක් බවත් පැවසුවා.
පසුව ඒ අසළට රැස්වු පිරිස් දෙපිරිස වෙන් කර අවවාද කර පිටත් කර හැර තිබුණා.
මේ අතර උසස් පෙළ පාසල් සිසුවෙකුට ඊයේ (24) දහවල් මාතර ඇලවේල්ල පාර ප්රදේශයේදී උපකාරක පංතියක් ආසන්නයේ දී පිහි ඇනුමක් සිදු කර තිබුණා. පිහි ඇනුමෙන් අදාළ සිසුවා මිය ගිය අතර සිද්ධියට සම්බන්ධ අනෙක් සිසුන් තිදෙනා ප්රදේශයෙන් පළා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
අපරාධය සිදු කළ ප්රධාන සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනා හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මාතර පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බවත් සඳහන්.
http://nethnews.lk/article/60743

.අලියන්ට,හරකුන්ටත් කාලයකට මඳන කුලප්පුව හැදෙනවා.
ඒ අනුව මේ කාලය මාතර උන්ගෙත් මඳන කාලය විය හැකියි