මාධ්‍ය කියන තරන් අපි ළග හොරු නෑ
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තුළ මාධ්‍ය සඳහන් කරන තරම් හොරු නැතැයි කි‍්‍රකට් අතුරු කමිටු වැඩබලන සභාපති ඒෂන ද සිල්වා මහතා කියයි.
ඊයේ (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.
එම ආයතනය තුළ නිර්දෝශි පුද්ගලයන් මෙන්ම වංචනිකයන්ද සිටින බවත්, පිළිගත් සිල්වා මහතා මෙය ඕනෑම ආයතනයකට පොදු බව ඔහු ප්‍රකාශ කළේය.
තමන් මෙම තනතුරට පැමිණෙන විට හොරු රැළක් දැක ගත හැකි වේයැයි විශ්වාස කළත් එය මේ වන විට වෙනස් වී ඇතැයි ද ඒෂන ද සිල්වා මහතා පැවසීය.
ලෝක කුසලාන කි‍්‍රකට් කොළඹ කාර්යාලයට සම්බන්ධ පුද්ගලයන් අතර රුපියල් මිලියන 14 ක මුදලක් බෙදී ගියේ කි‍්‍රකට් අතුරු කමිටු සභාපතිවරයාගේ අනුමැතිය යටතේ යැයි ද අතුරු කමිටු ලේකම් නිශාන්ත රණතුංග මහතා මේ මාධ්‍ය හමුවේදී පැවසීය.
කෙසේවුවද ඒ සඳහා මේ වන විට එල්ලවී ඇති විරෝධතා හේතුවෙන් මුදල් පරිහරණයවිම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත්ල ඔහු කීය.
එම පරීක්ෂණය මේ වන විටත් ආරම්භ කර ඇති අතර මෙතෙක් එහි ප්‍රතිඵලයක් සඳහන් කළ නොහැකි බව නිශාන්ත රණතුංග මහතා සඳහන් කළේය.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින බවත් පිළිගත් රණතුංග මහතා, එවැනි මොහොතක මෙවැනි මුදල් බෙදා ගැනීම් අතුරු කමිටුව ලෙස අනුමත නොකරන බවත් කීය.
මේ අතර, මෙම මුදල්වලින් කොටසක් බෙදා ගැනීමට සම්බන්ධවූයේ යැයි කියන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි අජිත් ජයසේකර මහතාගෙන්ද මාධ්‍ය ප්‍රශ්නකර සිටි අතර, එහිදී ඔහු පැවසුවේ, තමන් මෙම මුදල් භාරගත්තේ සංතෝසමක් ලෙස බවයි.

ඒ මුදල කොපමණද යන්න ඔහු මාධ්‍යට හෙළි කිරීමට මැලි විය.