මානව ඉතිහාසයේ ප්‍රථම නීති සංග්‍රහය
"මානව ශිෂ්ටාචාරයේ තොටිල්ල"" ලෙසින් සැලකෙන මෙසපොටේමියානු ශිෂ්ටාචාරය වසර 6000 ක (ක්‍රි. පූ. 4000) පමණ ඉතිහාසයකට උරුමකම් කියන බවට ඇතැම් පුරාවිද්‍යාඥයෝ මෙන්ම ඉතිහාසඥයෝ ද විශ්වාස කරති. ඉතිහාසය මුළුල්ලේම ඉතාමත් සරුසාර භූමියක් වන වයඹ දිග ආසියාවේ යුප්‍රටීස් ටයිග්‍රීස් නදී (දෙගංමැදි) භූමිය කැපී පෙනේ. මෙසපොටේමියානු ශිෂ්ටාචාරය ගොඩනැගෙනුයේ මෙම සුවිශේෂී භූමිය පාදක කරගෙනය. මෙසපොටේමියා යන ග්‍රීක වචනවල අර්ථය ""ගංගා දෙකක් මැද රට"" යන්න බව ඉතිහාසඥ එඩ්මන්ඩ් ඒ බ්‍රවුන් පවසයි.
සහස්ර 06 කට ආසන්න කාලය තුළ විවිධාකාර ජන වර්ග මේ අපූරු භූමිය ආක්‍රමණය කිරීමත්, පාලනය කිරීමත් සිදුවිණි. අවසානයේදී එම භූමිය ආක්‍රමණය කිරීමට සමත් වූවෝ යුරෝපීයයෝය. ඒ සියලු දෑ මැද වුවද මෙසපොටේමියාව මානව ශිෂ්ටාචාරයේ තොටිල්ලමය. එයට අභියෝග කිරීමට කිසිවකුටත් නොහැකිය.
මෙසපොටේමියානු ඉතිහාසයේ විශිෂ්ටතම යුගයක් ලෙසට සැලකෙනුයේ බැබිලෝනියානුවන් ගේ පාලන යුගයයි. විශේෂයෙන්ම හම්මුරාබි රාජ පාලන සමය ඒ අතර කැපී පෙනේ. මෙසපොටේමියාව හා අවට රටවල විවිධ ජන වර්ග හම්මුරාබි පාලන සමයේදී බැබිලෝනියානු රාජ්‍ය තුළ දිවි ගෙවූහ. එකී විවිධාකාර ජනවර්ග සතුව පැවැති විවිධාකාර සම්ප්‍රදායන් නීති රීති ක්‍රමානුකූලව එක්තැන් කරමින් පොදු නීති මාලාවක් නිර්මාණය කිරීමට හම්මුරාබි සමත් විණි. එහිදී කෘෂිකර්මය, ව්‍යාපාර, ආගමික, රාජ්‍ය පාලනය සහ සාමාන්‍ය ජීවන රටාවට අදාළ සම්ප්‍රදායන් නීතිරීති එක් කිරීමට සමත්වීම හම්මුරාබි රජුගේ සුවිශේෂත්වයයි.
එහිදී විශේෂයෙන් සුමේරියානු ජනයාගේ (ක්‍රි. පූ. 3500 ප්‍රථම ශිෂ්ටාචාරයකි) සම්ප්‍රදායික නීති රීති ප්‍රධාන වශයෙන් දායක කරගෙන තිබේ.
අඩි 8 ක් උසින් යුත් ශිලාමය පුවරුවක සිය අපූරු නීති පද්ධතිය (HAMMURABI'S CODE) සටහන් කිරීමට හම්මුරාබි රජු කටයුතු කර තිබීමත් සුවිශේෂ කාරණයකි. ඔහුගේ රාජධානියේ අග නගරයවූ බැබිලන් හි එම ශිලාමය පුවරුව සුරක්ෂිතව ස්ථාපිත කළේය. එවක බැබිලෝනියානුවන් වැඳුම් පිඳුම් කළ ""මාර්ඩුක්"" දෙවියාගේ ප්‍රධාන දේවස්ථානය භූමියේ එම ශිලාමය පුවරුව ස්ථාපිත කිරීමට තෝරා ගැනීමත් තවත් සුවිශේෂ කාරණයකි. හම්මුරාබි පාලන සමයේදී ආගමට ලබාදී තිබූ ප්‍රමුඛත්වය මෙන් ම ජනතාව විශාල වශයෙන් රැස්වන ස්ථානය වශයෙනුත් එම දේවස්ථානයට ප්රමුඛත්වයක් ලැබී ඇති බව එම ස්ථානය තෝරා ගැනීම තුළින් අනාවරණය කෙරේ.
වසර 4000 කට පසුව හම්මුරාබි රජුගේ අපූර්වතම නිර්මාණය සොයා ගැනීමට ප්‍රංශ ජාතික පුරාවිද්‍යාඥයින් පිරිසක් සමත් වූයේ පර්ෂියාවේ (වත්මන් ඉරානයේ) සූසා නගරයේ සිදු කළ කැණීම් මගිනි. එම ශිලාමය පුවරුව පිරිසිදු කර නීති එකතුව කියවා නූතන භාෂාවට පරිවර්තනය කිරීමට කටයුතු කිරීමට ප්‍රංශ පුරාවිද්‍යාඥයෝ සමත්වූහ. එම සොයා ගැනීම මගින් එම යුගයේදී මානව ශිෂ්ටාචාරයේ ඉහළම අවධියකට ළඟා වී සිටි අයුරු ඉන් අනාවරණය වේ. එය බැබිලෝනියාවේ සිට සූසා වෙත රැගෙන ආ ක්‍රමය මෙතෙක් අනාවරණයවී නැත.
