මානය නැමති අකුසලය.
ඔබලාගේ සිත් වල මානය ඇති උනොත් මරණින් මතු වඳුරන් මෙන්ම, අධි මානය ඇති වුනොත් සුනඛයින් ලෙස නැවත නැවතත් ඉපදෙන්න පුලුවන් බව දන්නෙහි ද?
(පුහු මානය පිළිබඳ බෞද්ධ චින්තනය දැනගනිමු.)
මානය ක්ලේශ ධර්මයකි. එය ආඩම්බරකම යන කෙටි වචනාර්ථයෙන් දැක්විය හැකි වුවත් ඊට වැඩි අර්ථයක් මානයෙහි දක්නට ලැබේ. දෘෂ්ටිය, ලෝභය යන මනෝ භාවයන්ගේ, ක්ලේශයන්ගේ විකල්ප සංකල්පයක් ලෙස ‘මානය’ සැලකිය හැකිය. මානය තුළින් යතාර්ථය දැකීමේ හැකියාව වැසී පවතී. සත්ත්වයා සසර දුකට පත් කරන දස සංයෝජන ධර්මයන්ගෙන් එකක් ලෙස මානය ගැනේ. මානය ප්‍රහීණ වන්නේ අභීත්වයට පත්වූ තැන් සිටයි. එය උද්ධම්භාගිය සංයෝජනය ලෙස සැලකේ. අනාගාමී ආර්ය්‍යයන් වහන්සේ දක්වා මේ මානය අනුශය වශයෙන් මනසේ ලැඟ සිටින බැවින් එය ප්‍රබල සංයෝජනයක් වේ. එබඳු ප්‍රස්තූතයක් ගැන පරීක්ෂා කිරීම සැමට වැදගත් වනු ඇත.
බරක් කිරීමට තරාදියත්, කාලය මැනීමට හෝරා යන්ත්‍රයත්, දිග,පළල මැනීමට කෝදුවත්, ජලය මැනීමට ජල මාපකයත් උපයෝගී කර ගන්නා බැවින් ඒ සියල්ල මානයන් ය. මිනිසාගේ සිතෙහි හටගන්නා වූ උසස්, පහත්, සම යනාදී වශයෙන් අන්‍යයන් හා තත්ත්වයන් මනින මිනුම ‘මානය’ ලෙස සැලකිය හැකිය. මිනිසාගේ ආධ්‍යාත්මය තුළ ඇතිව මෙම මානය නම් වූ මිනුම පුද්ගල සන්තානයෙහි මෙන්ම සමාජ සංස්ථාව තුළද සියලු ආකාරයේ ගැටුම් හා දුක්ඛ, දෝමනස්සයන්ට හේතුවන්නක් බැවින් මානය ප්‍රහීණ කළ යුතු ක්ලේශයකි. සංයෝජන ධර්මයකි.
‘මාන’ යන්න ‘මන්’ ධාතුවෙන් බිඳී ආවකි. උදාරත්වය, උසස් තත්ත්වය උන්නති බව ඇති කර ගැනීමේ ආශාව මානයයි. සියලු දෙනා අතරින් ඉහළට එසවූ කොඩියක් සේ වැජඹීමේ ආශාව මානය යි. මෙය මනෝ විද්‍යාත්මක විග්‍රහයකි. අප මනසට අරමුණක් පැමිණි විට මනස සංසන්දනයකට පෙළඹෙයි. මනස කැළඹීමට ලක් වෙයි. පි‍්‍රය අපි‍්‍රය. සුඛ - දුක්ඛ, තමා හා අන්‍යයන්, යනුවෙන් මැනීමට පෙළඹෙයි. හොඳ යැයි සලකන දේ තමාගේ කර ගැනීමට ආශාව දක්වයි. හැම විට තමා උදාරත්වයෙන් සිටීමට දරන උත්සාහය මානය නම් වේ.
මානය යන්න එක වචනාර්ථයකින් දැක්වීමේදී මානය යනු උඩඟු භාවය යි. සිතෙහි උන්නතිභාවය යි දැක්වේ. (සො උන්නතිභාවො) ආඩම්බර බව, මහන්තත්ත්වය, කුලය, බලය, නිලය, රූපය, තරුණ බව ආදී කවර නම් කාරණයක් පෙරදැරි කර ගන්නාවු මානය එක් වැදෑරුම් මානය ලෙස සැලකේ. එහිදී ඔහු අන්‍යයන් ගැන අවමන් කොට නොසැලකුවත් තමා ගැන තමාම සිතා ආඩම්බරවීමක් දක්නට ලැබෙයි.
