මාතර බන්ධනාගාරයේ හෙරොයින් ජාවාරම ජයටම - බ&#350

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    මාතර බන්ධනාගාරයේ හෙරොයින් ජාවාරම ජයටම - බ&#350


    මාතර බන්ධනාගාරයේ කි‍්‍රයාත්මක හෙරොයින් ජාවාරමක් පිළිබද නෙත් නිවුස් වෙත වාර්තා වුණා. මීට මාස 4 කට පෙර රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති විස්කි නමැත්තා විසින් එය සිදුකරන බවටයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

    ඔහු බන්ධනාගාරගත සැකකරුවන්ට මුදලට මත්කුඩු අළෙවි කරන බවත් ඔහුත් මත්කුඩුවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවත් මෙහිදී අනාවරණ වුණා. රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු අවස්ථාවේ ඔහු ප‍්‍රථමයෙන් රඳවා සිටියේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින ඒ වාට්ටුවේ සිර මැදිරියකයි.

    ජංගම දුරකතනයක් ළඟ තබාගැනීමේ චෝදනාව හේතුවෙන් ඔහු දැල් වාට්ටුව හෙවත් ජේ වාට්ටුවට මාරු කෙරුණා. එහි විස්කි නමැති සැකකරුවා සමග තවත් සැකකරුවන් 50 කට වැඩි පිරිසක් රදවා සිටින බව වාර්තා වනවා.

    මාතර බන්ධනාගාරයේ ඇතැම් නිලධාරීන් හරහා ඔහුට මත්කුඩු ලැබෙන බවද මෙහිදී අනාවරණ වුනා. එම නිලධාරීන් හරහා ලබාගන්නා මත්කුඩු ඔහු මුදලට විකුණන බවත් විස්කි නමැත්තාද මත්කුඩු පානය කරන බවත් බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් කියාසිටියා.



    http://nethnews.lk/article/63239