මිලියන 100 ක වන්දියක් ඉල්ලා මාධවී ඇන්තනීට එන්තරවාසියක් 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,434
    8,593
    113
    madhavi-anthony.png



    ෆේස්බුක් ගිණුමේ පළ කළ ෆේස්බුක් Story යක් හරහා තමාට සිදු කල අපහාසය සම්බන්ධයෙන් රුපියල් මිලියන 100 ක වන්දි මුදලක් ඉල්ලා සංජය බණ්ඩාර යන අය විසින් ඔහුගේ නීතිඥවරුන් හරහා මාධවී වත්සලා ඇන්තනී යන අය වෙත එන්තරවාසියක් යොමු කර තිබේ.

    පසුගිය ඔක්තෝම්බර් 06 වන දා මාධවී වත්සලා ඇන්තනී විසින් සිය ෆේස්බුක් ගිණුම භාවිතා කරමින් කරමින් , සංජය බණ්ඩාර යනු අමාණුෂික දේශපාලන අන්තවාදියෙක් හා ළමා අපයෝජකයකු බවත් ඒ පදනමින් ඔහුගේ ෆේස්බුක් ගිණුම වාර්තාකරන (report) කරන ලෙසත් දන්වමින් ඔහුගේ ගිනුමේ ඡායාරූපයක් සහිතව පලකිරීමක් සිදු කර තිබිණි.

    එම පදනම් විරහිත, අසත්‍ය, නොමගයවනසුළු සහ අපහාසාත්මක ප්‍රකාශය හේතුකොටගෙන සංජය බණ්ඩාර සහ ඔහුගේ පවුලේ අය දැඩි මානසික පීඩාව සහ කම්පනයකට මුහුණ දුන් බව ඔහු එම එන්තරවාසිය මගින් පෙන්වා දී ඇත.

    ඒ අනුව, ඔහුගේ කීර්තිනාමයට සිදුවූ හානිය වෙනුවෙන් රු. මිලියන 100 ක මුදලක් දින 7 ක් තුළ ගෙවීමට කටයුතු කරන ලෙසත්, එසේ නොකළහොත් නඩු පවරා එම මුදල නඩු ගාස්තුද සහිතව අයකරගැනීමට කටයුතු කරන බවත් එයින් දන්වා තිබිණි.