මානය නැමති අකුසලය.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මානය නැමති අකුසලය.

    ඔබලාගේ සිත් වල මානය ඇති උනොත් මරණින් මතු වඳුරන් මෙන්ම, අධි මානය ඇති වුනොත් සුනඛයින් ලෙස නැවත නැවතත් ඉපදෙන්න පුලුවන් බව දන්නෙහි ද?

    (පුහු මානය පිළිබඳ බෞද්ධ චින්තනය දැනගනිමු.)

    මානය ක්ලේශ ධර්මයකි. එය ආඩම්බරකම යන කෙටි වචනාර්ථයෙන් දැක්විය හැකි වුවත් ඊට වැඩි අර්ථයක් මානයෙහි දක්නට ලැබේ. දෘෂ්ටිය, ලෝභය යන මනෝ භාවයන්ගේ, ක්ලේශයන්ගේ විකල්ප සංකල්පයක් ලෙස ‘මානය’ සැලකිය හැකිය. මානය තුළින් යතාර්ථය දැකීමේ හැකියාව වැසී පවතී. සත්ත්වයා සසර දුකට පත් කරන දස සංයෝජන ධර්මයන්ගෙන් එකක් ලෙස මානය ගැනේ. මානය ප්‍රහීණ වන්නේ අභීත්වයට පත්වූ තැන් සිටයි. එය උද්ධම්භාගිය සංයෝජනය ලෙස සැලකේ. අනාගාමී ආර්ය්‍යයන් වහන්සේ දක්වා මේ මානය අනුශය වශයෙන් මනසේ ලැඟ සිටින බැවින් එය ප්‍රබල සංයෝජනයක් වේ. එබඳු ප්‍රස්තූතයක් ගැන පරීක්ෂා කිරීම සැමට වැදගත් වනු ඇත.

    බරක් කිරීමට තරාදියත්, කාලය මැනීමට හෝරා යන්ත්‍රයත්, දිග,පළල මැනීමට කෝදුවත්, ජලය මැනීමට ජල මාපකයත් උපයෝගී කර ගන්නා බැවින් ඒ සියල්ල මානයන් ය. මිනිසාගේ සිතෙහි හටගන්නා වූ උසස්, පහත්, සම යනාදී වශයෙන් අන්‍යයන් හා තත්ත්වයන් මනින මිනුම ‘මානය’ ලෙස සැලකිය හැකිය. මිනිසාගේ ආධ්‍යාත්මය තුළ ඇතිව මෙම මානය නම් වූ මිනුම පුද්ගල සන්තානයෙහි මෙන්ම සමාජ සංස්ථාව තුළද සියලු ආකාරයේ ගැටුම් හා දුක්ඛ, දෝමනස්සයන්ට හේතුවන්නක් බැවින් මානය ප්‍රහීණ කළ යුතු ක්ලේශයකි. සංයෝජන ධර්මයකි.

    ‘මාන’ යන්න ‘මන්’ ධාතුවෙන් බිඳී ආවකි. උදාරත්වය, උසස් තත්ත්වය උන්නති බව ඇති කර ගැනීමේ ආශාව මානයයි. සියලු දෙනා අතරින් ඉහළට එසවූ කොඩියක් සේ වැජඹීමේ ආශාව මානය යි. මෙය මනෝ විද්‍යාත්මක විග්‍රහයකි. අප මනසට අරමුණක් පැමිණි විට මනස සංසන්දනයකට පෙළඹෙයි. මනස කැළඹීමට ලක් වෙයි. පි‍්‍රය අපි‍්‍රය. සුඛ - දුක්ඛ, තමා හා අන්‍යයන්, යනුවෙන් මැනීමට පෙළඹෙයි. හොඳ යැයි සලකන දේ තමාගේ කර ගැනීමට ආශාව දක්වයි. හැම විට තමා උදාරත්වයෙන් සිටීමට දරන උත්සාහය මානය නම් වේ.

    මානය යන්න එක වචනාර්ථයකින් දැක්වීමේදී මානය යනු උඩඟු භාවය යි. සිතෙහි උන්නතිභාවය යි දැක්වේ. (සො උන්නතිභාවො) ආඩම්බර බව, මහන්තත්ත්වය, කුලය, බලය, නිලය, රූපය, තරුණ බව ආදී කවර නම් කාරණයක් පෙරදැරි කර ගන්නාවු මානය එක් වැදෑරුම් මානය ලෙස සැලකේ. එහිදී ඔහු අන්‍යයන් ගැන අවමන් කොට නොසැලකුවත් තමා ගැන තමාම සිතා ආඩම්බරවීමක් දක්නට ලැබෙයි.