දෙවෙනි ව ‘මානය’ පිළිබඳ අදහස දෙ ආකාරයකි. එනම්, තමා තමා ගැන ආඩම්බර වන්නේ අන්‍යයන් පහත් කොට සලකමිනි. එය බුදු දහමේ දක්වෙන්නේ ‘අත්තුක්කංසන, පරවම්භන’ මානය යනුවෙනි. තමා උසස් යැයි අනුන් පහත් යැයි සිතන බැවින් මානයේ දෙවැදෑරුම් ස්වරූපය මින් පැහැදිලි කෙරෙයි.
මානයේ තෙවැදෑරුම් ලක්ෂණයක් ලෙස දැක්වෙන්නේ:
1. සෙය්‍ය මානය:-
තමා අන්‍යයන්ට වඩා උසස් යැයි ඇති මානය.
2. සදිස මානය:-
තමා අන්‍යයන් හා සමානයැයි ඇති මානය.
3. හීන මානය:-
තමා අන්‍යයන්ට වඩා පහත්යැයි ඇති මානය.
මෙහිදී හීන මානය පිළිබඳ වචනාර්ථය පැහැදිලි කිරීමේදී මානයට ආඩම්බරකම යන අර්ථය නොගැළපෙන බවක් පෙනේ. ඒ නිසා මානයට ‘මානය’ යනුවෙන් හැඳින්වීම යෝග්‍ය යනු අපගේ අවබෝධයයි. අභිමානය, සම්මානය, හීනමානය මේ ත්‍රිවිධ මානයන් නිවනට බාධා වන මනෝභාවයන් බැවින් මේ මානයන් ප්‍රහීණ කළ යුතුය.
මානය ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා හා සැප සම්පත් නිසා ද ඇතිවන සිව් වැදෑරුම් මානයක් පිළිබඳවද අටුවාවේ දැක්වෙයි. ලාභය, කීර්තිය, ප්‍රශංසාව හා සැප සම්පත් පෙරදැරි කර ගනිමින් හටගත් සතර ආකාර මානය මින් හෙළි කෙරෙයි.
තවදුරටත් චුල්ලනිද්දේසයෙහි පුද්ගලයාගේ පංචේන්ද්‍රිය මුල් කරගනිමින් මන වඩන රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්පර්ශයන් ලබමින් මෙතරම් ආශ්වාදයත් රසයත් ලබමියි යන මානය නිසා මානය පස් වැදෑරුම් කොට දැක්වෙයි.
මානය සය වැදෑරුම් බව විග්‍රහ කොට දක්වන්නේ චක්ඛුසම්පත්තිය, ඝාන සම්පත්තිය, සොත සම්පත්තිය, ජිහ්වා සම්පත්තිය, කාය සම්පත්තිය හා මනො සම්පත්තිය නිසා උපදින මානය නිසාය.
සත් වැදෑරුම් මානය විශේෂ වශයෙන් පැහැදිලි වන්නකි. එනම්:
1. මානය.
2. අතිමානය.
3. මානාතිමානය.
4. ඕමානය.
5. අධිමානය.
6. අස්මිමානය.
7. මිච්ඡාමානය.
යනුවෙනි. මෙම මාන සත ඇති වන්නේ ජාති, කුල, ගෝත්‍ර වශයෙන් ඇති කර ගන්නා මනෝභාවයන් වශයෙනි. තමාගේ කුලය ගෝත්‍රය වැනි ළාමක කරුණු පිළිබඳව සලකා මානයෙන් කෙනෙක් යුත් අතර සමහර කෙනෙක් මෙම මානයෙන් තද කෙනෙක්ව සිටී. (මානත්තද්ධ) ඒ අතර මානාධික තැනැත්තා කෙසේවත් වෙනස් නොවේ. ඔහු අතිමානි තැනැත්තාට වඩා මානාධිකය. ඕමානය යනු ද මානයකි. ඔහුට ඇත්තේ ආඩම්බර බවේ පහත් ම තත්ත්වයයි. එනම් හීන මානසිකත්වයයි. ඔහු තමා ලැබූ කුල, ධන, ජාති, ගෝත්‍ර, රැකියාව ආදී සියල්ල ගැන පසු තැවේ. තමා අන්‍යයන්ට වඩා පහත් කෙනෙකු ලෙස නිතර සිතයි. එය හීන මානය හෙවත් ඕමානයයි. අධිමානය තමා ලැබූ මානසික දියුණුවක් පිළිබඳ ඇති මානයයි. එයද පුද්ගලයාට අහිතකරය. අස්මිමානය පෘථග්ජන පුද්ගලයාට නිතැතින් පහළවන මානය යි. රූපය මම වෙමි ආදී වශයෙන් පංචස්කන්ධය මම ය. මගේ ය. මේ මගේ ආත්මය ය යනුවෙන්, ඇති කර ගන්නා මානය අස්ම්මානය යි. තමන් රහත් නොවී රහත් උත්තමයෙක් වී සිටිමි’ යි අධිගම තත්ත්වයක් නොලබා අධිගම තත්ත්වයට පත්වී සිටිමි’යි යන මානය මිච්ඡාමානය නම් වේ. මේ සත් වැදෑරුම් මානයෙන් පසු දැක්වෙන්නේ අට වැදෑරුම් මානය යි.
අටලෝ දහම වූ ලාභ - අලාභ, අයස - යස, නින්දා - ප්‍රශංසා, සැප - දුක නිසා මානය ඇති වේ. මෙසේ ලාභය නිසා අතිමානයත්, අලාභය නිසා ඕමානයත් (හීන මානයත්) යසස නිසා මානයත් අයස නිසා හීනමානයත් වශයෙන් මෙසේ මානය අට වැදෑරුම් ලෙස දැක්වේ.
මානයේ නව වැදෑරුම් ස්වරූපය මහා නිද්සේසයෙහි
1. “මම ශ්‍රේෂ්ඨයාට සමාන වෙමි,
2. ශ්‍රේෂ්ඨයාට වඩා ශ්‍රේෂ්ඨ වෙමි.
3. ශ්‍රේෂ්ඨයාට වඩා හීන වෙමි” යි
ආදී වශයෙන් සෙය්‍යමානය, සම්මානය හා හීනමානය යන අවස්ථාවන් පෙරදැරි කරගත් නවවිධ මානයක් විග්‍රහ කෙරෙයි.
අවසාන වශයෙන් ජාති, ගෝත්‍ර, කුල, පවුල් පරම්පරාව, පිළිබඳ මානයත්, රූප ස්වභාවය, ධනය, ඉගෙනීම, කර්මාන්තය හෙවත් රැකියාව, ගුරුකුලය - පාසල, විද්‍යාව, බහුශ්‍රැතභාවය, ප්‍රතිභානය, වස්තු හා දේපළ පිළිබඳ ඇති වන්නා වූ මානයත් වශයෙන් මානයන් දස ආකාරයකට දක්වනු ලැබේ.
සංඛ්‍යාත්මකව විස්තර කෙරෙන මේ මානය මනාව විවරණය වන්නේ තුන් වැදෑරුම් මානයෙනි. අංගුත්තර නිකායේ දැක්වෙන මාන තුනෙහි,
තමා අනුන්ට වඩා උසස් යැයි සිතමින් උඩඟු බවට පැමිණෙන සෙය්‍යමානය පළමුවැන්නයි. එය අධිමානය වශයෙන්ද හැඳින්වේ. කුලය, නිකාය, ජාතිය, ප්‍රදේශය, පරම්පරාව, ධනය, බලය, යස ඉසුරු, උගත්කම, ශිල්ප බලය, තරුණකම, රූපය, කටහඬ මේ කුමන කරුණක් නිසා හෝ සෙය්‍ය මානය ඇතිවිය හැකිය. සෙය්‍ය මානයේ ආදීනවයන් වන්නේ තමාගේ උසස් බව සිතන තැනැත්තා යුක්ති ධර්මයට, නීතියට, උගත්කමට, මනුෂ්‍යකමට ගරු නොකිරීම නිසා ඔහු සමාජයේ පිළිකුලට ලක්වීම යි. කොතරම් ධනයෙන් බලයෙන් ඉහළ කෙනෙක් වුවත් ඔහු සමාජයෙන් අවමානයට ලක්වෙයි. එය සෙය්‍යමානයේ ආදීනවය යි.
කෙනෙක් තමා ලැබූ දැනුම ගැන ආඩම්බර විය යුතු නැත. එබඳු මානයකට හේතුවක් නැත. මක්නිසාද යත් අප දැනුම ලබන්නේ තවත් කෙනෙකුගෙනි. ස්වභාව ධර්මය තුළිනි. දැනුම නිසර්ගයෙන් ජනිත දෙයක් නොවේ. ඉබේ හටගත් දෙයක් ද නොවේ. එය මානයට හේතුවක් නොවේ. සාංසාරික වශයෙන් කරුණාවෙන් උගැන්වූ අයෙකුට සසර පුරුද්දෙන් එබඳු දැනුමක් ලැබිය හැකිය. එහෙත් එය ආඩම්බර කාරණයක් නොවේ.
තමාට වඩා උසස් අය දෙස බලා තමන්ගෙත් ඔහුගෙත් අඩුවක් නැතැයි සංසන්දනය කරමින් සිතීම සදිසි මානයේ ස්වරූපය යි. ඔහු ඒ සඳහා නොයෙක් තර්ක විතර්ක ගෙනහැර දක්වයි. ගරු කළයුත්තාට ගරු නොකරයි. යුක්තියට ධර්මයට හිස නොනමයි. ගුරුවරුන්ට ද වැඩිහිටියන්ටද නොසලකයි.