හම්මුරාබි එමගින් නීතිරීති 300ක් පමණ හඳුන්වා දී තිබේ. එමගින් සෑම වරදකටම අදාළව දඬුවමක් ද හඳුනවාදීම හම්මුරාබි නීති මාලාවේ සුවිශේෂත්වයයි. ඒ දක්වාම මානව ශිෂ්ටාචාරයේ රජු දෙවියන් ලෙසින් හෝ දේවනියෝජිතයකු ලෙසින් සැලකීම නිසා රජුගේ වචනය නීතිය ලෙසට සැලකිනි. නමුත් ඒ දක්වා ඉතිහාසායේ ප්‍රථම වරට ලි�තව නීති පද්ධතියක් ජනතාවට හඳුන්වාදීම හම්මුරාබි රජුගේ සුවිශේෂත්වයයි.
පද්ධතිය මගින් අපරාධ සඳහා හඳුන්වා දී ඇති දඬුවම් නූතන මිනිසාගේ කනට නුහුරු අගෝචර විය හැකිය. ගෙවල් බිඳීමට ලබාදී ඇත්තේ මරණ දඬුවමය. එම මරණ දඬුවම ලබාදී ඇත්තේ සොරකම් කළ නිවස ඉදිරිපිට වළ දැමීම මගින් බව ටී. ඔල්ම්ස්ටඩ් සිය (HISTORY OF ASSYRIA) කෘතියේ දක්වයි.
කිසියම් ශල්‍ය වෛද්‍යවරයකු රෝගියකුට ශල්‍යකර්මයක් සාර්ථකව සිදු කළ හොත් රෝගියා විසින් වෛද්‍යවරයාට කිසියම් ගෙවීමක් කළ යුතුය. නමුත් වෛද්‍යවරයාගේ ශල්‍යකර්මය අසාර්ථක වුවහොත් හෝ රෝගියා මරණයට පත්වුවහොත් වෛද්‍යවරයාගේ දෑත් කපා දැමීම සිදු කළ යුතුය. හම්මුරාබි හඳුන්වා දුන් බොහෝ නීතිවලට ඇසට ඇසක් හෙවත් පලිගැනීම මූලධර්මයක් ලෙසට පාදක වී ඇති බවක් පෙනෙන බව ඇතැම් ඉතිහාසඥයෝ පවසති. එමෙන්ම සෑම දඬුමක්ම, දඩයක් ම අපරාධය කිරීමට මුල් වූ පුද්ගලයාගේ තරාතිරමට සාපේක්ෂව නියම කර තිබීමත් තවත් සුවිශේෂත්වයකි.
කිසියම් පුද්ගලයකු ධනවත් හෝ කුලවත් පුද්ගලයකුගේ ඇසකට හෝ පාදයකට හානි කළහොත්, දඬුවම වශයෙන් එය සිදු කළ පුද්ගලයාගේ ඇස ඉවත් කිරීම හෝ කකුළ බිඳීම ක්‍රියාත්මක විණි.
එහෙත් ධනවත් හෝ කුලවත් පුද්ගලයකු දිළිඳු කුලහීන පුද්ගලයකුගේ ඇසක් හෝ කකුළක් අහිමි කළහොත්, දඬුවම ද සුළු දඩ මුදලක් අයකිරීම වූ නමුත්, කුලහීන අයෙකු සොරකමක් සිදු කළ අවස්ථාවක එම වටිනාකම මෙන් තිස් ගුණයක් (30) ගෙවීම දඬුවම වීමත් කැපී පෙනෙන කාරණයකි. නමුත් එකී දඬුවම වන දඩය ගෙවීමට අපොහොසත් වුවහොත් කුලීන, කුලහීන භේදයකින් තොරව දඬුවම මරණයම වීමත් තවත් සුවිශේෂ කාරණයකි.
තවත් සුවිශේෂ නීතියක් වනුයේ මං පහරන්නකු කිසියම් මාර්ගයක මං පැහැරීමක් සිදු කළ අවස්ථාවේ මංකොල්ලකරු අල්ලා ගැනීමට අදාළ අපරාධයට ගොදුරු වූ මගියා අපොහොසත් වුවහොත්. අදාළ අලාභය පියවීම සිද්ධිය වූ ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයා විසින් කළ යුතුය යන්නය.
හම්මුරාබි යුගය මෙසපොටේමියානු ශිෂ්ටාචාරයේ පළමු අදියර ලෙසින් විද්වත්හු සලකති. එම නීති මාලාව ක්‍රියාත්මක වූ යුගය ලෙසින් ක්‍රි. පූර්ව 3000 සිට ක්‍රි. පූර්ව 1000 දක්වා වකාවනුව සැලකේ.
එම සහස්ර දෙකක කාලය තුළ නීති ක්ෂේත්රයේ පමණක් නොව වාණිජ කලා ශිල්ප ක්ෂේත්රයන්හි පවා සුවිශේෂ වර්ධනයක් සිදු විණි.
Divaina News Paper