    දෙවෙනි ව ‘මානය’ පිළිබඳ අදහස දෙ ආකාරයකි. එනම්, තමා තමා ගැන ආඩම්බර වන්නේ අන්‍යයන් පහත් කොට සලකමිනි. එය බුදු දහමේ දක්වෙන්නේ ‘අත්තුක්කංසන, පරවම්භන’ මානය යනුවෙනි. තමා උසස් යැයි අනුන් පහත් යැයි සිතන බැවින් මානයේ දෙවැදෑරුම් ස්වරූපය මින් පැහැදිලි කෙරෙයි.

    මානයේ තෙවැදෑරුම් ලක්ෂණයක් ලෙස දැක්වෙන්නේ:

    1. සෙය්‍ය මානය:-
    තමා අන්‍යයන්ට වඩා උසස් යැයි ඇති මානය.

    2. සදිස මානය:-
    තමා අන්‍යයන් හා සමානයැයි ඇති මානය.

    3. හීන මානය:-
    තමා අන්‍යයන්ට වඩා පහත්යැයි ඇති මානය.

    මෙහිදී හීන මානය පිළිබඳ වචනාර්ථය පැහැදිලි කිරීමේදී මානයට ආඩම්බරකම යන අර්ථය නොගැළපෙන බවක් පෙනේ. ඒ නිසා මානයට ‘මානය’ යනුවෙන් හැඳින්වීම යෝග්‍ය යනු අපගේ අවබෝධයයි. අභිමානය, සම්මානය, හීනමානය මේ ත්‍රිවිධ මානයන් නිවනට බාධා වන මනෝභාවයන් බැවින් මේ මානයන් ප්‍රහීණ කළ යුතුය.

    මානය ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා හා සැප සම්පත් නිසා ද ඇතිවන සිව් වැදෑරුම් මානයක් පිළිබඳවද අටුවාවේ දැක්වෙයි. ලාභය, කීර්තිය, ප්‍රශංසාව හා සැප සම්පත් පෙරදැරි කර ගනිමින් හටගත් සතර ආකාර මානය මින් හෙළි කෙරෙයි.

    තවදුරටත් චුල්ලනිද්දේසයෙහි පුද්ගලයාගේ පංචේන්ද්‍රිය මුල් කරගනිමින් මන වඩන රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්පර්ශයන් ලබමින් මෙතරම් ආශ්වාදයත් රසයත් ලබමියි යන මානය නිසා මානය පස් වැදෑරුම් කොට දැක්වෙයි.

    මානය සය වැදෑරුම් බව විග්‍රහ කොට දක්වන්නේ චක්ඛුසම්පත්තිය, ඝාන සම්පත්තිය, සොත සම්පත්තිය, ජිහ්වා සම්පත්තිය, කාය සම්පත්තිය හා මනො සම්පත්තිය නිසා උපදින මානය නිසාය.

    සත් වැදෑරුම් මානය විශේෂ වශයෙන් පැහැදිලි වන්නකි. එනම්:

    1. මානය.
    2. අතිමානය.
    3. මානාතිමානය.
    4. ඕමානය.
    5. අධිමානය.
    6. අස්මිමානය.
    7. මිච්ඡාමානය.

    යනුවෙනි. මෙම මාන සත ඇති වන්නේ ජාති, කුල, ගෝත්‍ර වශයෙන් ඇති කර ගන්නා මනෝභාවයන් වශයෙනි. තමාගේ කුලය ගෝත්‍රය වැනි ළාමක කරුණු පිළිබඳව සලකා මානයෙන් කෙනෙක් යුත් අතර සමහර කෙනෙක් මෙම මානයෙන් තද කෙනෙක්ව සිටී. (මානත්තද්ධ) ඒ අතර මානාධික තැනැත්තා කෙසේවත් වෙනස් නොවේ. ඔහු අතිමානි තැනැත්තාට වඩා මානාධිකය. ඕමානය යනු ද මානයකි. ඔහුට ඇත්තේ ආඩම්බර බවේ පහත් ම තත්ත්වයයි. එනම් හීන මානසිකත්වයයි. ඔහු තමා ලැබූ කුල, ධන, ජාති, ගෝත්‍ර, රැකියාව ආදී සියල්ල ගැන පසු තැවේ. තමා අන්‍යයන්ට වඩා පහත් කෙනෙකු ලෙස නිතර සිතයි. එය හීන මානය හෙවත් ඕමානයයි. අධිමානය තමා ලැබූ මානසික දියුණුවක් පිළිබඳ ඇති මානයයි. එයද පුද්ගලයාට අහිතකරය. අස්මිමානය පෘථග්ජන පුද්ගලයාට නිතැතින් පහළවන මානය යි. රූපය මම වෙමි ආදී වශයෙන් පංචස්කන්ධය මම ය. මගේ ය. මේ මගේ ආත්මය ය යනුවෙන්, ඇති කර ගන්නා මානය අස්ම්මානය යි. තමන් රහත් නොවී රහත් උත්තමයෙක් වී සිටිමි’ යි අධිගම තත්ත්වයක් නොලබා අධිගම තත්ත්වයට පත්වී සිටිමි’යි යන මානය මිච්ඡාමානය නම් වේ. මේ සත් වැදෑරුම් මානයෙන් පසු දැක්වෙන්නේ අට වැදෑරුම් මානය යි.

    අටලෝ දහම වූ ලාභ - අලාභ, අයස - යස, නින්දා - ප්‍රශංසා, සැප - දුක නිසා මානය ඇති වේ. මෙසේ ලාභය නිසා අතිමානයත්, අලාභය නිසා ඕමානයත් (හීන මානයත්) යසස නිසා මානයත් අයස නිසා හීනමානයත් වශයෙන් මෙසේ මානය අට වැදෑරුම් ලෙස දැක්වේ.

    මානයේ නව වැදෑරුම් ස්වරූපය මහා නිද්සේසයෙහි

    1. “මම ශ්‍රේෂ්ඨයාට සමාන වෙමි,

    2. ශ්‍රේෂ්ඨයාට වඩා ශ්‍රේෂ්ඨ වෙමි.

    3. ශ්‍රේෂ්ඨයාට වඩා හීන වෙමි” යි

    ආදී වශයෙන් සෙය්‍යමානය, සම්මානය හා හීනමානය යන අවස්ථාවන් පෙරදැරි කරගත් නවවිධ මානයක් විග්‍රහ කෙරෙයි.

    අවසාන වශයෙන් ජාති, ගෝත්‍ර, කුල, පවුල් පරම්පරාව, පිළිබඳ මානයත්, රූප ස්වභාවය, ධනය, ඉගෙනීම, කර්මාන්තය හෙවත් රැකියාව, ගුරුකුලය - පාසල, විද්‍යාව, බහුශ්‍රැතභාවය, ප්‍රතිභානය, වස්තු හා දේපළ පිළිබඳ ඇති වන්නා වූ මානයත් වශයෙන් මානයන් දස ආකාරයකට දක්වනු ලැබේ.

    සංඛ්‍යාත්මකව විස්තර කෙරෙන මේ මානය මනාව විවරණය වන්නේ තුන් වැදෑරුම් මානයෙනි. අංගුත්තර නිකායේ දැක්වෙන මාන තුනෙහි,

    තමා අනුන්ට වඩා උසස් යැයි සිතමින් උඩඟු බවට පැමිණෙන සෙය්‍යමානය පළමුවැන්නයි. එය අධිමානය වශයෙන්ද හැඳින්වේ. කුලය, නිකාය, ජාතිය, ප්‍රදේශය, පරම්පරාව, ධනය, බලය, යස ඉසුරු, උගත්කම, ශිල්ප බලය, තරුණකම, රූපය, කටහඬ මේ කුමන කරුණක් නිසා හෝ සෙය්‍ය මානය ඇතිවිය හැකිය. සෙය්‍ය මානයේ ආදීනවයන් වන්නේ තමාගේ උසස් බව සිතන තැනැත්තා යුක්ති ධර්මයට, නීතියට, උගත්කමට, මනුෂ්‍යකමට ගරු නොකිරීම නිසා ඔහු සමාජයේ පිළිකුලට ලක්වීම යි. කොතරම් ධනයෙන් බලයෙන් ඉහළ කෙනෙක් වුවත් ඔහු සමාජයෙන් අවමානයට ලක්වෙයි. එය සෙය්‍යමානයේ ආදීනවය යි.

    කෙනෙක් තමා ලැබූ දැනුම ගැන ආඩම්බර විය යුතු නැත. එබඳු මානයකට හේතුවක් නැත. මක්නිසාද යත් අප දැනුම ලබන්නේ තවත් කෙනෙකුගෙනි. ස්වභාව ධර්මය තුළිනි. දැනුම නිසර්ගයෙන් ජනිත දෙයක් නොවේ. ඉබේ හටගත් දෙයක් ද නොවේ. එය මානයට හේතුවක් නොවේ. සාංසාරික වශයෙන් කරුණාවෙන් උගැන්වූ අයෙකුට සසර පුරුද්දෙන් එබඳු දැනුමක් ලැබිය හැකිය. එහෙත් එය ආඩම්බර කාරණයක් නොවේ.

    තමාට වඩා උසස් අය දෙස බලා තමන්ගෙත් ඔහුගෙත් අඩුවක් නැතැයි සංසන්දනය කරමින් සිතීම සදිසි මානයේ ස්වරූපය යි. ඔහු ඒ සඳහා නොයෙක් තර්ක විතර්ක ගෙනහැර දක්වයි. ගරු කළයුත්තාට ගරු නොකරයි. යුක්තියට ධර්මයට හිස නොනමයි. ගුරුවරුන්ට ද වැඩිහිටියන්ටද නොසලකයි.
     
    • Like
    Reactions: kinkon

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    හීනමානය ඇති තැනැත්තා මීට වඩා වෙනස් පසුගාමී මානසිකත්වයෙන් දුක් විඳින කෙනෙකි. ඔහු තමා විසින්ම තමන් පහත්කොට සිතා ගරු නොකළ යුත්තාට ද ගරු කරයි. අයුක්තියට ද හිස නමයි. අධර්මයට එකඟ වෙයි. නොවැඳිය යුතු නොපිදිය යුත්තාටද වඳියි පුදයි. ආත්ම විශ්වාසය ආත්ම ගෞරවය ඔහු නොතකා හරියි. සභාවේදී හැකිලෙයි. එබඳු අයගෙන් සමාජයටත් එම පුද්ගලයාටත් යහපතක් ඇති නොවේ. අසත්‍යය හමුවේ මුනිවත රකින, අධර්මයට යටත්ව සිටින තැනැත්තා හීනමානය ඇති කෙනෙකි. කුලය, බලය, ධනය, උගත්කම, රූපය වැනි කිසියම් කරුණක් හෝ කරුණු කිහිපයක් මේ සඳහා හේතූන් වී ඇත. මෙම මාන තුනම නිවනට බාධාවකි. මෙම මාන තුනෙහි ඇලී ගැළෙන තැනැත්තාට නිවන බොහෝ දුරය.

    "යො ජාතිවාද විනිබද්ධො වා, ගොත්තවාද විනිබද්ධො වා, කුලවාද විනිබද්ධො වා ආරතා තෙ විජ්ජාචරණ සම්පදා"

    මිනිසුන්ගේ සාධු ශීල ගුණයන් හෝ ආධ්‍යාත්මික ගති ලක්ෂණයන් තුළින් මිස කෙනෙකුගේ උසස් පහත් බව මැනිය යුත්තේ ඔහු උපන් ජාති, ගෝත්‍ර, ප්‍රදේශ, භූමි ආදි සම්මතයන් හි පිහිටා හෝ භෞතිකවාදී මිනුම් දඬු මඟින් නොවේ. ජාති මානයට බුදුරදුන් කළ විවේචනයන් අතිශය විද්‍යාත්මක ය. වාසෙට්ඨ, සාමඤ්ඤඵල, කණ්හකත්තල ආදී සූත්‍ර මගින් මේ කරුණු මනාව ප්‍රකට කර ඇත. සත්‍ය වශයෙන් බුදු දහමින් පෝෂණය වූ පුද්ගලයා කිසි කලෙකත් මම උසස් ය යන හැගීමෙන් යුක්ත කෙනෙකු නොවේ. එසේ ම ඔහු තමාගේ උසස් තත්ත්වය අන්‍යයන්ට ප්‍රදර්ශනය කිරීමක් හෝ හුවා දැක්වීමක් ද කරන කෙනෙකු ද නොවේ. එය මේ ත්‍රිවිධ මානයෙන් තොර නිහතමානිත්වයයි. මිනිසා උපතින් මේ සම්මුති ලෝකයේ කිසියම් ජාතියකට සංස්කෘතික කණ්ඩායමකට හෝ කුලයකට අයත්ව සිටියි. ඒ කුලය හෝ ජාතිය සම්මුතියක් මිස පරම සත්‍යයක් නොවේ. බුදුරදුන් බුදුවීම පිළිබඳ පෙරදා දුටු සිහිනය මගින් හෙළි කළේ සතර දෙසින් පියාඹා පැමිණි වර්ණ සතරක කුරුල්ලන් සිව් දෙනෙක් තම පාමුල දී එක් කුරුල්ලකු බවට පත්වූ වගයි. එමගින් සංකේතවත් කළේ විවිධ කුල, ජාති, ගෝත්‍රයන්ගෙන් සංඝ සමාජයට ඇතුළත්වන ශ්‍රාවකයන් එකී ජාති ගෝත්‍ර සියල්ල පසෙක ලා ඒකීය සංඝ සමාජයකට පරිවර්තනය වන බවයි.

    මානය, අවිද්‍යාව හෙවත් මෝහයේ ලක්ෂණයකි. කොතරම් උගතෙකු හෝ බුද්ධිමතකු වුවද මානයෙන් යුක්ත නම් හේ සැබෑ බුද්ධිමතෙක් හෝ ප්‍රඥාවන්තයෙක් නොවන්නේ ය.

    අධි මානය හා හීනමානය මෙන්ම ‘සම මානය’ හෙවත් සදිස මානය ද මානයේ ම අවස්ථාවකි. සදිසි මානි තැනැත්තා අනෙකා සමඟ තම තත්ත්වයන් සසඳා ඔහුත් මමත් එක සමානයි. මම ඔහුට වඩා අමුත්තක් නැහැ. දෙදෙනාම සමානත්වයෙන් සලකා එකිනෙකාට ගෞරව නොකොට හැසිරෙයි. දෙදෙනාම සම මානයෙන් ක්‍රියා කරති. එහිදී ඇති වන්නේ ගැටුම්කාරී තත්ත්වයකි.

    "මානේන මක්කටෝ හෝතී - අතිමානේන කුක්කුරො”

    යනුවෙන් ධර්මයෙහි සඳහන් වන පාළි පාඨයක් වෙයි. එහි තේරුම වන්නේ මානය නැමති අකුසලය සහිත පුද්ගලයා මරණින් මතු වඳුරු ආත්මයේ උත්පත්තිය ලබන බවයි. මානය නැමති අකුසලය වැඩිපුර තිබීම සුනඛ ආත්මයේ උත්පත්තිය ලැබීම පිණිස හේතුවන බව කියවෙයි. මානය මාන්නාධික බව ආදී අකුසල පවතින්නේ මිනිස් මනසෙහිය. මනස විසින් මෙහෙයවනු ලබන පුද්ගලයා කය, වචන දෙකින් පාප කර්ම සිද්ධ කරයි. අකුසල ධර්මය විසින් මෙහෙය වනු ලබන මනස කය, වචන දෙකින් පාප කර්ම සිද්ධ කරවීම කරයි. ඇතැම්විට මානය නැමති අකුසල ධර්මය විසින් මෙහෙය වන ලද මනස පුද්ගලයා කය වචන දෙකෙන් පින් දහම් කිරීම කෙරෙහි ද යොමු කරවනු ලබයි.

