මාදුරුඔය සොරොව්ව
මාදුරුඔය සොරොව්ව
මාදුරුඔය ජලාශය ආශ්‍රිතව බැම්මක් බැඳ ඒ හරහා වූ සොරොව්වක් මගින් ජලය ලබා ගැනීම සඳහා අදාළ භූමිය සකස් කෙරුමේ දී නව සොරොව්ව සෑදීමට නියමිත වූ ස්‌ථානයේ දී ම පැරැණි සොරොව්ව මතු විය. මෙය සිදු වූයේ 1981 දී ය. මාදුරුඔය අපේ පැරැණි ජල කර්මාන්තයේ දී වැදගත් ස්‌ථානයක් හිමි කර ගන්නේ මේ සමග ය. මේ පැරැණි සොරොව්ව හමු වීමත් සමග එය සුරක්‍ෂිත කර නව සොරොව්ව ඊට මඳක් (යාර කීපයක්) ඔබ්බෙන් නිමවන්නට යෙදුණි. එසේම නූතන බැම්ම ද පැරැණි බැම්මට මීටර 150ක් පමණ ඉහත්තාවෙන් නිමවා ඇත.

(රූපය 1)
(රූපය 2)
මහාවංශයට අනුව මහසෙන් රජු (ක්‍රි.ව. 273) මහදරගල්ල නමැති ජලාශයක් කරවා ඇත. පළමුවැනි විජයබාහු රජු (ක්‍රි.ව. 1055-1110) සහ පළමුවැනි පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව.1153-1186) මේ ජලාශය පිළිසකර කර ඇත. තව ද මෙහි මහදර යන්න මදාර වී පසුව මාදුරු වී ඇත යන්න එක් මතයකි. සෙනරත් පරණවිතාන ශූරීන්ට අනුව මහවැලි ගඟ සහ මාදුරුඔය අතර ප්‍රදේශය අන්තර ගඟ නම් වූ අතර මෙහි ජලාශයක් ඉදිකරනු ලැබ ඇත්තේ කූටකණ්‌ණතිස්‌ස (ක්‍රි.පූ. 44-22) රජු විසිනි. මේ කාල වකවානුව නිවැරැදි බව කාබන්-14 පරීක්‍ෂණ මගින් තහවුරු කෙරී ඇත. මාදුරුඔය ඉතිහාසය පිළිබඳව සෝමපාල ජයවර්ධන මහතා ගේ Hසිඑදරහ දෙ ඵ්dමරමදහ් පොතෙහි සහ අභය ආර්යසිංහ මහතා ගේ "එසඳ මාදුරුඔය" පොතෙහි විස්‌තර ඇත. "එසඳ මාදුරුඔය"හි දක්‌වා ඇති මාදුරුඔය බැම්ම සහ සොරොව්ව ඉතිහාසය පුරා විකාශනය වූ අයුරු දැක්‌වෙන රූප සටහන (රූපය 2) ද මෙහි දී වැදගත් ය.

(රූපය 3)
මාදුරුඔය පැරැණි සොරොව්ව යනු දැවැන්ත ගඩොල් ව්‍යqහයක් මධ්‍යයේ නිමැවූවකි. එහි ජලය ඇතුළු වන පැත්තේ ආරුක්‌කු දෙකක් තුළින් ජලය සොරොව්ව තුළට ඇතුළු වීමට සලස්‌වා ඇත. (රූපය 3). මේ ගඩොල් ආරුක්‌කුවල ගඩොල් දෙස විමසිල්ලෙන් බැලීමේ දී පෙනී යන්නේ කළු ගලින් සැදි පහළ කොටසින් විනා ඉහළ කොටසින් (එනම් ගඩොල්වල ස්‌පර්ශ වන පරිදි) ජලය ගමන් කර නොමැති බව ය.
(රූපය 4)
මේ ආරුක්‌කු දෙක සහිත උමඟ (සොරොව්) පළමුව අඩි 214ක් පමණ දිග සමස්‌ත සොරොව්වේ මැදට වන්නට පිහිටි සෘජුකෝණාස්‍රාකාර ළිඳකට යොමු වේ. අනතුරුව තවත් සොරොව් මාර්ග දෙකක් ඔස්‌සේ මේ ළිඳෙන් පිට වී සමස්‌ත ගඩොල් ව්‍යqහයේ එහා කෙළවරින් පිට වේ. (රූපය 4). ජලය පිට වන කෙළවරේ ගඩොල් ආරුක්‌කු නොමැත. එහි ඇත්තේ සෘජුකෝණාස්‍රාකාර විවර දෙකකි. (රූපය 5). මෙහි ළිඳ දැනට කොන්ක්‍රීට් ලෑලි දමා වසා ඇති නිසා එහි වැඩි විස්‌තර දත නොහැකි ය. (කෙසේ වුවත් මෙය විවර කොට මේ පිළිබඳව වැඩි විස්‌තර ඉදිරියේ දී සොයා දැක්‌වීමට බලාපොරොත්තු වෙමු). මාදුරු ඔය සොරොව්ව පිළිබඳ ලිපියක් ලියන ලෙස්‌ලි ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ සොරොව්වේ ජලය ඇතුලු වන විවර අසල ජල පාලන දොරටුවේ කොටස් ලෙස සැලකිය හැකි දිරාගිය යකඩ කොටස් හමුවු බවය. එසේම විවිර අසල බිමේ විවිර වලට සමාන්තරව කානුවක්‌ද තිබුණු බවය.

Last edited: