මාධ්‍ය කියන තරන් අපි ළග හොරු නෑ

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මාධ්‍ය කියන තරන් අපි ළග හොරු නෑ

    ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තුළ මාධ්‍ය සඳහන් කරන තරම් හොරු නැතැයි කි‍්‍රකට් අතුරු කමිටු වැඩබලන සභාපති ඒෂන ද සිල්වා මහතා කියයි.

    ඊයේ (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

    එම ආයතනය තුළ නිර්දෝශි පුද්ගලයන් මෙන්ම වංචනිකයන්ද සිටින බවත්, පිළිගත් සිල්වා මහතා මෙය ඕනෑම ආයතනයකට පොදු බව ඔහු ප‍්‍රකාශ කළේය.

    තමන් මෙම තනතුරට පැමිණෙන විට හොරු රැළක් දැක ගත හැකි වේයැයි විශ්වාස කළත් එය මේ වන විට වෙනස් වී ඇතැයි ද ඒෂන ද සිල්වා මහතා පැවසීය.

    ලෝක කුසලාන කි‍්‍රකට් කොළඹ කාර්යාලයට සම්බන්ධ පුද්ගලයන් අතර රුපියල් මිලියන 14 ක මුදලක් බෙදී ගියේ කි‍්‍රකට් අතුරු කමිටු සභාපතිවරයාගේ අනුමැතිය යටතේ යැයි ද අතුරු කමිටු ලේකම් නිශාන්ත රණතුංග මහතා මේ මාධ්‍ය හමුවේදී පැවසීය.

    කෙසේවුවද ඒ සඳහා මේ වන විට එල්ලවී ඇති විරෝධතා හේතුවෙන් මුදල් පරිහරණයවිම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන බවත්ල ඔහු කීය.

    එම පරීක්‍ෂණය මේ වන විටත් ආරම්භ කර ඇති අතර මෙතෙක් එහි ප‍්‍රතිඵලයක් සඳහන් කළ නොහැකි බව නිශාන්ත රණතුංග මහතා සඳහන් කළේය.

    ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින බවත් පිළිගත් රණතුංග මහතා, එවැනි මොහොතක මෙවැනි මුදල් බෙදා ගැනීම් අතුරු කමිටුව ලෙස අනුමත නොකරන බවත් කීය.

    මේ අතර, මෙම මුදල්වලින් කොටසක් බෙදා ගැනීමට සම්බන්ධවූයේ යැයි කියන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරි අජිත් ජයසේකර මහතාගෙන්ද මාධ්‍ය ප‍්‍රශ්නකර සිටි අතර, එහිදී ඔහු පැවසුවේ, තමන් මෙම මුදල් භාරගත්තේ සංතෝසමක් ලෙස බවයි.:rofl::rofl::rofl:

    ඒ මුදල කොපමණද යන්න ඔහු මාධ්‍යට හෙළි කිරීමට මැලි විය.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,814
    3,400
    113
    බැලුවා sirase news වලට හොදට පෙන්නුවා ඕකුන් ගැන..මුන් ටික ක්‍රිකට් වනසනවා..:angry::angry:
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන ගොඩනැගිල්ලේ පිහිටි ලෝක කුසලාන කාර්යාලයේ තිබී අතුරුදහන් වූ පරිගණක දෘඩ තැටි (හාර්ඞ් ඩිස්ක්) දෙක සම්බන්ධයෙන් කළ පරීක්‍ෂණ වලදී සැකකටයුතු ඇගිලි සලකුණු පහක් සොයාගෙන ඇතැයි කුරුදුවත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අජිත් විජේසිංහ මහතා අද (20) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා වෙත දැනුම් දුන්නේය.

    කෙසේවුවද මේ සම්බන්ධයෙන් තවමත් පරීක්‍ෂණ පැවැත්වෙන බවත්, එහි සේවය කරනු ලබන සේවක සේවිකාවන්ගෙන් මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, සැකකරුවෙකු තවමත් සොයා ගැනීමට නොහැකි වූ බවත් ඒ මහතා අධිකරණයට දන්වා සිටියේය.

    ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ තොරතුරු තාක්‍ෂණ අංශයේ කළමණාකරු වජිර පරාක‍්‍රම බණ්ඩාර දසනායක මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ ස්ථානය කුරුදුවත්ත පොලසියේ නිලධාරීන් විසින් පරික්‍ෂා කළ බවද අජිත් මහතා කීය.
     

    Similar threads