    අකුසල් සහගත මාන්නාධිකත්වය පවක් කිරීම කෙරෙහි පුද්ගලයා යොමු කරවීම එතරම් ගැටලු සහගත එකක් නොවුණනත් මානය නැමති අකුසල් මානසිකත්වය පින් කිරීම කෙරෙහි යොමු කරවීම නම් කෙනකුට කිසියම් ගැටලු සහගත බවක් මනසට අරගෙන එන්නකි. අකුසල් මානසිකත්වයෙන් පින් කරන්නේ කෙසේද යන ගැටලුව එයයි. ඇතැම් අය තම මාන්නාධිකකම නිසාම පින් දහම් වලට මුදල් දෙයි. වෙනත් කෙනෙකු කරනු ලබන පින්කමක් දැක එහි කුසල පක්ෂය කෙරෙහි සිත යොමු කරනවාට වඩා මාන්නාධික පුද්ගලයා කල්පනා කරනු ලබන්නේ එකී ක්‍රියාවෙහි දොස් දැකීමයි. ඒ අනුව ඊට වඩා ඉහළින් පින් කමක් එම ස්ථානයේම හෝ වෙනත් ස්ථානයක සිද්ධ කිරීමට ඔහු පෙළඹෙයි. ඒ අනුව කරන පින්කම බාහිර සමාජයට පින්කමක් ලෙස පෙනෙයි. නමුත් අභ්‍යන්තරික වශයෙන් පින්කම කළ තැනැත්තා ගේ මනස පිනින් පිරුණාට වඩා කරගනු ලබන්නේ මනසේ සැඟව තිබූ සිය මාන්නාධික අවශ්‍යතාව පසුරාගැනීමයි. ඔහු හොඳ පින්කමක් කළා යයි සතුටු වන්නේ එම අදහසින්ය.

    නූතන ලෝකයේ ස්ත්‍රිය හා පුරුෂයා අතර සමතත්ත්වයක් සම අයිතිවාසිකමක් ආදිය පිළිබඳව සාකච්ඡා වේ. ‘සමානාත්මතාවය’ ආරක්ෂා විය යුතු බවට උද්ඝෝෂණ ද, ඒ සඳහා ප්‍රඥප්තීන් ද, ජාත්‍යන්තර වශයෙන් සම්මත කර ගෙන ඇත. සියුම් ලෙස පරීක්ෂා කර බලන විට මෙහි ඇත්තේ සම මානයක් මිස සමාන අයිතිය පිළිබඳ කාරණයක් නොවේ. බුදු දහම මෙකී අධිමානය, සම මානය හා හීන මානය යන මාන තුනම එකසේ ප්‍රතික්‍ෂේප කොට ‘නිහතමානය’ අර්ථවත් කරයි. සමව සිතීමත් සම මානයක් නම් එය අහිතකර බැවින් මෙකී මාන තුනම ප්‍රතික්‍ෂේප කොට ‘නිහතමානය’ බුදුසමය අර්ථවත් කරයි. නිහතමානය හා හීනමානය දෙක වරදවා තේරුම් නොගත යුතුය. නිහතමානය යනු ඉහත කී උච්ඡමානය - හීනමානය හා සම මානය යන මාන තුනම නැති බවයි. නිහතමානී තැනැත්තා ලාභ, අලාභ, කීර්ති, ප්‍රශංසා, ධනය, බලය, උගත්කම, කුලය, රූපය පමණක් නොව තම සීලය පිළිබඳව වුවද මාන රහිත කෙනෙකි. කෙනෙක් බහු භාණ්ඩික නොවී අල්පේච්ඡ සරල ජීවිතයක් ඇති නිහතමානී කෙනෙකු ලෙස පෙන්නුම් කරයි නම්, ඒ සඳහා උත්සාහ කරයි නම්, ඔහු එසේ කරන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් නම්, එය මානය පිළිබඳ වංචනික ධර්මයකි. මේ නිසා බුදු දහම ඉතා සියුම් ලෙස මානය හා නිහතමානය විග්‍රහකොට දක්වයි.

    රේරුකානේ චන්දවිමල නාහිමියන් මානයේ වංචනික අවස්ථාවන් ඉතා සියුම් ලෙස පැහැදිලි කර ඇත. ආත්ම ගෞරවයේ වේශයෙන් වංචනික ධර්මයක් සේ මානය ක්‍රියාත්මක වේ. තවත් වරෙක පුණ්‍යකාමතා වශයෙන් ද මානය එළි දක්වයි. කිසිවකු කෙනෙකුට පිහිට නොවන අවස්ථාවක මම පමණක් මෙබඳු දෙයකට මැදිහත් වුණෙමි යන්න ප්‍රකට කිරීමට කෙනෙක් මුලින් ඉදිරිපත් වන්නේ පින් කිරීමට කැමැත්තෙකු ලෙස වුවත් ඇත්ත තත්ත්වය නම් තමා එබඳු දෙයක් කළ ප්‍රථමයා වීමේ මානය නිසා ඔහු ඒ සඳහා ඉදිරිපත් වූ බවයි. මානය කෙතරම් සියුම් එකක් ද යන්න ඉන් පැහැදිලි වේ. එබඳු වංචනික අදහසින් තොරව කෙනෙකුට ප්‍රථමයෙන් ම උපකාර කිරීමට ඉදිරිපත් වන අය ලොව දුර්ලභ බව බුදුරදුන් පෙන්වා දුන්හ. මානය කා කෙරෙහිත් ඇති නමුත් සැම දෙනාම වාගේ කියනුයේ එය අන්‍යයන්ට ඇති බවත් තමන්ට නැති බවත් ය. ඔවුන් එසේ කියනුයේ වංචාවකට නොව තමන්ගේ මානය තමන්ට නොවැටහෙන බැවිනි. නොවැටහෙනුයේ එය නිතර අන්‍යවේශයකින් පළවන බැවිනි.

    දසවිධ සංයෝජන ධර්මයන් අතර එකක් වන මානය කෙනෙකු රහත් වනතුරු ම පවතී. රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන මේවා උද්ධම්භාගි සංයෝජනයෝ වෙති. ඒ සංයෝජන ධර්ම දැඩි වීර්යයෙන්, සතර සම්‍යග්ප්‍රදන් වීර්යෙන් ප්‍රහීණ කළයුතු වේ. ඒ සඳහා උපන් මානය නැති කිරීමට උත්සාහ කළ යුතුය. නූපන් මානය නූපදීම සඳහා උත්සාහ කළ යුතුය. ඒ සඳහා දැඩි වෙහෙසක් ගත යුතුය. සිත දැඩි කරගත යුතුය. මෙකී මානයන් ඇතුළත් සංයෝජන ප්‍රහීණ කිරීමෙන් අභීත්වයට පත්වෙන හේ සසර සියලු මුල් ඉදිරූ, නැවත නූපදින විමුක්තියට පත්වෙයි. මේ නිසා අර්හත්වයට පත්වන තුරු නිදන්ගතව සිටින මානය අප සිතේ සැඟවී සිටින ගැඹුරු ක්ලේශ ධර්මයකි. එය අතිශය උත්සාහයෙන් ප්‍රහීණ කළ යුතුය.

    තෙරුවන් සරණයි..!!!
     
    • Like
    Reactions: kinkon

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    මානය නැමති අකුසලය.

    ඔබලාගේ සිත් වල මානය ඇති උනොත් මරණින් මතු වඳුරන් මෙන්ම, අධි මානය ඇති වුනොත් සුනඛයින් ලෙස නැවත නැවතත් ඉපදෙන්න පුලුවන් බව දන්නෙහි ද?

    (පුහු මානය පිළිබඳ බෞද්ධ චින්තනය දැනගනිමු.)

    අවසාන වශයෙන් ජාති, ගෝත්‍ර, කුල, පවුල් පරම්පරාව, පිළිබඳ මානයත්, රූප ස්වභාවය, ධනය, ඉගෙනීම, කර්මාන්තය හෙවත් , ගුරුකුලය - පාසල, විද්‍යාව, බහුශ්‍රැතභාවය, ප්‍රතිභානය, වස්තු හා දේපළ පිළිබඳ ඇති වන්නා වූ මානයත් වශයෙන් මානයන් දස ආකාරයකට දක්වනු ලැබේ.

    තමා අනුන්ට වඩා උසස් යැයි සිතමින් උඩඟු බවට පැමිණෙන සෙය්‍යමානය පළමුවැන්නයි. එය අධිමානය වශයෙන්ද හැඳින්වේ. කුලය, නිකාය, ජාතිය, ප්‍රදේශය, පරම්පරාව, ධනය, බලය, යස ඉසුරු, උගත්කම, ශිල්ප බලය, තරුණකම, රූපය, කටහඬ මේ කුමන කරුණක් නිසා හෝ සෙය්‍ය මානය ඇතිවිය හැකිය.

    ‍ය්යකො උම්බල මෙහේ අවෙ අපිට වහල කම් කරන්න, බලපන් නුවර එලියෙ තේ දලු කඩන්නේ පර දෙමල්ලු නේ. උම්බලට එහෙම උනේ කලින් ආත්වල නය නිසා. මෙ ආත්මෙත් සල්ලි අරන් තව රටෙ හමොටම නය කාරයො උනා