මාතර පාතාලේ උන් මැරුවේ ඇයි
මාතර ගේම් එකට ප්‍රභූ ආරක්ෂක ගිනිඅවි ආවේ කොහෙන්ද
මාතර නගරයේ පිහිටි ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකෑමට පැමිණි පාතාල කල්ලිය වෙඩි තැබීම සදහා භාවිත කර ඇත්තේ ඉහළ පෙළේ ප්රභූන්ගේ ආරක්ෂාව සඳහා යොදා ගන්නා මිනිඋෟෂි වර්ගයේ ස්වයංක්‍රිය ගිනිඅවියක් බවට
මූලික පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී තිබේ. ඉහළ පෙළේ ප්රභූන්ට ආරක්ෂාව සලසන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරීන් සීමිත සංඛ්‍යාවකට සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ හා විශේෂ බළකා සෙබළුන් මෙම විශේෂිත ගිනි අවිය භාවිත කරන බවද ආරක්ෂක අංශ ඉහළ පෙළේ නිලධාරියෙක් පැවැසීය.
මෙරට ආරක්ෂක අංශය සඳහා ඉතා සීමිත සංඛ්‍යාවක් නිකුත් කර ඇති මෙම විශේෂිත ගිනි අවිය පාතාල කල්ලි අතට පත්වූයේ කෙසේද යන්න සෙවීමට විශේෂ පොලිස් පරීක්ෂණයක්ද මේ වන විට මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජී. එච්. මාරපන මහතාගේ අධීක්ෂණය සහ උපදෙස් මත මේ වන විට ආරම්භ කොට තිබේ.
දැනට අත්අඩංගුවේ පසුවන කොස්ගොඩ තාරකගේ නායකත්වය මත කොල්ලය සැලසුම් කර ඇති අතර එය ව්‍යර්ථ කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීම සඳහා භාවිත කර ඇත්තේද මිනිඋෟෂි වර්ගයේ මෙම ස්වංක්රිය ගිනි අවිය බවද පොලිසිය පවසයි.
මිනිඋෟෂි වර්ගයේ ස්වංක්රිය ගිනි අවිය සමඟ මිලීමීටර් 9 වර්ගයේ සජීව පතරොම් 18ක් සහිත මැගසින් එකක්ද පොලිස් භාරයට ගැනුණි.
මෙම ගිනි අවිය ශ්‍රී ලංකා පොලිසියේ ගිනිඅවි පිළිබඳ විශේෂඥවරුන් විසින් පෙරේදා (23දා) පරීක්ෂා කර ඇති අතර එහි වාර්තාව මේ සතිය තුළ ලැබීමට නියමිතව ඇතැයිද උසස් පොලිස් නිලධාරියකු සඳහන් කෙළේය.
විදෙස් රටක නිෂ්පාදනය කොට ඇති මෙම ගිනි අවිය පිළිබඳ ඉදිරියේදී අධිකරණ නියෝග මත රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කොට වාර්තාවක් ලබා ගන්නා බවද එම නිලධාරියා පැවසීය.
ඊයේ (24දා) පස්වරුව වන විටත් කොල්ලයට පැමිණි පාතාල සාමාජිකයන්ට මෙම ගිනි අවිය කෙසේ ලැබුණේද යන්න සොයා ගැනීමට නොහැකිවූ බවද එම උසස් නිලධාරියා සඳහන් කළේය.
මෙවැනි ගිනි අවි ඊශ්‍රායලය නිෂ්පාදනය කරන අතර යුද්ධය පැවැති සමයේ එල්.ටී.ටී.ඊ. නායකයන්ද මෙවැනි ගිනි අවි භාවිත කර ඇතැයි වාර්තාවේ.
එසේම මෙවැනි නවීන ගිනි අවි පාතාල කල්ලි අතට පත්වීම මෙරට ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවද ආරක්ෂක අංශ පවසයි.