මාතර කොචිචියේ බඳීන අස්වයින්ගේ

Jun 2, 2016
154
119
0
Sri Lanka
මාතර කොචිචියේ බඳීන අස්වයින්ගේ

මාතර කොචිචියේ බඳීන අස්වයින්ගේ කෑම හොරකම් කර ගන්න බව අපට දැනුන් දුන්නොත් ඒ අයට තෑගී පිණිස පවුං එකක් දෙන බව දන්වමුව! - මොහිදීන් බාවා සහ සමාගම මාතර කෝච්චිය අයිතිකාර

දැන් අපට නුහුරු භාෂාවෙන් ලියැවුනු ලංකාවේ පරණ පත්තර කළාව

News.jpg


අපේ රටේ පළවෙනි සිංහල පුවත්පත විදිහට මුද්‍රණය වෙලා තියෙන්නේ ලංකාලෝක නම් පිටු හතරකින් යුත් පත්තරයක්. ඒ අපට නිදහස ලැබෙන්නත් ප්‍රථමවයි. 1860 සැප්තැම්බර 10 වෙනිදා නිකුත් කළ ලංකාලෝකය පුවත්පතේ පැරණිම පිටපත ශ්‍රී ලංකා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුව සතුව පවතිනවා.

208147_10151214615883482_238602494_n_zps1be5841c.jpg


ජාතික ලේඛනාගාරයේ එහි ජායා පිටපත් තබා තිබෙනවා, හැබැයි ජාතික ලේඛනාගාරයේ සටහන් වලට අනුව මේ පුවත් පත පළමු සිංහල පුවත්පත වුවත් එය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නොකළ පුවත්පතක්. මේක ආරම්භ වෙලා තියෙන්නේ සති දෙකෙන් දෙකට මුද්‍රණය වන පුවත්පතක් විදිහට වුනත් වර්ෂයක් පමණ යනවිට මුද්‍රණය වීම ඇනහිටලා තිබෙනවා. ඒ වුනත් නැවතත් සති පතා පුවත් පතක් විදිහට 1886දී ආරම්භ වෙනවා. එකල දිනපතා පුවත්පත් මුද්‍රණය වීමක් කොහොමත් දකින්නට ලැබුනේ නෑ. ඉතින් අපි මුලින්ම තෝරා ගත්තේ ලංකා ලෝකය පුවත්පතේ වෙළද දැන්වීම් කිහිපයක්. සමස්ත පුවත්පතින් හතරෙන් එකක කොටසක් වෙළද දැන්වීම් සඳහා වෙන් වී තිබිලා තියනවා.

“මාතර කොචිචියේ බඳීන අස්වයින්ගේ කෑම මාතරට යන මහා පාරේ හබරාදූව, ගොයියාපාන, මිරිස්ස යන තැන්වල තිබෙන ස්තාලවලදී අස්වයන් බලන අයවල්වත් ඔවුන් ලවා වෙන කෙනෙක්වත් හොරකම් කර ගන්න බව අපට දැනුන් දුන්නොත් ඒ අයට තෑගී පිණිස පවුං එකක් දෙන බව දන්වමුව. –

මොහිදීන් බාවා සහ සමාගම මාතර කෝච්චිය අයිතිකාර ”


1860 සැප්තැම්බර 10 වනදා පුවත්පතේ දැන්වීමක් උපුටා දක්වා ඇති අතර එහි කිසිදු අක්ෂරයක් වෙනස් කිරීමක් කරලා නෑ. බලාගෙන යනකොට ඒ කාලේ ලේඛකයන් අක්ෂර වින්‍යාසය ගැන සැලකිල්ලක් දක්වලාම නෑ වගේ.

“පසුගියදා ගෙන්වන ලද අප මහ රාජිනින් වහන්සේගේ ජුබිලි පින්තූර කොල තව ස්වල්පයක් ඉතුරුව තිබේ.පළමුවෙන් වික්ක මිල ගනනෙන් දෙකෙන් පංගුවට එනම් ශතා 50 ට දෙනු ලැබේ ”


7d80e-788742.jpg


Old%2Bsri%2Blanka%2Badvertisments%2B00029.jpg


Source: http://vidya-gaweshana.blogspot.com/2016/10/blog-post.html
 
  • Like
Reactions: Lejayange