මාධ්යවේදියා

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    10527301_508211605988617_1232999731958460821_n.jpg

    මහින්ද රාජපක්ෂ මහත්තයා සූදානම් වන්නේ මේ රටේ සියලු දේශපාලන පක්ෂ විනාශ කරන්න. මේ රටේ ජනතාව ජනාධිපතිතුමන්ව බලයට පත් කළේ පළමු වැනි වරට යුද්ධය අවසන් කරන්න ඒකත් කළා. දෙවැනි වරට ජනතාව බලයට පත් කළේ රට සංවර්ධනය කරන්න.

    නමුත් සංවර්ධනය කරන මුවාවෙන් වංචාව දූෂණය සිදු කළා. දැන් තුන්වැනි සැරේට බලයට පත් වුණොත් මේ රටේ සියලු දේශපාලන පක්ෂ සමතලා කරලා දාන්න මහින්ද රාජපක්ෂ මහත්තයා කටයුතු කරනවා. මම ඒ හැම දෙයක්ම දන්නවා. මම දන්නා දේවල් තවත් ඉදිරි‍යේදී මම කියන්නම්.
    ජීවිත පරිත්‍යාගයෙන් රට සහ ජනතාව අපි බේරාගන්නවා. අපිව විශ්වාස කරන්න. මගේ අවසන් කටයුතු සිදුකරන්නේ පොලොන්නරුවේ. ඒ තාක් මම මේ මුළු රට වෙනුවෙන් සියලු පරිත්‍යාග සිදුකරනවා. මම කිසිවෙකුටත් වෛර කරන්නේ නෑ. මම සියලු දෙනාට මෛත්‍රී කරනවා' යැයිද පැවසීය.

    'සබ්බ පාපස්සි අකරණං කුසලස්ස උප සම්පදා' අද පොලොන්නරුව දේශපාලනයේ ඓතිහාසික දවසක්. ඉදිරියේදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මා කටයුතු කරනවා. රට තුළ පවතින වාතාවරණය සහ තමුන්නාන්සේලා අපි බලයට පත් කළ නායකත්වය වැරදි ගමනක් යන බව අපි දැක්කා.
    2005 දී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වුණා. අපි සතුටු වුණා. යුද්ධය දිනපු රට රණවිරුවන්ගේ ලෙයින් තෙත් වූ අපේ මාතෘ භූමිය සිවිල් ආරක්ෂකයන්, රණවිරුවන් පමණක් නොවෙයි.
    ලක්ෂ සංඛ්‍යාත ජනතාව ජීවිත පූජා කෙරුවා. ඒ තුළ ඒ ජයග්‍රහණය ලබාගැනීම පිළිබඳව දේශපාලන නායකත්වය දරන මහින්ද රාජපක්ෂ මහතාත්, කොටි ත්‍රස්තවාදීන් සමග සටන්කළ රණවිරුවන්ටත් අපගේ උපහාරය සහ ගෞරවය පුදනවා.

    යුද්ධය දිනුවා කියලා රටේ යා යුතු මග වෙනස් වුණා. නමුත් යන්න පටන් ගත්තේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස නීතියේ ආධිපත්‍යය අපේකම මේ ඔක්කෝම නැති කරමින් එක පවුරක් ලෙසින් යටපත් කරගෙන භාණ්ඩාගාරය අතට ගෙන ඉතාමත් වැරදි ගමනක් ආරම්භ කළා. ඊට පසුව ආණ්ඩුව ඇතුළෙ අර්බුද පටන් ගත්තා. ඒ ගැන මම කතා කෙරුවා. ආණ්ඩු පක්ෂ රැස්වීම්වලදී කතා කෙරුවා. පක්ෂ මධ්‍යම කාරක සභාවේදී කතා කෙරුවා. ලියවිල්ලක්ද දුන්නා.